BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

ඊශ්‍රායලය දකුණු බීරුත් හි හිස්බුල්ලා අවි ගබඩාවකට පහර දෙයි

T

The Leader Desk

October 20, 2024 • 6:30 AM

ඊශ්‍රායලය දකුණු බීරුත් හි හිස්බුල්ලා අවි ගබඩාවකට පහර දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ දකුණු බීරුත් හි හිස්බුල්ලා අවි ගබඩා සංකීර්ණයක් වෙත ඊයෙත් (19) ඊශ්‍රායලය දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළේය. උතුරු ඊශ්‍රායලය වෙත ලෙබනන රොකට් ප්‍රහාරයක් එල්ල වීමත් සමග, එම පහර දීම සිදු විය.
  •     ලෙබනනයේ සිට දියත් කෙරුණු ඉරාන ඩ්‍රෝන ප්‍රහාරක යානා තුනක් ඊයේ, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ බිරිය සොයා ඊශ්‍රායලයට ඇතුළු විය.
  • අනෙක් යානා දෙක එරටට ඉහළ අහසේදී සාර්ථකව විනාශ කළ බව ඊශ්‍රායල හමුදා පවසති.
  • ප්‍රහාරයෙන් හානියක් සිදු වී නැතැයි ඊශ්‍රායලය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රදේශයෙන් වහා ඉවත්වන ලෙස මහජනතාව වෙත සිදු කෙරුණු කෙටි දැනුම්දීමකින් අනතුරුව, ඊශ්‍රායල ගුවන් හමුදා බීරුත් වෙත පිට-පිට ප්‍රහාර එල්ල කළ  බව රොයිටර්ස් හා අල්ජසීරා පුවත් සේවා වාර්තා කළහ.  

 

ලෙබනනයේ සිට දියත් කෙරුණු ඉරාන ඩ්‍රෝන ප්‍රහාරක යානා තුනක් ඊයේ, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ බිරිය සොයා ඊශ්‍රායලයට ඇතුළු විය. ඉන් එක් යානයක් උතුරු ඊශ්‍රායලයේ කැසරියා (Caesarea) හි පිහිටි ඔහුගේ පුද්ගලික නිවාඩු නිකේතනයකට කඩා වැදිණි. අනෙක් යානා දෙක එරටට ඉහළ අහසේදී සාර්ථකව විනාශ කළ බව ඊශ්‍රායල හමුදා පවසති. ප්‍රහාරයෙන් හානියක් සිදු වී නැතැයි ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල අගමැතිවරයා හමාස් නායක ඝාතනය ජාත්‍යන්තරයට දැනුම් දෙයිඊශ්‍රායල අග්‍රාමාත්‍ය

 

"සිදු කෙරුවේ විශාල අත්වැරැද්දක් බව සිහි කැඳවා ගන්නැ"යි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය සතුරු පාර්ශ්වයන්ට දැන්වීය. ඊශ්‍රායලය, ඉරානයට, අභිමත මොහොතේ පහර දීමේ චේතාන්විතව පසුවෙයි.

මේ අතර, ගාසා තීරයේ වෙරළබඩ ප්‍රදේශ ඉලක්ක කර ඊයේ එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් 100කට අධික පලස්තීනුවන් පිරිසක් මියගොස් ඇතැයි, හමාස් මාධ්‍ය පැවසීය. සාමාන්‍ය පිරිස් අතර සැඟව සිට ප්‍රහාර එල්ල කරන හමාස් ත්‍රස්තයින් සොයා, එහි රෝහල් තුනක  දැඩි ඊශ්‍රායල සෝදීසි මෙහෙයුම් ද ක්‍රියාත්මකය.

ළඟ එන ඇමෙරිකානු ජනපතිවරණය හමුවේ, සිය දේශ සීමා ආරක්ෂාව තරකරනුවස්, ඊශ්‍රායලය ගාසා තීරයේ සහ ලෙබනනයේ සිය හමුදා ක්‍රියාන්විත තවදුරටත් ව්‍යාප්ත කරමින් සිටී. විසිරී ඇති හමාස් සංවිධානය යළි ඒකරාශී වීම වැළක්වීම එහි ප්‍රධාන අපේක්ෂාවයි. 

 

සින්වාර් ඝාතනය : 'ඊශ්‍රායලයට එරෙහි සටනට නව ජවයක් දෙනවා' - හිස්බුල්ලා ගුගුළයිඝාතනය වූ හමාස් නායක සින්වාර්
ඊයේ, ඊශ්‍රායලය දකුණු ගසා තීරයේ, ගුවන් මගින් අත් පත්‍රිකා තොගයක් විසුරුවා හැරීමටද කටයුතු කළේය. ඝාතනය වූ හමාස් නායක සින්වාර්ගේ රුව රැගත් එම අත් පත්‍රිකා මත, "ගාසා තීරය තව දුරත් හමාස් යටතේ පාලනය නොවේ" යනුවෙන් සඳහන්ව තිබු බව රොයිටර්ස් පවසයි. 

ඊයේ පස්වරුවේ උතුරු ගාසාහි මහල් ගොඩනැගිල්ලක් වෙත එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයෙන් පමණක් 73 දෙනකුට අධික පරිසක් ඝාතනය ව, තවත් පුද්ගලයින් රැසක් තුවාළ ලබා ඇතැයි එහි සෞඛ්‍ය බලධාරීහු පවසති.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Israel pounds Beirut and Gaza after rockets hit Israel's north


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...