BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ රෝහලක් නිදහස් කරයි

T

The Leader Desk

October 27, 2024 • 6:35 AM

ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ රෝහලක් නිදහස් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු ගාසා තීරයේ රෝහල් සංකීර්ණයක දැවැන්ත සෝදිසි මෙහෙයුමක් සිදුකළ ඊශ්‍රායල හමුදා ඊයේ (26) ඉන් ඉවත් වූහ.
  • රෝහල් කාර්ය මණ්ඩලයට අයත් සෞඛ්‍ය වෘත්තිකයින් 70 දෙනකු අතරින් 40 දෙනකු හමුදා අත්අඩංගුවට පත් අතර, පසුව රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු 14 දෙනකු නිදහස් කෙරිණි.
  • රෝහල් කාර්යමණ්ඩල, ඊශ්‍රායල හමුදා අත්අඩංගුවට ගැනීමෙන්, එම හමුදා විසින්, රෝගී ජීවිත අනතුරේ හෙළා ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහූ ප්‍රකාශ කළහ.
  • උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා (Beit Lahiya) හි සිදු කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින්, අවම වශයෙන් 30 දෙනකුවත් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

පිරිමි සෞඛ්‍ය හා වෛද්‍ය වෘත්තිකයින් මෙන්ම, රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් රැසක් ද එහිදී ඊශ්‍රායල හමුදා භාරයට ගැණිනි.

රෝහල් කාර්ය මණ්ඩලයට අයත් සෞඛ්‍ය වෘත්තිකයින් 70 දෙනකු අතරින් 40 දෙනකු හමුදා අත්අඩංගුවට පත් අතර, පසුව රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු 14 දෙනකු නිදහස් කෙරිණි. උතුරු ඊශ්‍රායලයේ කමල් අද්වාන් (Kamal Adwan) රෝහල එසේ, ඊශ්‍රායල සෝදිසි මෙහෙයුමට ලක් විය. එය උතුරු ගාසා තීරයේ දැනට ක්‍රියාත්මක රෝහල් ත්‍රිත්වයෙන් එකකි. තමන් සතු බුද්ධි තොරතුරු මත, එම මෙහෙයුම සිදු කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ. 

 

රෝහල් පරිශ්‍රයෙන්, ඊශ්‍රායල හමුදා පිටවීමත් සමග අවට ගොඩනැගිලි රැසක් හමුදා ප්‍රහාරවලට ගොදුරු වීමෙන් විනාශව ඇති ආකාරය චන්ද්‍රිකා දත්ත අසුරුන් නිරීක්ෂණය කළ බව, රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

රෝහල් කාර්යමණ්ඩල, ඊශ්‍රායල හමුදා අත්අඩංගුවට ගැනීමෙන්, එම හමුදා විසින්, රෝගී ජීවිත අනතුරේ හෙළා ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහූ ප්‍රකාශ කළහ. උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා (Beit Lahiya) හි සිදු කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින්, අවම වශයෙන් 30 දෙනකුවත් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

is5රෝහල් කාර්යමණ්ඩල, ඊශ්‍රායල හමුදා අත්අඩංගුවට ගැනීමෙන්, එම හමුදා විසින්, රෝගී ජීවිත අනතුරේ හෙළා ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහූ ප්‍රකාශ කළහ.

 

එහෙත්, එම ප්‍රහාරය නිශ්චිත ඉලක්ක හඳුනා එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ. ඉන්, හමාස් ත්‍රස්තයින් සැලකියයුතු පිරිසක් මරුමුවට පත් වූ බවද ඔවුහු ප්‍රකාශ කළහ. ප්‍රහාරය පිණිස භාවිතා කළ වර්ගයේ වෙඩි උණ්ඩ මගින්, පලස්තීන මාධ්‍ය පවසන ආකාරයේ සිවිල් පුද්ගල අනතුරු සංඛ්‍යාවක් කිසිසේත් සිදු නොවියහැකි බවද ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.

ජබාලියා (Jabalia) සහ උතුරු ගාසා තීරයේ බෙයිට් හනෞන් (Beit Hanoun) සහ බෙයිට් ලහියා (Beit Lahiya) හි පසුගිය සති තුන තුළ සිදු කළ ඊශ්‍රායල ප්‍රහාරවලින්, 800කට අධික පලස්තීනුවන් පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 

උතුරු ගාසාවේ, යළි ඒකරාශී වෙමින් සිටි හමාස් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීම පිණිස, එම මෙහෙයුම දියත් කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ.  ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් වලින් ඊශ්‍රායල හමුදා භටයින් තිදෙනකු ද ජීවිතක්ෂයට පත්වූහ. 

 

ගාසා තත්වය බරපතලයි !

උතුරු ගාසා තීරයේ තත්ත්වය අතිශය බරපතල බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය (ICRC) ප්‍රකාශ කරයි. ප්‍රදේශයෙන් පලායාමට උත්සාහ දරන සියලු සිවිල් වැසියන්ට ආරක්‍ෂිත කොරිඩෝවක් සැපයිය යුතු බව ඔවුහු තරයේ කියා සිටිති. පදිංචි ස්ථානවලින් වහා ඉවත්වන ලෙස, නිරන්තර ඊශ්‍රායල දැනුම්දීම් සිදුකෙරෙන අතර, එම හමුදා මැදිහත්වීම් මත, ප්‍රදේශය වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම්,  හිතාමතාම අඩාල කොට තිබේ. මේ හේතුවෙන්, උතුරු ගාසා තීරයේ සමස්ත ජනගහනය අතිශය මානුෂීය ඛේදවාචකයකට ඇද වැටී සිටී.

ගාසා තීරයට නොදුරේම ඉන්ධන, ඖෂධ සහ ආහාර නොමැති වෙයි - ඊශ්‍රායල් බලධාරීන්දකුණු ගාසා හි අල්-මවාසි ( Al-Mawasi) අවතැන් මානුෂීය කලාපය ඊයේ (26), තවදුරටත් පුළුල් කළ බව, ඊශ්‍රායල හමුදා පවසති.

 

ඊශ්‍රායල හමුදා, උතුරු ගාසා තීරය සහ එහි කමල් ආද්වාන් රෝහල ආක්‍රමණය කිරීම, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරී, බසෙම් නයිම් (Basem Naim) පවසයි. බටහිර රටවල ආශිර්වාදයෙන් තොරව, ඊශ්‍රායලයට එවැනි අපරාධයක් සිදු කළ නොහැකි බව ඔහු කියා සිටී. 

එහෙත්, හමාස් සංවිධානය, නිරන්තරයෙන් සිය සන්නද්ධ ක්‍රියාකාරකම් සඳහා, සිවිල් පුරවැසියන්, රෝහල් සහ වෙනත් පොදු ගොඩනැගිලි අවභාවිතා කරන බවට ඊශ්‍රායල හමුදා චෝදනා කරති. හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 

දකුණු ගාසා හි අල්-මවාසි ( Al-Mawasi) අවතැන් මානුෂීය කලාපය ඊයේ (26), තවදුරටත් පුළුල් කළ බව, ඊශ්‍රායල හමුදා පවසති. ඊයේ, බටහිර ඉවුරේ තුල්කර්ම් (Tulkarm) හි සිදු කළ මෙහෙයුමකින්, හමාස් සාමාජිකයකු ඝාතනය කළ බව, ඊශ්‍රායල හමුදා පවසති.

 

රටවල් 20 ක මැරුවාට වැඩි දරුවන් ගණනක් ගාසා තීරයේ සති තුනට මරලා

ගාසා තීරයේ සටන් ඇරඹි තැන් සිට, බටහිර ඉවුරේ විශාල පිරිසක් ඊශ්‍රායල හමුදා ප්‍රහාර මගින්, ජීවිතක්ෂයට පත්වූහ. හමාස් කැරලිකරුවන්, ඊශ්‍රායල හමුදා වෙත ගල් ප්‍රහාර එල්ලකළ පලස්තීන තරුණයින් සහ වෙඩි හුවමාරුවලට මැදි වූ පලස්තීනුවන් විශාල සංඛ්‍යාවක් ඒ අතර වෙති.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරණයෙන් ගැලවීමට මරණය කරා පලායන පලස්තීන වැසියෝඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරණයෙන් ගැලවීමට මරණය කරා පලායන පලස්තීන වැසියෝ

 

ඉකුත් වසරේ ගාසා තීරයේ පැවති වීදි සටන්වලින් ඊශ්‍රායල හමුදා භටයින් රැසක් ද ජීවිතක්ෂයට පත්වූහ. 

පසුගිය වසරේ ඔක්තෝබර 7 දායින් පසු ඇරඹි ඊශ්‍රායල-පලස්තීන ගැටුම්වලින්, ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව මේ වනවිට 43,000 කට ආසන්න වෙමින් පවතී. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...