එහිදී බ්‍රිතාන්‍යය සම්බන්ධයෙන් අතිශය වැදගත් තීරණයකට එළැඹෙමිණි.
ඒ අනුව, සිය අන්තර්-අත්ලාන්තික් වහල් කර්මාන්තය වෙනුවෙන්, බ්‍රිතාන්‍ය රජය වන්දි ගෙවිය යුතු බවට සාකච්ඡා ඇරඹීමට කාලය එළැඹ ඇතැයි පොදුරාජ්‍ය මණ්ඩල නායකයෝ අද තීරණය කළහ.
රටවල් 56 ක නායකයින් සහභාගී වූ මෙවර සමුළුව, වහල් වෙළඳාම සහ කාලගුණ විපර්යාස මත හටගෙන ඇති ගෝලීය තර්ජන හා අභියෝග තේමා කොට පැවැත්විණි.
ඉතිහාසයේ සිට ආ වහල් වෙළඳාම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍යය අති මහත් චෝදනාවට ලක්ව සිටී.
වහල් වෙළඳාම සම්බන්ධයෙන්, වින්දිත රාජ්‍යයන්ට, ඒ වෙනුවෙන්, මූල්‍ය වන්දි ප්‍රදාන සිදු කරන ලෙස ඉල්ලා සිටි කිසිදු ආයාචනයකට බ්‍රිතාන්‍යය පෙරළා පිළිතුරු දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.
සමුළුවේ දී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් (Keir Starmer), සමුළුවේ මුඛ්‍ය තේමාව, ඉතිහාසයේ වහල් වෙළඳාම වෙනුවෙන්, වන්දි මුදල් පිළිබඳව නොවේ යැයි අවධාරණය කළේය.
එහෙත්, වහල් වෙළඳාම සම්බන්ධයෙන් වින්දිත රාජ්‍යයන්ට සාධාරණය ඉටු කිරීම පිණිස, සමානාත්මතාව මත පදනම්ව, සුභවාදී පොදු අනාගතයක් උදෙසා, අර්ථවත්, යතාර්ථවාදී, සත්‍යවාදී සහ ගෞරවාන්විත සංවාදයකට කාලය එළැඹ ඇතැයි, ඊට සහභාගී වූ නායකයෝ ඒකාබද්ධ ප්‍රකාශයක් මගින්, එක හඬින් දන්වා සිටියහ.
ඕස්ට්‍රේලියාවේ සහ ලොව අධිරාජ්‍ය බලය පැතිරි වෙනත් රටවල ද වතු වගා පිණිස, රැවටීමට, බලහත්කාරයට හෝ පැහැර ගැනීමට ලක් කර, වහලුන් ලෙස රැගෙන ගිය පැසිෆික් දූපත් වාසීන් පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
අධි රාජ්‍යවාදී පාලනය යටතේ, ලොව පුරා රටවල් ගණනක් අඛණ්ඩව හා වරින් වර යටත්කර සිටි, හිරු නොබසින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, එහිදී සිදු කළ සියළු අනර්ථයන් වෙනුවෙන්, වින්දිත ආර්ථිකයන්ට වහා වන්දි ගෙවිය යුතු බව, වත්මන, දැඩි ගෝලීය කතා බහට ලක්ව ඇති ප්‍රබල මාතෘකාවකි. කැරීබියානු රටවල සහ අප්‍රිකා මහාද්වීපය පුරා ඒ පිලිබඳ ප්‍රබල හඬ ඉස්මතු වෙමින් පවතී.
සමුළුවේ ගත් සාමූහික තීරණයන්ට එරෙහිවූ ඇතැම් රටවල්, ඉතිහාසයේ වැරදි වෙනුවෙන්, වත්මන් රජයන්ගේ වගවීම හිලවු නොකළයුතු බව ප්‍රකාශ කළහ.
එහෙත්, වහල් බවේ ඉතිහාසය, ගලේ කෙටූවක් සේ අදටත්, නොනැසී පවතින, වර්ගවාදය පිලිබඳ අතිශය කුරිරු හා අමානුෂික සමාජ අසමානතාවයකට මග පාදා ඇතැයි, සමුළුවට එක් වූ බොහෝ රාජ්‍ය නායකයෝ ඒකමතිකව කියා සිටියහ.
සමුළුවේ පැවති එම කතා බහ සහමුලින්ම, වහල් බව පිලිබඳ හරවත් සාකච්ඡාවක සහ සංවාදයක අවශ්‍යතාව ඉස්මතු කළා මිස, මූල්‍ය ගනුදෙනු අරමුණු කොට නොපැවති හෙයින්, සිය ස්ථාවරය පැහැදිලි බව, එහි පැවති මාධ්‍ය හමුවක් අමතමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, මෙහිදී එළැඹි සාමූහික රාජ්‍ය නායක ගිවිසුම, අතීතයේ කළ වැරදිවලට වගවීම පිලිබඳ බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
කාලගුණික විපර්යාස හමුවේ, වැඩිවන උෂ්ණත්වය සහ මුහුදු මට්ටම ඉහළයාම පිළිබඳවද එම ගිවිසුමේ සඳහන්ය.
මුහුදු මට්ටම ඉහළ යාමේ තර්ජනයට මුහුණ පා ඇති තුවාලු (Tuvalu) දිවයින් කෙරෙහි ද විශේෂ අවධානය යොමු කළ මෙවර පොදු රාජ්‍ය නායක සමුළුවේදී, එහි ප්‍රථම සාගර ප්‍රකාශය සම්මත විය. ඒ අනුව, කාලගුණ විපර්යාස හේතුවෙන්, කුඩා දිවයින් වසා මුහුදු මට්ටම ඉහළ ගියද, එම දිවයින්වලට අයත් සමුද්‍රීය සීමා නීර්ණයන් නොවෙනස්ව පවත්වාගැනීම අනුමත කෙරිණි.
පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් දූපත් රාජ්‍යයන්ට, එම සාගර කලාප, සිය ධීවර කර්මාන්තය වැනි ආර්ථික ප්‍රවර්ධන කටයුතු පිණිස, ඵලදායී ලෙස භාවිතා කිරීමේ ඉඩ ප්‍රස්තා තිරසර කිරීම එහි අරමුණයි. මුහුදු මට්ටම ඉහළ යාම හේතු කොට, වෙනත් රටවලට හෝ දිවයින් වෙත සංක්‍රමණ සිදු කළද, තර්ජනයට ලක් වීම හේතුවෙන් ජනශුන්‍ය බවට පත්වන දිවයින් හි ද සමුද්‍රීය සීමා නොවෙනස්ව පවත්වා ගැනීමට හැකිවීම මෙහි විශේෂ ලක්ෂණයකි.
පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වයෙන් අඩකට වඩා ආර්ථිකයන්, කුඩා දිවයින් රාජ්‍ය වශයෙන් පවතින අතර, කාලගුණ විපර්යාස හේතුවෙන්, මුහුදු මට්ටම ඉහළ යාමේ තර්ජනයට ලක්ව ඇති, මුහුදු මට්ටමට පහළින් පිහිටි දිවයින් වේ.
2016 සිට පොදු රද මඬුලු මහලේකම් ධුරය හෙබවූ බ්‍රිතාන්‍ය ජාතික පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් වෙනුවට ෂර්ලි අයොර්කෝර් බෝච්වේ (Shirley Ayorkor Botchwey) පත් කර ගැනීමද මෙවර සමුළුවේ සුවිශේෂී සිදුවීමකි.
පැසිෆික් රාජ්‍යයක් වන සැමෝවාහි පැවති සමුළුව පසුගිය සඳුදා (21) ආරම්භ විය.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
'ඉතිහාසයේ වහල් වෙළඳාමට බ්‍රිතාන්‍යය වන්දි ගෙවනු' - පොදු රද මඬුලු නායකයෝ ගිවිසුම් ගත වෙති
T
The Leader Desk
October 26, 2024 • 4:07 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සැමෝවා (Samoa) හි සතියක් පුරා පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුව අද අවසන් විය.
- ඒ අනුව, සිය අන්තර්-අත්ලාන්තික් වහල් කර්මාන්තය වෙනුවෙන්, බ්‍රිතාන්‍ය රජය වන්දි ගෙවිය යුතු බවට සාකච්ඡා ඇරඹීමට කාලය එළැඹ ඇතැයි පොදුරාජ්‍ය මණ්ඩල නායකයෝ අද තීරණය කළහ.
- රටවල් 56 ක නායකයින් සහභාගී වූ මෙවර සමුළුව, වහල් වෙළඳාම සහ කාලගුණ විපර්යාස මත හටගෙන ඇති ගෝලීය තර්ජන හා අභියෝග තේමා කොට පැවැත්විණි.
- වහල් වෙළඳාම සම්බන්ධයෙන්, වින්දිත රාජ්‍යයන්ට, ඒ වෙනුවෙන්, මූල්‍ය වන්දි ප්‍රදාන සිදු කරන ලෙස ඉල්ලා සිටි කිසිදු ආයාචනයකට බ්‍රිතාන්‍යය පෙරළා පිළිතුරු දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


