බරපතල තුවාළ ලබා සිටි සිසුවා, රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිගිය බව වෛද්‍යවරු පැවසූහ. අනතුරින් බරපතල තුවාළ ලත් 11 හැවිරිදි සිසුවියන් දෙදෙනකු, 10 හැවිරිදි සිසුවියක සහ තවත් සිසුවකුද රෝහල් ගත කෙරිණි.
අනතුර සිදු කළ මෝටර් රථය පැදවූ, 40 හැවිරිදි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සිය කාරය, පාසල් වැට ද කඩා බිඳ, පාසල තුළට වේගයෙන් කඩා වැදීමට සලස්වමින් ධාවනය කර තිබිණි. ඇය සමග මෝටර් රථයේ සිටි, තවත් පාසල් සිසුවකුට අනතුරින් හානි සිදු වී නැතැයි පොලිසිය පවසයි.
අනතුරට හේතු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)



