BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

පිදුරු ගිනි තැබුවාට ඉන්දීය ගොවීන්ට දඬුවම්

T

The Leader Desk

October 22, 2024 • 11:20 AM

පිදුරු ගිනි තැබුවාට ඉන්දීය ගොවීන්ට දඬුවම් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීති විරෝධී ලෙස පසු අස්වනු පිදුරු ගිනි තැබූ උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ගොවීන් 16 දෙනකු පමණ රජය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
  • ස්විට්සර්ලන්තයේ වායු සමීක්ෂණ (IQAir) වාර්තාවකට  අනුව, නව දිල්ලිය පිට පිට සිව් වතාවක් ලොව වැඩිම වායු දූෂණය සහිත අගනගරය ලෙස හඳුනාගෙන තිබේ.
  • ඊට කෙටි කාලීන පිළියම් ලෙස, කඩින් කඩ පාසල් වසා දැමීම සහ ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීම සිදු වේ.
  •   මෙම වසරේ පමණක් හර්යානා ප්‍රාන්තයේ කයිතාල් ප්‍රදේශයේ, අනීතිකව පිදුරු ගිනි තැබීම් පිලිබඳ චෝදනා 22 ක ට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇතැයි ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එමගින්, නව දිල්ලිය ඇතුළු අවට ප්‍රදේශයේ, ළඟ එන ශීත සෘතුව හමුවේ, වායු දූෂණය සිදු කිරීම පිලිබඳ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.  

වී වගාවෙන් පසු, ගොවි බිම් හිස් කර, නව වගා කටයුතු පිණිස සූදානම් කිරීමට පිදුරු සහ වෙනත් වගා ශේෂ ගිනි තැබීම ඉන්දියාවේද සාම්ප්‍රදායිකව සිදු කෙරෙන්නකි.
 
 india 1

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර සෑම වසරකම, මෙම කාලසීමාව තුළ උග්‍ර වායු දූෂණයක් පවතී.

 
india 2
 පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල සිට එන, විවිධ ඉදිකිරීම්, කර්මාන්ත සහ මෝටර රථ විමෝචන හේතුවෙන් හට ගැනෙන අහිතකර දුහුවිල්ල සහ දුමාරය, ශීත සෘතුව එළඹීමත් සමග ඉහළ  ඝන වායු ස්ථරවල සිරවී පැවතීම ඊට හේතුවයි.

ස්විට්සර්ලන්තයේ වායු සමීක්ෂණ (IQAir) වාර්තාවකට  අනුව, නව දිල්ලිය පිට පිට සිව් වතාවක් ලොව වැඩිම වායු දූෂණය සහිත අගනගරය ලෙස හඳුනාගෙන තිබේ. ඊට කෙටි කාලීන පිළියම් ලෙස, කඩින් කඩ පාසල් වසා දැමීම සහ ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීම සිදු වේ.
 
india 3

මෙම වසරේ පමණක් හර්යානා ප්‍රාන්තයේ කයිතාල් ප්‍රදේශයේ, අනීතිකව පිදුරු ගිනි තැබීම් පිලිබඳ චෝදනා 22 ක ට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇතැයි ද වාර්තා වේ.

අත්අඩංගුවට පත් සියලු ගොවීන් ඇප මත මුදා හැරීමට පියවර  ගත්  බව පොලිසිය පවසයි.
 
2024 10 22T071624Z 1 LYNXMPEK9L073 RTROPTP 3 INDIA POLLUTION FARMERS

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Sixteen farmers arrested for burning crop waste as pollution rises in north India
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...