BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මැද පෙරදිග සංචාරයක

T

The Leader Desk

October 22, 2024 • 7:37 AM

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මැද පෙරදිග සංචාරයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ( Antony Blinken) අද ඊශ්‍රායලයට පැමිණෙයි.
  • හමාස් නායක සින්වාර් ඝාතනයත් සමග, අතරමග නැවතී ඇති ගාසා සටන් විරාම සාකච්ඡාවලට යළි පණ පෙවීම සංචාරයේ අරමුණයි.
  • පසු ගිය වසරේ ඔක්තෝබර් 7 සිදුවීමෙන් පසු, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ එකොලොස්වන මැද පෙරදිග සංචාරයයි.
  • ඊශ්‍රායලය, ගාසා තීරයේ හමුදා මෙහෙයුම් තර කර ඇති මෙන්ම, එම ක්‍රියාන්විත ඉරාන සහාය හිමි හිස්බුල්ලා ත්‍රස්තයින් සොයා ලෙබනනය තෙක් ව්‍යාප්ත කර ඇති අවස්ථාවක සිදුකෙරෙන මෙම සංචාරය විශේෂිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය මැද පෙරදිග සංචාරයේ ඔහුගේ පළමු නැවතුම එයයි.

හමාස් නායක සින්වාර් ඝාතනයත් සමග, අතරමග නැවතී ඇති ගාසා සටන් විරාම සාකච්ඡාවලට යළි පණ පෙවීම සංචාරයේ අරමුණයි.

එහෙත්, ඇමෙරිකානු ජනපතිවරණය අබියස එහි සාර්ථකත්වය තවදුරටත් අපැහැදිලි කරුණකි.

පසු ගිය වසරේ ඔක්තෝබර් 7 සිදුවීමෙන් පසු, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ එකොලොස්වන මැද පෙරදිග සංචාරයයි.

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමුදා මෙහෙයුම් තර කර ඇති මෙන්ම, එම ක්‍රියාන්විත ඉරාන සහාය හිමි හිස්බුල්ලා ත්‍රස්තයින් සොයා ලෙබනනය තෙක් ව්‍යාප්ත කර ඇති අවස්ථාවක සිදුකෙරෙන මෙම සංචාරය විශේෂිතය.

පුරා සතියක කාලයක් තුළ සිදු කෙරෙන මෙම සංචාරයේදී, රාජ්‍ය ලේකම්වරයා ජෝර්දානය සහ දෝහා වෙත පැමිණීමට ද අපේක්ෂිතය.

ගාසා තීරයේ සටන් නැවත්වීම, යුද්ධයෙන් පසු එහි දීර්ඝ කාලීන ප්‍රතිසංස්කරණ සහ මානුෂීය කටයුතු  පිළිබඳවද සංචාරය අතරතුර සාකච්ඡා කිරීමට  නියමිතය. සංහිඳියාව උදෙසා කලාපීය ආරක්ෂාව, යහපාලනය සහ ප්‍රතිසංස්කරණ එහි අරමුණයි.  


(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ   උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
Blinken heads to Israel to revive Gaza ceasefire talks after Sinwar death

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...