BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

මැලේසියාවේ හිටපු අගමැති මූල්‍ය වංචා සම්බන්ධයෙන් සමාව අයදී

T

The Leader Desk

October 25, 2024 • 10:49 AM

මැලේසියාවේ හිටපු අගමැති මූල්‍ය වංචා සම්බන්ධයෙන් සමාව අයදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත්අඩංගුවේ පසුවන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් (Najib Razak), ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක රාජ්‍ය ගිණුම් වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (24), සමාව අයැදීය.
  • එහෙත්, ඔහුගේ ධුර කාලය  අතර තුර, එම ගිණුම සම්බන්ධයෙන් අවම වශයෙන් රටවල් 6 ක දී වංචා විමර්ශන පැවැත්විණි.
  • එහිදී, උසස් රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ සහචරයින් විසින් එම ගිණුම අවභාවිතා කර ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 කට ආසන්න මූල්‍ය වංචා සිදු කර ඇතැයි අනාවරණය විය.
  •   ඒ පිලිබඳ  නඩු විභාගයකින් අනතුරුව, 2022 වසරේ, මැලේසියාවේ ඉහළම අධිකරණය, දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වැරදිකරු බවට තීන්දු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත්, දැනට අක්‍රියව පවතින එම ගිණුම ඔස්සේ, නීති විරෝධී ගනු දෙනු සිදු කළ බවට අවබෝධයක් නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය. 

ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටි 2009 වසරේ, මැලේසියා සංවර්ධන, රාජ්‍ය ගිණුම (1MDB) ආරම්භ කෙරිණි. එහෙත්, ඔහුගේ ධුර කාලය  අතර තුර, එම ගිණුම සම්බන්ධයෙන් අවම වශයෙන් රටවල් 6 ක දී වංචා විමර්ශන පැවැත්විණි. එහිදී, උසස් රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ සහචරයින් විසින් එම ගිණුම අවභාවිතා කර ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 කට ආසන්න මූල්‍ය වංචා සිදු කර ඇතැයි අනාවරණය විය.

 

JibMohonMaaf 24.10.2024 NSTfield image socialmedia.var 1729759753

ඒ පිලිබඳ  නඩු විභාගයකින් අනතුරුව, 2022 වසරේ, මැලේසියාවේ ඉහළම අධිකරණය, දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වැරදිකරු බවට තීන්දු කළේය. ඒ අනුව, රාජ්‍ය ගිණුම ඔස්සේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ඔහු වසර 12 ක සිර දඬුවමක ට  යටත් කෙරිණි. අනතුරුව, හිටපු මැලේසියා රජු මුලසුන හෙබවූ, විශේෂ, සමා ප්‍රදාන මණ්ඩලයක්  එම දඬුවම් කාලය හරි අඩකින් අඩු කළේය.

71 හැවිරිදි එරට හිටපු අග්‍රාමාත්‍යවරයා, එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදි කරු බවට දිගින් දිගටම කියා සිටියද, ඊයේ ලිඛිත නිවේදනයක් නිකුත් කරමින්, එම රාජ්‍ය ගිණුමේ අවභාවිතාව පිළිබඳ සමාව අයැද සිටින බව කියා සිටියේය. 

 



ඔහුගේ පුත් මොහොමඩ් නිසාර් මොහද් නජිබ් (Mohamad Nizar Mohd Najib) සිය පියාගේ ලිපිය මාධ්‍ය සාකච්ඡාවක් හමුවේ ඉදිරිපත් කළේය.  

තමා අග්‍රාමාත්‍ය ධුරයේ සහ මුදල් ආමාත්‍ය ලෙස කටයුතු කළ සමයේ, ඔහු යටතේ පැවති එම රාජ්‍ය  ගිණුම අවභාවිතා වීම සම්බන්ධයෙන්, ඔහු මැලේසියානු ජනතාවගෙන් සමාව අයැද සිටින බව එහි සඳහන් විය. ගිණුම අවභාවිතා වන බවට වාර්තාවූ  මුල් අවස්ථාවේදීම, වෙනස් ආකාරයකින් ක්‍රියා කළ යුතුව  තිබිණැයි ඔහු සිය ලිපිය මගින් දන්වා තිබිණි.

 

069f894e2075112c411101443e7167b3

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලයේම ඇරඹි ඒ සම්බන්ධ විමර්ශන, අතරමග නැවතුණු බවත්, සාක්ෂිකරුවන් අතුරුදන්වීම් සහ ඔවුන්ට එරෙහි මරණ තර්ජන වාර්තාවූ බවත්, ඒ පිලිබඳ විමර්ශනය කළ නිලධාරීහු මීට පෙර ප්‍රකාශ කළහ.

සිය ඉතිරි දඬුවම් කාලය, නිවාස අඩස්සියේ ගෙවා දැමීමට ඉඩ ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ඉල්ලීමක් ද කර තිබේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...