එම තීරණයත් සමග ගාසා තීරයේ පුළුල් මානුෂීය සහන සේවා මුළුමනින්ම අඩාල වන බවට රටවල් රැසක් බිය පල කරති.
එම සහන කණ්ඩායමේ ඇතැම් සේවකයින් පසුගිය වසරේ ඔක්තෝබර 7 දා ඊශ්‍රායලයේ කළ හමාස් ත්‍රස්ත මෙහෙයුමට සම්බන්ධ බවට සහ තවත් පිරිස් හමාස් සහ වෙනත් සන්නද්ධ සංවිධාන සාමාජිකයින් බවට ඊශ්‍රායලය චෝදනා කරයි. ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ සියළු එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සි සේවකයින් ඊට වගකිවයුතු බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.
ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසින් එළැඹි නව නීති ප්‍රතිපාදන, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර නීතියට සම්පූර්ණයෙන් පටහැනි බව එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සි ප්‍රධානී ෆිලිප් ලසාරිනී (Philippe Lazzarini) පැවසීය.
නව නීතිය සම්මත කරගත් ඊයේ, උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත අතිශය තියුණු මුහුණුවරක් ගත්තේය.
100,000ක ට අධික පලස්තීන සිවිල් වැසියන් දැඩි පීඩාවට පත් කරමින් ඊශ්‍රායල හමුදා යුද රථ, උතුරු ගාසාව ආක්‍රමණය කළේය. අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස්, කිසිත් කර කියාගත නොහැකිව, එහි සිරවී සිටින බව වාර්තා වේ.
හමාස් ත්‍රස්තයින් ප්‍රතිසන්ධාන ගත වීම වළක්වනුවස්, එම මෙහෙයුම් සිදු කරෙන බව ඊශ්‍රායලය පවසයි.
එහි ජබාලියා (Jabalia) කඳවුරු රෝහල තුළ සිදු කළ මෙහෙයුමෙන්, හමාස් ත්‍රස්තයින් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායලය පවසයි. එහෙත්, තම කිසිදු සාමාජිකයකු රෝහල් හෝ සිවිල් වැසියන් පලිහක් කර නැතැයි හමාස් සංවිධානය කියා සිටී.
ඊයේ ගාසා හි සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ බෝම්බ හෙළීම් හමුවේ, 19 දෙනකු මියගිය බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
(The Guardian ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)



