BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

ඊශ්‍රායලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර

T

The Leader Desk

October 22, 2024 • 10:08 AM

ඊශ්‍රායලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනන හිස්බුල්ලා කල්ලිය අද ඊශ්‍රායලයේ ස්ථාන දෙකක් ඉලක්ක කර රොකට් ප්‍රහාර රැසක් දියත් කළේය.
  • දකුණු ලෙබනනය සහ එරට බීරුත් අගනුවර වෙත ඊයේ (21) රැය පුරා ඊශ්‍රායලය විසින් එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාරවලට පිළිතුරු ලෙස අද, හිස්බුල්ලා රොකට් ප්‍රහාර සිදු කර ඇත.
  •   ඊශ්‍රායල හමුදා බුද්ධි බලකායක් රඳවා සිටින ග්ලිලොත් (Glilot) ඒකකය සහ නිරිත් (Nirit) ප්‍රදේශය වෙත එම එක් ප්‍රහාර රැල්ලක්  එල්ල කර තිබේ.
  • අනෙක් ප්‍රහාරය එල්ල වී ඇති නාවික හමුදා මධ්‍යස්ථානය හයිෆා වරාය නගරයට උතුරින් පිහිටා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට ටෙල් අවිව් අගනුවර හමුදා මර්මස්ථාන දෙකක් සහ  හයිෆා (Haifa) හි නාවික  මධ්‍යස්ථානයක් වෙත එම ප්‍රහාර එල්ල කෙරිණි.

ගාසා හි සටන් විරාමයකට මැදහත් සාකච්ඡා පිණිස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අද, ඊශ්‍රායලය වෙත පැමිණීමට නියමිතය.

නවතම ප්‍රහාර හමුවේ එම සාම ප්‍රයත්නවල සාර්ථකත්වය පිලිබඳ විශ්වාසය පළුදු වී තිබේ.

දකුණු ලෙබනනය සහ එරට බීරුත් අගනුවර වෙත ඊයේ (21) රැය පුරා ඊශ්‍රායලය විසින් එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාරවලට පිළිතුරු ලෙස අද, හිස්බුල්ලා රොකට් ප්‍රහාර සිදු කර ඇත.  


ඊශ්‍රායල හමුදා බුද්ධි බලකායක් රඳවා සිටින ග්ලිලොත් (Glilot) ඒකකය සහ නිරිත් (Nirit) ප්‍රදේශය වෙත එම එක් ප්‍රහාර රැල්ලක්  එල්ල කර තිබේ.

අනෙක් ප්‍රහාරය එල්ල වී ඇති නාවික හමුදා මධ්‍යස්ථානය හයිෆා වරාය නගරයට උතුරින් පිහිටා ඇත.

ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ  හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.


(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Hezbollah says it launches volley of rockets into Israel, Blinken returns seeking ceasefire

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...