BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

යහ්යා සින්වර් ඝාතනයෙන් පසු හමාස් සංවිධානය මෙහෙයවන්නේ කවුද?

T

The Leader Desk

October 21, 2024 • 6:46 AM

යහ්යා සින්වර් ඝාතනයෙන් පසු හමාස් සංවිධානය මෙහෙයවන්නේ කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යහ්යා සින්වර් වෙනුවට අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමට හමාස් නායකයින් නැවත වරක් රැස්වනු ඇත
  • සින්වර්ගේ නියෝජ්‍ය නායකයා සහ ගාසා තීරයෙන් පිටත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඛලීල් අල්-හයියා ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස සැලකෙන බව නිලධාරීහු පවසති.
  •   ඉස්මයිල් හනියේ ටෙහෙරාන්හිදී හිටපු නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමෙන් මාස දෙකකට පසුව, ඊශ්‍රායලයට වඩාත් ම අවශ්‍ය කර සිටි පුද්ගලයා වූ සින්වර්ගේ අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමට හමාස් නායකයන් නැවත වරක් රැස්වනු ඇත.
  • ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, සින්වර් ඔක්තෝබර් 7 ප්‍රහාරයේ නිර්මාතෘවරයා වූ අතර, ඔහු හමාස් නායකත්වයට පත් කිරීම ඊශ්‍රායලයට එරෙහි නිර්භීත පණිවිඩයක් ලෙස අදහස් කළ බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පසුගිය බ්‍රහස්පතින්දා ඝාතනය කළ බව තහවුරු වූ හමාස් නායක යහ්යා සින්වර්ගේ අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීම සඳහා ඉතා ඉක්මනින් සාකච්ඡා ආරම්භ කරන බව හමාස් නිලධාරීන් දෙදෙනෙක් බීබීසීයට පැවසූහ.

සින්වර්ගේ නියෝජ්‍ය නායකයා සහ ගාසා තීරයෙන් පිටත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඛලීල් අල්-හයියා ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස සැලකෙන බව නිලධාරීහු පවසති.

කටාර්හි සිටින අල්-හයියා, දැනට හමාස් කණ්ඩායම සහ ඊශ්‍රායලය අතර සටන් විරාම සාකච්ඡා සඳහා නායකත්වය දෙන අතර ගාසා තීරයේ තත්ත්වය පිළිබඳ ගැඹුරු දැනුමක්, සම්බන්ධතාවක් සහ අවබෝධයක් සහිත අයෙකි.

 

ඉස්මයිල් හනියේ
ටෙහෙරාන්හිදී හිටපු නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමෙන් මාස දෙකකට පසුව, ඊශ්‍රායලයට වඩාත් ම අවශ්‍ය කර සිටි පුද්ගලයා වූ සින්වර්ගේ අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමට හමාස් නායකයන් නැවත වරක් රැස්වනු ඇත.


ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, සින්වර් ඔක්තෝබර් 7 ප්‍රහාරයේ නිර්මාතෘවරයා වූ අතර, ඔහු හමාස් නායකත්වයට පත් කිරීම ඊශ්‍රායලයට එරෙහි නිර්භීත පණිවිඩයක් ලෙස අදහස් කළ බව ය.

ජූලි මාසයේ සිට සටන් විරාම සාකච්ඡා ඇණහිට ඇති අතර බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ, සින්වර්ගේ නායකත්වය ඕනෑ ම සටන් විරාම ගිවිසුමකට සැලකිය යුතු බාධාවක් වූ බව ය.

 

345fsයහ්යා සින්වර්
සින්වර් ඝාතනයට ලක් වුව ද, සටන් විරාමයක් පිළිගැනීම සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සිය කොන්දේසි වෙනස් වී නැති බව හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට යළිත් අවධාරණය කළේය.

ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම, සතුරුකම් අවසන් කිරීම, මානුෂීය ආධාර හුවමාරු කිරීම සහ යුද්ධයෙන් විනාශ වූ භූමිය ප්‍රතිසංස්කරණය කිරීම තවදුරටත් හමාස් ඉල්ලීම් අතර වේ - එම කොන්දේසි ඊශ්‍රායලය තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, හමාස් සංවිධානය ඊශ්‍රායලයට යටත් විය යුතු බව අවධාරණය කරයි.

හමාස් සංවිධානයට ආයුධ අතහැර යටත් වන ලෙස ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ දැනුම්දීම ගැන ප්‍රශ්න කළ විට, ව්‍යාපාරයේ නිලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ: “කොහෙත් ම අපට යටත් වෙන්න බැහැ.''

"අපි අපේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කරනවා, අප යටත් වීම පිළිගන්නේ නැහැ. අප සින්වාර් කළාක් මෙන් අවසන් වෙඩි උණ්ඩය සහ අවසන් සොල්දාදුවා දක්වා සටන් කරනවා."

 

හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය තහවුරු කෙරේ
සින්වර් ඝාතනය දශක ගණනාවක දීර්ඝ කාලයක් තුළ හමාස් සංවිධානයට සිදුවූ දැවැන්ත පාඩුවකි. කෙසේ වෙතත්, සින්වර් වෙනුවට නව නායකයෙකු පත්කිරීම අභියෝගයක් වී ඇතත්, 1990 ගණන්වල සිට නායකත්වය අහිමිවීම් විඳදරාගත් ඉතිහාසයක් හමාස් සංවිධානයට තිබේ.

ඊශ්‍රායලය හමාස් නායකයින් සහ නිර්මාතෘවරුන් බොහොමයක් ඝාතනය කිරීමට සමත් වී ඇති අතර, පුරප්පාඩු වන නායකත්වයන් සඳහා නව පුද්ගලයින් සොයා ගැනීමේ හැකියාවක් හමාස් සංවිධානයට ඇතැයි ඔප්පු වී තිබේ.

මෙම අර්බුදය මධ්‍යයේ, ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන්ගේ ඉරණම සහ ඔවුන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව සඳහා වගකිව යුත්තේ කවුරුන් ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වෙයි.

 

mohommed sinwarමොහොමඩ් සින්වර්
මෙම සන්දර්භය තුළ, යහ්යා සින්වර්ගේ සහෝදරයා වන මොහොමඩ් සින්වර් ප්‍රධාන චරිතයක් ලෙස මතු වී ඇත. ඔහු හමාස්හි ඉතිරි සන්නද්ධ කණ්ඩායම්වලට නායකත්වය දෙන බවට විශ්වාස කෙරෙන අතර ගාසා තීරයේ හමාස් ව්‍යාපාරයේ අනාගතය හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

හමාස් සංවිධානය තීරණාත්මක මොහොතකට මුහුණ පා සිටින අතරවාරයේ, ගාසා තීරයේ යුද්ධය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

හමාස් ප්‍රතිසංවිධානය වීමට දරන උත්සහයට එරෙහිව ඊශ්‍රායල් හමුදා ප්‍රහාර තීව්‍ර කිරීම නිසා සෙනසුරාදා උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරේදී තවත් සැලකිය යුතු පිරිසක් මිය ගියහ.

(රුෂ්ඩි ඇබලෝෆ්)
බීබීසී
BBC සිංහල සේවය 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...