BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

ඊශ්‍රායල-ඉරාන යුද්ධය ඇරඹේ

T

The Leader Desk

October 26, 2024 • 4:18 AM

ඊශ්‍රායල-ඉරාන යුද්ධය ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය අද අළුයම ඉරානයට සහ සිරියාවට ගුවනින් පහර දුන්නේය.
  • මේ අතර සිරියාවේ ඩැමස්කස් ( Damascus) අගනුවරට ආසන්න ගම්බද පෙදෙසකින් ද පිපිරුම් හඬ ඇසුණු බව රොයිටර්ස් වාර්තා කළේය.
  •   අද අළුයම, ඉරානය සහ සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කළ පුවත සත්‍ය බවත්, ඒ සියල්ල නිශ්චිත හමුදා ඉලක්ක හඳුනා සිදු කළ බවත්, ඊශ්‍රායලය පවසයි.
  • එය, ඔක්තෝබර් 01 වන දා, ඉරානය විසින්, ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර වලට, කල් යල් බලා දුන් පිළිතුරක් බව ද ඊශ්‍රායලය කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ යාබද කරාජ් (Karaj) නගරයෙන් විශාල පිපිරුම් හඬ ඇසුණු බව රොයිටර්ස්  පුවත් සේවය පැවසීය.

නවතම හදිසි තත්ත්වය හමුවේ, ඉරාකය සිය සියලු ගුවන් ගමන් නතර කර  තිබේ.

මේ අතර සිරියාවේ ඩැමස්කස් ( Damascus) අගනුවරට ආසන්න ගම්බද පෙදෙසකින් ද පිපිරුම් හඬ ඇසුණු බව රොයිටර්ස් වාර්තා කළේය.

 

image e92b217077

අද අළුයම, ඉරානය සහ සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කළ පුවත සත්‍ය බවත්, ඒ සියල්ල නිශ්චිත හමුදා ඉලක්ක හඳුනා සිදු කළ බවත්, ඊශ්‍රායලය පවසයි.


එය, ඔක්තෝබර් 01 වන දා, ඉරානය විසින්, ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර වලට, කල් යල් බලා දුන් පිළිතුරක් බව ද ඊශ්‍රායලය කියයි.

ඉරානය එදින, ඊශ්‍රායලය වෙත, බැලස්ටික් මිසයිල 200 ක ට ආසන්න සංඛ්‍යාවක් එල්ල කළ අතර, ඉන් බොහොමයක් ඊශ්‍රායලය සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින්, ඉහළ අහසේදීම විනාශ කළේය.

සිය දේශයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු දීමේ පරම සහ සදාචාරාත්මක අයිතිය, අන් සෑම රටකට මෙන්, තමන්ට ද හිමි බව ඊශ්‍රායලය කියා සිටියේය.

 

ishrayal

ඉරානයට ප්‍රති ප්‍රහාර එල්ල කළ පසු, සමස්ත ලෝකයාටම ඊශ්‍රායලයේ යුද ශක්තිය අවබෝධ කර ගත හැකි බවත්, සතුරාට ද, 'හොඳ පාඩමක්' ඉගෙන ගත හැකි බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ( Yoav Gallant) මීට දින කිහිපයකට පෙර එරට ගුවන් හමුදා භට පිරිස් අමතා පැවසීය.


තමන් වෙත සිදු කළ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයට අනිවාර්ය පිළිතුරු ලබා දෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දිවුරා ප්‍රකාශ කළේය.

අද ප්‍රහාරයට කෙටි වේලාවකට පෙර ඊශ්‍රායලය විසින්, ඒ බව ඇමෙරිකාවේ ධවල මන්දිරයට දැනුම් දුන් බව ෆොක්ස් (Fox)  පුවත් පැවසීය.

පසුගිය සති කිහිපය පුරාවට, ඊශ්‍රායලය, සතුරාට පහර දීමේ සැලසුම් මනාව සකස් කරමින් පසුවිය. එම අතිශය රහසිගත සැලසුම් පිලිබඳ තොරතුරු රැගත් ඇමෙරිකාව සතු ලේඛන දෙකක් ද ඉන් අනතුරුව පිට විය.

 

GettyImages 1473939891 scaled e1679570304898තමන් වෙත සිදු කළ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයට අනිවාර්ය පිළිතුරු ලබා දෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දිවුරා ප්‍රකාශ කළේය.

තමන්ට පහර දෙන්නේ කවදා, කෙසේදැයි දැන, තොරතුරු වසන් කරන  අන් සියලු රටවල් ද, දඬුවම් විඳීමට සැරසෙන ලෙස ඉරානය දැඩිව අනතුරු ඇඟවීය. එම රහස් ලේඛන පිටවීම ගැන, ඇමෙරිකාව මේ වන විට, වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 ඉරානය වෙත කෙරෙන ඊශ්‍රායල ප්‍රති ප්‍රහාර, කිසිවිටෙකත්, පුළුල් කලාපීය ගැටුමක් තෙක් දුර දිග නොයා යුතු බව,      මැද පෙරදිග සංචාරයක නිරත,  එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පසුගිය දා ඊශ්‍රායලයට දැනුම් දුන්නේය. එමෙන්ම, එවැනි ප්‍රහාරයක් ඉවසා දරා සිටින ලෙස, ඔහු ඉරානයට ද කියා සිටියේය.

අද සිදු කළ ඊශ්‍රායල ප්‍රති ප්‍රහාරවලට සිය කිසිදු සම්බන්ධයක්  නැතැයි ඇමෙරිකාව පවසයි. එහෙත්, ආත්මාරක්ෂාව උදෙසා, පිළිතුරු පහර එල්ල කිරීමේ  පූර්ණ අයිතිය ඊශ්‍රයලය සතු බව ධවල මදිරය කියයි. මේ අතර, ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් (Kamala Harris),  ඊශ්‍රායල ප්‍රති ප්‍රහාර පිලිබඳ දැනුවත් කර ඇති අතර, ඇය ඒ පිලිබඳ සමීප විමසිල්ලෙන් පසුවන බවද ධවල මදිරය පවසයි.

ishrayal re
ඉරානය වෙත, අද අළුයම  එල්ල කළ නවතම ඊශ්‍රායල ප්‍රහාර මෙතෙක්, ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන හෝ තෙල් සංචිත ඉලක්ක කර නැතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි.

ටෙහෙරාන් අගනුවර බටහිරින් සහ නිරිතදිගින් පිහිටි එරට විප්ලවීය හමුදා මූලස්ථාන කිසිවකට, අද කිසිදු ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල නොවූ බව, ඒ පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉරානය කියා සිටී. උදෑසන ඇසුණු විශාල පිපිරුම් හඬ, ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින්, ඊශ්‍රායල ප්‍රහාරවලට දැක්වූ සාර්ථක ප්‍රතිචාර වශයෙන් හටගත් ශබ්ධ බව ඔවුහු පවසති.


(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...