BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

හොංග් කොංග් රටින් ඩයිනෝසර ෆොසිල හමුවේ

T

The Leader Desk

October 25, 2024 • 11:44 AM

හොංග් කොංග් රටින් ඩයිනෝසර ෆොසිල හමුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසල් ඩයිනෝසරයකුගේ බවට සැලකෙන, හොංග් කොංග් රටින් හමු වූ ප්‍රාග් ඓතිහාසික සත්ව ෆොසිල, අද ප්‍රථම වරට එරට මහජන ප්‍රදර්ශනයට එක් කෙරිණි.
  • ෆොසිල අයත් ඩයිනෝසර විශේෂය නිශ්චිතවම හඳුනා ගැනීමේ වැඩි දුර පර්යේෂණ ක්‍රියාත්මක බව ඔවුහු පවසති.
  • එම ඩයිනෝසරයින්, විශාල පෘෂ්ඨවංශිකයින් බව විද්‍යාඥ මතයයි.
  • දිවයිනේ මීට පෙර සිදු කළ පර්යේෂණ ඔස්සේ, එහි  සත්ව ෆොසිල හමු විය හැකි බවට, එරට කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් මාර්තු මස අනාවැකි පළ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එරටට අයත්, ජනාවාසයෙන් තොර කුඩා දිවයිනකින් මෙම ෆොසිල හමු විය. එම සොයාගැනීමත් සමග, කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානය තුළ, පාෂාණීය සෛල විද්‍යාව පිලිබඳ නව පර්යේෂණ පිණිස මග විවරව තිබේ. 

හමු වූ ෆොසිල, වසර මිලියන 145 ත්  66 ත් අතර කාලයක ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ක්‍රටේෂස් (Cretaceous) නම් ඩයිනෝසර යුගයට අයත් බව විද්‍යාඥයින් විසින් තහවුරු කර තිබේ. ෆොසිල අයත් ඩයිනෝසර විශේෂය නිශ්චිතවම හඳුනා ගැනීමේ වැඩි දුර පර්යේෂණ ක්‍රියාත්මක බව ඔවුහු පවසති. එම ඩයිනෝසරයින්, විශාල පෘෂ්ඨවංශිකයින් බව විද්‍යාඥ මතයයි.

 

ada509f1 4813 49cf 90bd b885bb4cab4e e6f813e5

ඊශානදිග හොංග් කොංග් හි පිහිටි, රක්තවර්ණ ස්වභාවික පාෂාණ භූ නිර්මාණයන්ගෙන් සුසැදි පොර්ට් අයිලන්ඩ් (Port Island) වෙතින් එම ඩයිනෝසර ෆොසිල හමු වී තිබේ. දිවයිනේ මීට පෙර සිදු කළ පර්යේෂණ ඔස්සේ, එහි  සත්ව ෆොසිල හමු විය හැකි බවට, එරට කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් මාර්තු මස අනාවැකි පළ කළේය. ඒ පිලිබඳ වැඩිදුර පර්යේෂණ පිණිස චීනය සමග ගිවිසුමක් ද අත්සන් කර තිබේ. ගිවිසුම මෙම සතිය මුල අත්සන් තැබිණි.

 

ආර්ජන්ටිනාව, කැනඩාව, එක්සත් ජනපදය සහ චීනය ඩයිනෝසර ෆොසිල සොයා පර්යේෂණයේ නියුතු ලොව ප්‍රධාන රටවල් හතර ලෙස හැඳින්වේ. 

හොංග් කොංග් හි කොව්ලූන් උද්‍යානයේ (Kowloon Park) පිහිටි උරුම ගවේෂණ මධ්‍යස්ථානයේ (Heritage Discovery Centre), එම ඩයිනෝසර ෆොසිල, මහජන ප්‍රදර්ශනය පිණිස තබා ඇත.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...