BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

වැටි වැටි පණ ගහන කියුබාවේ බලශක්ති පද්ධතිය

T

The Leader Desk

October 20, 2024 • 10:52 AM

වැටි වැටි පණ ගහන කියුබාවේ බලශක්ති පද්ධතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇද වැටුණු ජාතික බලශක්ති පද්ධතිය යථාවත් කිරීමේ පියවර හමුවේ, ඊයේ (19) සන්ධ්‍යාව වන විට සමස්ත ජනගහනයෙන් පහෙන් එකකට යළි විදුලිය සැපයීමට හැකි වූ බව කියුබාව පවසයි.
  • ඒ අනුව, ඉකුත්  පැය 24 තුළ මිලියන ගණනක ජනගහනය අඳුරේ ගිල්වමින් කොමියුනිස්ට් රාජ්‍යයේ ජාතික විදුලි බල සැපයුම පිට පිට දෙවතාවක් ඇද වැටිණි.
  •    බිඳ වැටුණු බලශක්ති පද්ධතියේ ප්‍රතිසංස්කරණ ආරම්භ වුවද, එය ඉතා සෙමෙන් සිදුවන බව එරට විදුලි සම්පාදන ප්‍රධානී  ලසාරෝ ගුවේරා (Lazaro Guerra) පැවසීය.
  • අනිසි කඩිනම් කිරීමේ වෑයම්, යළි සමස්ත අඩාල වීමකට හේතු විය හැකි බැවින්, මේ මොහොතේ ඉවසා දරා සිටින ලෙස ඔහු සියලු දෙනාගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දිගු කාලීන නොසැලකිල්ල මත, එරට ජාතික බලශක්ති පද්ධතිය පසුගිය සිකුරාදා (18) මුළු මනින්ම බිඳ වැටිණි. 

ප්‍රතිසංස්කරණ පියවර ඔස්සේ, එය පණගැන්වීමට උත්සාහ ගත්තද, එම මුල් ප්‍රයත්නයේදීම ඊයේ එය යළි බිඳ වැටිණි. ඒ අනුව, ඉකුත්  පැය 24 තුළ මිලියන ගණනක ජනගහනය අඳුරේ ගිල්වමින් කොමියුනිස්ට් රාජ්‍යයේ ජාතික විදුලි බල සැපයුම පිට පිට දෙවතාවක් ඇද වැටිණි. ඒ සමග, කියුබාව පුරා සියලු කටයුතු ද ඇණහිටිණි.   

බිඳ වැටුණු බලශක්ති පද්ධතියේ ප්‍රතිසංස්කරණ ආරම්භ වුවද, එය ඉතා සෙමෙන් සිදුවන බව එරට විදුලි සම්පාදන ප්‍රධානී  ලසාරෝ ගුවේරා (Lazaro Guerra) පැවසීය. අනිසි කඩිනම් කිරීමේ වෑයම්, යළි සමස්ත අඩාල වීමකට හේතු විය හැකි බැවින්, මේ මොහොතේ ඉවසා දරා සිටින ලෙස ඔහු සියලු දෙනාගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කළේය. අද දින නිමා වන විටත්, සියළු සබඳතා යථාවත් කළ හැකිදැයි  සැක සහිත බවත්, එහෙත්, පද්ධතිය පිළිසකර කිරීමේ ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කරන බවත්, ඔහු ප්‍රකාශ කළේය. ඊයේ සන්ධ්‍යාව වන විටත්, හවානා අගනුවර වැඩි කොටසක් අන්ධකාරයේ පැවතිණි.

කියුබාව, ළඟ එන ඔස්කාර් (Oscar) සුළි කුණාටුවට මුහුණ දීමේ පෙර සූදානමක ද පසුවේ. ඒ අබියස, ඊයේ, එරට බොහෝ පෙදෙස් වෙත  තද සුළං  සහ අධික වැසි  බලපා  තිබූ බව, රොයිටර්ස් පුවත් පැවසීය. ඉදිරි දින කිහිපය තුළ, සුළි කුණාටුව, ඊශානදිග කියුබාවට වඩාත් තදින් බලපානු ඇතැයි කාලගුණ බලධාරීහු පවසති. 

ඉකුත් සිකුරාදා, එරට විශාලතම ජනන පද්ධතිය නතරවීමත් සමග කියුබාවේ, ජාතික බලශක්ති පද්ධතිය මුළුමනින්ම බිඳ වැටිණි. බලශක්ති උත්පාදනයට අවශ්‍ය ඉන්ධන පිරිමසා ගැනීම පිණිස, දිවයින පුරා වැඩබිම්හි අත්‍යවශ්‍ය නොවන සේවක පිරිස් වහා නිවෙස්කරා යැවීමට සහ පුරා සියලු පාසල් හදිසියේ වසා දැමීමට කොමියුනිස්ට් රජයට සිදුවිය. කැරිබියන් දිවයින් රාජ්‍යයක් වන කියුබාවේ, ජනගහනයක මිලියන 10කි.  

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Cuba restores power to one-fifth of population after nationwide blackouts


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැටි වැටි පණ ගහන කියුබාවේ බලශක්ති පද්ධතිය | The Leader