BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

පිලිපීනයේ හිටපු ජනපති, අපරාධ මැඬලූ ඝාතක කල්ලියක් ගැන කියයි

T

The Leader Desk

October 29, 2024 • 3:58 PM

පිලිපීනයේ හිටපු ජනපති, අපරාධ මැඬලූ ඝාතක කල්ලියක් ගැන කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමා දවාවෝ (Davao ) නගරාධිපතිව සිටි සමයේ, අපරාධ මැඬලීමට එහි 'ඝාතක බලකායක්' වූ බව හිටපු පිලිපීන ජනපති රොඩ්රිගෝ
  • එය සිය අධීක්ෂණය යටතේ පැවති බව ද ඔහු සඳහන් කළේය.
  • එහෙත්, ඒ පිලිබඳ පරස්පර අදහස් පල කරමින්, වරෙක, එය පොලිස් නිලධාරීන් යටතේ පැවති බවත්, වරෙක, පාතාල මැර කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කළ බවත්, හිටපු ජනාධිපතිවරයා පැවසීය.
  •  දුටර්ටේ, එරට ජනපති සමයේ, පොලිස් නිලධාරියකු සහ තවත් අයෙක් එම ඝාතක කල්ලියේ ක්‍රියාකාරීන් බවට, පාර්ලිමේන්තු සෙනෙට් කමිටුවක් හමුවේ හඳුනා ගැනිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

දුටර්ටේ (Rodrigo Duterte) ඊයේ (28) සහතික කොට ප්‍රකාශ කළේය.

එය සිය අධීක්ෂණය යටතේ පැවති බව ද ඔහු සඳහන් කළේය.

එහෙත්, ඒ පිලිබඳ පරස්පර අදහස් පල කරමින්, වරෙක, එය පොලිස් නිලධාරීන් යටතේ පැවති බවත්, වරෙක, පාතාල මැර කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කළ බවත්, හිටපු ජනාධිපතිවරයා පැවසීය.

 දුටර්ටේ, එරට ජනපති සමයේ, පොලිස් නිලධාරියකු සහ තවත් අයෙක් එම ඝාතක කල්ලියේ ක්‍රියාකාරීන් බවට, පාර්ලිමේන්තු සෙනෙට් කමිටුවක් හමුවේ හඳුනා ගැනිණි.  ඔහුගේ අණින්, පුද්ගල ඝාතන සිදු කළ බවට ඔවුහු ප්‍රකාශ කළද, ඒ පිලිබඳ පැහැදිලි සාක්ෂි නොමැති වීමෙන්, ඒවා ගොතා නගන ලද චෝදනා බව ජනපති හිතවාදී සෙනෙට් සභිකයෝ පැවසූහ.

ඔහු එරට ජනපති සමයේ, නීති විරෝධී මත්ද්‍රව්‍ය මර්දනය පිණිස ක්‍රියාත්මක කළ පුළුල් වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හිටපු ජනපතිවරයා ඊයේ, එරට විශේෂ සෙනෙට් විමර්ශනයකට කැඳවා තිබිණි.  

එහි පැමිණ සිටි, එරට සෙනෙට් සභිකයකු වූ හිටපු ජාතික පොලිස් ප්‍රධානී, රොනාල්ඩෝ ඩෙලා රෝසා (Ronaldo dela Rosa) ද, එම ඝාතක කල්ලියේ ප්‍රධානියකු ලෙස පත් කර සිටි බව, හිටපු ජනපතිවරයා පැවසීය. එය පොලිස්  රාජකාරිය බවද, තමා දවාවෝ නගරාධිපති සමයේ අපරාධකරුවන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූ බවද දුටර්ටේ, සෙනෙට් සභිකයින් හමුවේ ප්‍රකාශ කළේය.

අනාරක්ෂිත සැකකරුවන් ඝාතනයට තමා කිසිවිට අණ ලබා නොදුන් බවද ඔහු කියා සිටියේය. එහෙත්, අපරාධකරුවන් පොලිසිය සමග ගැටුමට පොළඹවා,  එහිදී ඔවුන් ඝාතනයට උපදෙස් දුන් බවත්, එමගින්, නගරය තුළ, සිය ගැටලුව නිරාකරණය කිරීමට  හැකි වූ බවත්, ඔහු පැවසීය.

පසුව සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ, එම ඝාතක කල්ලිය, පොලිස් නිලධාරීන්ගෙන් නොව පාතාල මැර  පිරිස්වලින් සැදුම් ලද්දක් බව ද, 79 හැවිරිදි හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළේය.

"ඔබට අවැසි නම්, මට මේ දැන් වුව, පාපොච්චාරණයක් සිදු කළ හැකියි. ඔව්, මා ළඟ හත් දෙනකුගෙන් සමන්විත ඝාතක කල්ලියක් සිටියා. ඒ, පොලිසිය නොවේ. ඔවුන් සියලු දෙනා මැරයින්," ඔහු පැවසීය.

ඔහු දවාවෝ නගරාධිපති සමයේ, එහි සැකසහිත ඝාතන 1,400කට අධික සංඛ්‍යාවක් සිදු වූ බව, මානව හිමිකම් සංවිධාන පවසති.  

එරට නීති විරෝධී මත්ද්‍රව්‍ය මැඩලීම පිණිස සිදු කළ, පොලිස් මෙහෙයුම් වලින්, 6,200 ක ට අධික පිරිසක් ඝාතනය වූහ. ඒ සම්බන්ධයෙන්,  මේ වන විට, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විමර්ශනයක් ද සිදු කෙරෙමින් පවතී.

එහෙත්, පිලිපීන පොලිසිය, ඝාතන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී, ඔවුන් ඊට එරෙහි වීමෙන් ඇති වූ ගැටුම්වලදී, ආත්මාරක්ෂාව පිණිස සිදු කළ වෙඩි තැබීම්වලින්, එම පුද්ගල මරණ සිදු වූ බව පොලිසිය සඳහන් කරයි.    

(Reuters  ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...