BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

හෙට ඉන්දියාවට කඩාවදින සුළි කුණාටුව

T

The Leader Desk

October 24, 2024 • 10:20 AM

හෙට ඉන්දියාවට කඩාවදින සුළි කුණාටුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙට (25) නැගෙනහිර ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක් පතිත වීමට නියමිතය. එරට කාලගුණ බලධාරීහු ඒ බව අද තහවුරු කළහ.
  • අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට අළුයම එය නැගෙනහිර ඔඩිෂා (Odisha) ප්‍රාන්තය සහ බටහිර බෙංගාලය (Bengal) පිස, පැයට සැතපුම් 62ත්, 68ත් අතර වේගයකින් හමා යනු ඇත.
  • සුළඟේ වේගය පැයට සැතපුම් 75 තෙක් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අනුමාන කරති.
  • මේ වනවිට, කුණාටුව පැයට සැතපුම් 7 ක වේගයෙන් බෙංගාල බොක්ක පසු කරමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සුළි කුණාටුව දානා (Dana,) ලෙස නම් කර තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට අළුයම එය නැගෙනහිර ඔඩිෂා (Odisha) ප්‍රාන්තය සහ බටහිර බෙංගාලය (Bengal) පිස, පැයට සැතපුම් 62ත්, 68ත් අතර වේගයකින් හමා යනු ඇත. සුළඟේ වේගය පැයට සැතපුම් 75 තෙක් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අනුමාන කරති. මේ වනවිට, කුණාටුව පැයට සැතපුම් 7 ක වේගයෙන් බෙංගාල බොක්ක පසු කරමින් පවතී.  

ඔඩිෂා ප්‍රාන්තයේ 300,000 කට අධික ජනගහනයක් වෙත, වහා ඉවත්වන ලෙස දැනුම් දී ඇති අතර 50,000 ක පමණ පිරිසක් මේ වන විටත්, ප්‍රදේශයෙන් ඉවත් කොට තිබේ. ළඟ එන කුණාටුවට බියෙන් දුම්රිය ගමන්වාර 200ක් පමණ අවලංගු කොට තිබේ. 

 

WhatsApp Image 2024 10 23 at 09.41.28
ප්‍රාන්ත ආශ්‍රිත කොල්කටා (Kolkata) සහ භුබනේස්වර් (Bhubaneswar) සිට හා එවෙත සිදු කිරීමට අපේක්ෂිත සියලු ගුවන් ගමන් ද අද සන්ධ්‍යාවේ සිට හෙට අළුයම තෙක් අවලංගු කර ඇත. ප්‍රදේශයේ, පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ධීවරයින්ට මුහුදු ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් වැළකී සිටින ලෙස උපදෙස් නිකුත් කර ඇති අතර, ප්‍රාන්තයේ පිහිටි සුවිසල් පරදීප් (Paradip) වරායේ සියලු මෙහෙයුම් අතරමග නතර කර තිබේ. වෙරළාරක්ෂක නාවික යාත්‍රා සහ ගුවන් යානා, හදිසි සහන මෙහෙයුම් පිණිස සීරුවෙන් තබා ඇත.

හදිසි අවස්ථාවකට සූදානමින්, කිමිදුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන්, ඉන්දීය නාවුක හමුදා යාත්‍රා දෙකක්ද ඊට එක්ව  සිටී. 


(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...