BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ යුනෙස්කෝ ලෝක උරුම නගරයක් විනාශ වේ

T

The Leader Desk

October 23, 2024 • 10:56 AM

 ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ යුනෙස්කෝ ලෝක උරුම නගරයක් විනාශ වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද, අතිශය දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට ලක්වූ, ලෙබනනයේ ටයර් (Tyre) වරාය නගරය, යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට අයත් ඉපැරණි නගරයක් බව එරට රජය පවසයි.
  • ප්‍රහාරයත් සමග, නේවාසික ගොඩනැගිලි තුළින්, විශාල දුම් රොටු ඉහළට ඇදී ආ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  •   එය, රාජකාරි කටයුතුවලින් මඳ  විරාමයක් ලබන, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පිරිස් ඉසිඹුලන, දේශ සීමා අසල පිහිටි රමණීය මුහුදුබඩ ප්‍රදේශයක් ද වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නගරවාසීන්ට, තවදුරටත් වහා පලා යන ලෙස මාර්ග-ගත සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ, සිදු කළ කෙටි දැනුම්දීමකින් අනතුරුව ගුවන් ප්‍රහාර ආරම්භ විය.

ප්‍රහාරයත් සමග, නේවාසික ගොඩනැගිලි තුළින්, විශාල දුම් රොටු ඉහළට ඇදී ආ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.  

ළඟ එන අනතුර දුටු  'ටයර්' වාසීන් දහස් ගණනක්, ඉකුත් සති කිහිපයේ සිට නගරය අතහැර පලා යාම ආරම්භ කළහ.

ධීවර කර්මාන්තයේ නියුතු විශාල පිරිස් සේම, සංචාරකයින්ගෙන්ද පිරී පවතින 'ටයර්' වරාය නිරන්තරයෙන් කාර්යබහුල නගරයකි.  

එය, රාජකාරි කටයුතුවලින් මඳ  විරාමයක් ලබන, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පිරිස් ඉසිඹුලන, දේශ සීමා අසල පිහිටි රමණීය මුහුදුබඩ ප්‍රදේශයක් ද වේ. එහි, ඉපැරණි මාළිගයක්ද පිහිටා තිබේ.


(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ   උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:

Blinken urges halt to Middle East conflict as Israel bombs historic Lebanese port city

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...