BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

බ්‍රිතාන්‍යයෝ සංක්‍රමණිකයින්ට එරෙහිව වීදි බසිති

T

The Leader Desk

October 27, 2024 • 4:30 AM

බ්‍රිතාන්‍යයෝ සංක්‍රමණිකයින්ට එරෙහිව වීදි බසිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ, සංක්‍රමණිකයින්ට එරෙහි දක්ෂිණාංශික විරෝධතාකරුවෝ ඊයේ (26) එරට ලන්ඩන් නුවර විරෝධතා පෙළපාලිවලට එක් වූහ.
  •   ගැටුම් ඇතිවීම වැලැක්වීමට, නගරය පුරා දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබු බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.
  • ඝාතකයා මුස්ලිම් ජාතික සංක්‍රමණිකයකු බවට සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි පුවත් පළවීමත් සමග, රට පුරා දරුණු විරෝධතා රැල්ලක් පැන නැගිණි.
  •   විරෝධතාකරුවෝ, බ්‍රිතාන්‍යයේ, සරණාගතයින් රැඳී සිටි හෝටල සහ මුස්ලිම් පල්ලි ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

බ්‍රිතාන්‍ය සංක්‍රමණික නීති ඉහිල් කිරීමට සහ වර්ගවාදය පිටුදැකීමට එරෙහිව එම විරෝධතා පැවැත්විණි.  

ගැටුම් ඇතිවීම වැලැක්වීමට, නගරය පුරා දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබු බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

 

"රාජධානිය එක්සත් කරමු" යන තේමාව රැගත් එම විරෝධතාවට, බ්‍රිතාන්‍ය ජාතිකයෝ දහස් ගණනක් එක් වූහ. සංක්‍රමණික විරෝධී සහ මුස්ලිම් විරෝධී සමාජ ක්‍රියාකරුවකු වන ටොමී රොබින්සන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ස්ටීවන් යක්ස්ලි-ලෙනන් (Stephen Yaxley-Lennon) විසින් එම විරෝධතා සංවිධානය කර තිබිණි. "රජය, බ්‍රිතාන්‍ය මහජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ කවදාද?" යනුවෙන් දැක්වෙන බැනර ප්‍රදර්ශනය කරමින්, ඉංග්‍රීසි සහ බ්‍රිතාන්‍ය ධජ රැගත් පෙළපාලිකරුවෝ පාර්ලිමේන්තුව දෙසට පා ගමනින් ගියහ.

against right"සරණාගතයින් සාදරයෙන් පිළිගනිමු", සහ "දක්ෂිණාංශිකයින් පාගා දමනු" යන තේමා පාඨ රැගත්, බ්‍රිතාන්‍යය තුළ වර්ගවාදයට එරෙහි පිරිසක් සහ වෘත්තීය සමිති කිහිපයක්ද, අන්ත දක්ෂිණාංශිකයින්ට එරෙහි සිය විරෝධතා දැක්වීම පිණිස ඊයේ, ලන්ඩන් නුවර වීදි බටහ.

 

මේ අතර, "සරණාගතයින් සාදරයෙන් පිළිගනිමු", සහ "දක්ෂිණාංශිකයින් පාගා දමනු" යන තේමා පාඨ රැගත්, බ්‍රිතාන්‍යය තුළ වර්ගවාදයට එරෙහි පිරිසක් සහ වෘත්තීය සමිති කිහිපයක්ද, අන්ත දක්ෂිණාංශිකයින්ට එරෙහි සිය විරෝධතා දැක්වීම පිණිස ඊයේ, ලන්ඩන් නුවර වීදි බටහ. 

නගරයේ මහජන සාමය පවත්වාගැනීම සම්බන්ධයෙන් සියලු ආරක්ෂක පියවර ගෙන ඇතැයි එහි නියෝජ්‍ය සහකාර කොමසාරිස් රැෂෙල් විලියම්ස් පැවසීය. ජන ජීවිතය කඩාකප්පල් කරන ආකාරයේ කිසිදු ක්‍රියාවකට ඉඩ නැතැයිද, ඕනෑම සිදුවීමකට මුහුණ දීමට සූදානමින් ආරක්ෂක අංශ ඔක්තොම්බර් 25 සිට සීරුවෙන් තබා ඇතැයි ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය. 

 

76
බ්‍රිතාන්‍යයේ සවුත්පොර්ට් (Southport) හි නර්තන වැඩමුළුවකට සහභාගී වෙමින් සිටි ගැහැණු ළමුන් තිදෙනෙක් පසුගිය ජුලි මස සාහසිකයකු විසින් ඝාතනය කෙරිණි. ඝාතකයා මුස්ලිම් ජාතික සංක්‍රමණිකයකු බවට සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි පුවත් පළවීමත් සමග, රට පුරා දරුණු විරෝධතා රැල්ලක් පැන නැගිණි. ඊට මුලපිරූ අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් (Keir Starmer) ගේ සෘජු දෝෂ දර්ශනයට ලක් විය.

 

77

විරෝධතාකරුවෝ, බ්‍රිතාන්‍යයේ, සරණාගතයින් රැඳී සිටි හෝටල සහ මුස්ලිම් පල්ලි ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහ. එය, බ්‍රිතාන්‍යයේ අන්ත දක්ෂිණාංශික වියරුව හා මැර බලය විදහා පෑමක් ලෙස, අග්‍රාමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් විය. එම විරෝධතාවන්හිදී, 1500කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනිණි. ඉන් 1000 කට  එරෙහිව මේ වන විට, අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

 

තමන් "දේශප්‍රේමීන්" ලෙස හඳුන්වා ගන්නා දක්ෂිණාංශික විරෝධතාකරුවෝ, බ්‍රිතාන්‍යය, සංක්‍රමණිකයින්ගෙන් හා ඉස්ලාම්කරණයෙන් තර්ජනයට ලක්ව ඇතැයි පවසති. 

ඊයේ පැවති විරෝධතාව සංවිධානය කළ ලෙනන්, අධිකරණයට එරෙහි වීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ පොලිස් අත්අඩංගුවේ පසුවීම හේතුකොට, ඊට සහභාගී වී නොසිටි බව, රොයිටර්ස් පුවත් සේවය පවසයි. ඔහු, ලබන සඳුදා (28) අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය. 

පසුගිය ජුලි මස ඔහු බ්‍රිතාන්‍යයෙන් පිටවන අවස්ථාවේ සිය ජංගම දුරකථන පින් (PIN) අංකය ලබා නොදීමේ වරදට, ඊයේ ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ  නීතිය යටතේ ද චෝදනා ගොනු කෙරිණි. 

 

Stephen Yaxley Lennon being led away by police during a protest about the war in Gaza 5548558ස්ටීවන් යක්ස්ලි-ලෙනන්
"ඔබ කළු, දුඹුරු, සුදු,  කොළ හෝ කිනම්  වර්ණැති සමකට හිමිකම් කීවද අපට එය වැදගැම්මකට තරම් නොවේ. අපට වටින්නේ, බ්‍රිතාන්‍යය පුරා පවතින අපගේ සමාජ හරයන්, සංස්කෘතිය සහ අප ජාතියේ අනාගතය පමණි," යනුවෙන් ඔහුගේ එක්ස් (X) ගිණුමේ සඳහන්  කර තිබූ  බව රොයිටර්ස් ප්‍රකාශ කළේය.

යුරෝපයේ සිට කුඩා බෝට්ටු  මතින් බ්‍රිතාන්‍යය බලා පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව පෙර කවරදාක ද නොවූ ලෙස, ඉහළ ගොස් ඇතැයි, ඊයේ නිල වශයෙන් ප්‍රකාශ වීමත් සමග, සංක්‍රමණිකයින්ට එරෙහි උද්ඝෝෂණ යළි වර්ධනය විය. වසර මුල සිට මේ දක්වා, බ්‍රිතාන්‍යය වෙත එසේ පැමිණි සංක්‍රමණිකයින් සංඛ්‍යාව 29,578කි. එය පසුගිය වසරේ පැමිණි සමස්ත සංක්‍රමණිකයින් සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි අගයක් බව බ්‍රිතාන්‍යය පවසයි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...