BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

ගාසා හි නව සටන් විරාමයකට සාකච්ඡා

T

The Leader Desk

October 25, 2024 • 7:33 AM

ගාසා හි නව සටන් විරාමයකට සාකච්ඡා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත දිග්ගැසෙනු දැකීම සිය අභිප්‍රාය නොවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් (Antony Blinken) පවසයි.
  • හිස්බුල්ලා ත්‍රස්තයින් සමග ගැටුම් අවසන් කිරීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල හමුදා ප්‍රධානී රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කළද, ඒ පිලිබඳ වැඩි විස්තර කිසිත් ප්‍රකාශ කර කර නැත.
  •   ලෙබනනයේ, බීරුත් අගනුවර වෙත ඊයේ පස්වරුවේත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ බව රොයිටර්ස් සඳහන් කරයි.
  • ගාසා සටන් විරාමයක් පිලිබඳ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර නව සාකච්ඡා දෝහා හිදී ආරම්භ කෙරේ.  ඊශ්‍රායල මොසාඩ් බුද්ධි ප්‍රධානී ඩේවිඩ් බාර්නියා (David Barnea) ලබන ඉරිදා (27), ඒ වෙනුවෙන්, කටාර් රාජ්‍යය වෙත පිටත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ගන්නා නව සාධනීය පියවර හමුවේ, ඊශ්‍රායලය ඊට අනුකූල විය යුතු බව ඔහු ඊයේ (24) පැවසීය. එමෙන්ම, ඊශ්‍රායලය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත්, එහි අනිසි ප්‍රති විපාක පිලිබඳ ඉරානය වෙත පැහැදිලි පණිවුඩ යවා ඇතැයි ද ඔහු කියා සිටියේය. 

 

ඔක්තෝබර 01 දා ඊශ්‍රායලය වෙත එල්ල කළ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලබා දෙන බව ඊශ්‍රායලය කියා සිටී. හිස්බුල්ලා ත්‍රස්තයින් සමග ගැටුම් අවසන් කිරීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල හමුදා ප්‍රධානී රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කළද, ඒ පිලිබඳ වැඩි විස්තර කිසිත් ප්‍රකාශ කර කර නැත.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ යුනෙස්කෝ ලෝක උරුම නගරයක් විනාශ වේ

 

ලෙබනනයේ, බීරුත් අගනුවර වෙත ඊයේ පස්වරුවේත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ බව රොයිටර්ස් සඳහන් කරයි.

ගාසා සටන් විරාමයක් පිලිබඳ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර නව සාකච්ඡා දෝහා හිදී ආරම්භ කෙරේ.  ඊශ්‍රායල මොසාඩ් බුද්ධි ප්‍රධානී ඩේවිඩ් බාර්නියා (David Barnea) ලබන ඉරිදා (27), ඒ වෙනුවෙන්, කටාර් රාජ්‍යය වෙත පිටත්වේ. එහිදී ඔහු, එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් (William Burns) සහ කටාර් අග්‍රාමාත්‍යවරයා හමුවීමට ද නියමිතය.

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ දරුණු සටන්

 

මේ අතර, ඊජිප්තු රාජ්‍ය ආරක්ෂක දූත පිරිසක්, එරට කයිරෝ නුවරදී හමාස් නායකයින් හමු වූහ. ගාසා හි සටන් විරාමයක් පිණිස නව ප්‍රයත්න වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය පිලිබඳ එහිදී සාකච්ඡා කෙරිණි. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...