දෙකක් පිටවී තිබේ.
ඒ සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එක්සත් ජනපදය කියයි.
එම ලේඛන නීත්‍යනුකූල සහ රාජ්‍ය බුද්ධි තොරතුරු අඩංගු ඒවා බව එක්සත් ජනපද නිලධාරියෙක් ප්‍රකාශ කළේ යයි, ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය අද වාර්තා කළේය.
එසේ පිට වී ඇත්තේ, එක්සත් ජනපද භූ තොරතුරු බුද්ධි ඒජන්සිය සහ ජාතික ආරක්ෂක ඒජන්සිය ට පමණක් පිවිසිය හැකි රහස්‍ය ලේඛන දෙකකි.
ඉරානයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ නිශ්චිත සැලසුම් මෙන්ම, ඒ සඳහා ඊශ්‍රායලය සිය හමුදා යාන්ත්‍රනය ස්ථාන ගතකිරීමට අදාල තොරතුරු එහි ඇතුළත් බව වාර්තා වේ.
මෙම මස 01 වැනි දින ඉරානය විසින්, ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද 180 ක ට අධික බැලස්ටික් මිසයිල ප්‍රහාරයට දැඩි පිළිතුරු පහර එල්ල කිරීමට ඊශ්‍රායලය අපේක්ෂාවෙන් පසුවේ. ඉරානය විසින් එල්ල කරන ලද මූලික ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, නවසීලන්තය සහ ඕස්ට්‍ර්ලියාව ද දැඩි කනස්සල්ල පල කර තිබේ.
අතිශය රහස්‍ය ඊට අදාළ තොරතුරු ටෙලිග්‍රැම් සමාජ මාධ්‍ය යෙදුම ඔස්සේ අනාවරණය වීමත් සමග, ඇමෙරිකානු සී.එන්.එන්. (CNN ) පුවත් සේවය, ඒ පිලිබඳ වාර්තා කළේය.
ඒ අනුව, එම රහස්‍ය ලේඛන පිට වූ ආකාරය, එමගින් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පිණිස, එක්සත් ජනපද බුද්ධි අංශවල සම්බන්ධයක් පවතීද යන්න සහ කිසියම් ආරක්ෂක වෙබ් අඩවියක් හැකර් ප්‍රහාරයකට ලක්වීමෙන් තොරතුරු පිටවී ඇද්ද යන්න සොයා ඇමෙරිකානු විමර්ශන ක්‍රියාත්මකය. ඒ ඔස්සේ, එරට සතු වෙනත් රාජ්‍ය රහස් පිටවී ඇද්දැයි සොයා බලන බවද, නම සඳහන් කිරීමෙන් වැළකී සිටි රාජ්‍ය නිලධාරියකු පැවසූ බව, ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රකාශ කරයි.
එම රහස්‍ය ලේඛන පිට වීමට පෙරාතුව, ඒවාට පිවිසීමේ අනුමැතිය ලත් නිලධාරීන් පිලිබදව ද, වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
හමාස් නායක සින්වාර් ඝාතනයත් සමග එහි වැඩි වාසිය ඊශ්‍රායලය සතුව පවත්වාගනිමින්,ගාසා තීරයේ වහා සටන් විරාමයකට යන ලෙස, එක්සත් ජනපදය, නෙතන්යාහු රජයෙන් උදක්ම ඉල්ලා සිටියේය.
කලාපීය යුද්ධයක් දක්වා ව්‍යාප්ත වන තෙක් නොසිට, උතුරු ලෙබනනයේ හමුදා ක්‍රියාන්විත හැකිතාක් අඩපණ කරන ලෙසද එමගින්, එක්සත් ජනපදය, ඊශ්‍රායලය වෙත දන්වා සිටියේය. එහෙත්, ඉරාන මිසයිල ප්‍රහාරයට මුනිවත රැකීම සිය පිළිවෙත නොවන බව ඊශ්‍රායලය පුන පුනා කියා සිටි අතර, ප්‍රති ප්‍රහාර පිලිබඳ සපථ කළේය.
ඊට අදාළ සැලසුම් අඩංගු රහස්‍ය ලේඛන පිට වීම සම්බන්ධයෙන් තමන් මේ වන විට දැනුවත් ව ඇතැයි, ඒ පිලිබඳ විශේෂ සඳහනක් කරමින් පෙන්ටගනය ප්‍රකාශ කරයි. එහෙත්, ඊශ්‍රායලය මෙතෙක්, ඒ ගැන කිසිත් ප්‍රකාශ කර නොමැත.
මාර්ගගත ක්‍රම ඔස්සේ, එම බුද්ධි තොරතුරු මුලින්ම සම්ප්‍රේෂණය වූයේ ඉකුත් සිකුරාදා (18) බව අනාවරණය වී තිබේ.
එදින, බර්ලිනයේ කළ සංචාරයකින් අනතුරුව, ඇමෙරිකානු ජනපති, ජෝ බයිඩන්, මාධ්‍යවේදීන් අමතා, ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කරන ආකාරය සහ නිසි දින වකවානු පිලිබඳ තමන් දැනුවත් යැයි ප්‍රකාශ කළේය.
ඊට පිළිතුරු දෙමින්, ඊශ්‍රායලය, ඉරානයට පහර දෙන්නේ කවදා, කෙසේ දැයි තොරතුරු වසන් කරන සියලු රටවල් ඊට වන්දි ගෙවීමට සූදානම් වන්නැයි, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි (Abbas Araqchi) ඊයේ (19) එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා යැවීය.
(APඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
The US is investigating an unauthorized release of classified documents on Israel's attack plans
ඉරානයට ගහන හැටි ගැන රහස් පිටවෙලා
T
The Leader Desk
October 20, 2024 • 4:15 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ සූදානම හා ඊට අදාළ සැලසුම් සම්බන්ධ, ඇමෙරිකාව සතු අතිශය රහස් ලේඛන
- එම ලේඛන නීත්‍යනුකූල සහ රාජ්‍ය බුද්ධි තොරතුරු අඩංගු ඒවා බව එක්සත් ජනපද නිලධාරියෙක් ප්‍රකාශ කළේ යයි, ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය අද වාර්තා කළේය.
- එසේ පිට වී ඇත්තේ, එක්සත් ජනපද භූ තොරතුරු බුද්ධි ඒජන්සිය සහ ජාතික ආරක්ෂක ඒජන්සිය ට පමණක් පිවිසිය හැකි රහස්‍ය ලේඛන දෙකකි.
- ඉරානයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ නිශ්චිත සැලසුම් මෙන්ම, ඒ සඳහා ඊශ්‍රායලය සිය හමුදා යාන්ත්‍රනය ස්ථාන ගතකිරීමට අදාල තොරතුරු එහි ඇතුළත් බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


