BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

සීනි වංචාවකට ඉන්දුනීසියාවේ හිටපු වෙළඳ ඇමතියෙක් හිරේ

T

The Leader Desk

October 30, 2024 • 4:13 PM

සීනි වංචාවකට ඉන්දුනීසියාවේ හිටපු වෙළඳ ඇමතියෙක් හිරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දුනීසියාවේ හිටපු වෙළඳ අමාත්‍යවරයකු සීනි වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
  •     ඊයේ (29) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගැනිණි.
  • ඒ පිළිබඳව, පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ, නඩු පැවැරුම් නීති නිලධාරී, අබ්දුල් ඛොහාර් (Abdul Qohar), දේශීය පරිභෝජනය පිණිස, අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක, සීනි මෙට්‍රික් ටොන් 105,000ක් ආනයනය පිණිස, හිටපු වෙළඳ අමාත්‍යවරයා අවසර දී තිබු බව හෙළි කළේය.
  • තවද, වෙළඳ අමාත්‍යංශ නිර්දේශ නොවිමසා, එම අවසරය  නිකුත් කර තිබූ  බවද හෙතෙම ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


2015 සිය ධුර කාලයේ, ඔහු විසින්, පුද්ගලික සමාගමකට වංචනිකව සීනි ආනයන බලපත්‍රයක් නිකුත් කිරීම මගින්, රාජ්‍ය භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 25ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්, විමර්ශන නිලධාරීන් විසින්, එම පියවර ගෙන තිබේ.  

 එසේ අත්අඩංගුවට පත් වුයේ, තෝමස් ට්‍රිකාසි ලෙම්බොඞ් (Thomas Trikasih Lembong) නම්, ඉන්දුනීසියාවේ හිටපු වෙළඳ අමාත්‍යවරයෙකි.

ඉන්දුනීසියාව සතු සීනි තොග අතිරික්තයක් පවතිද්දී, එය නොසලකා, ඔහු විසින් එම සීනි ආනයන බලපත්‍රය නිකුත් කර තිබේ.    

ඊයේ (29) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගැනිණි.

ඒ පිළිබඳව, පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ, නඩු පැවැරුම් නීති නිලධාරී, අබ්දුල් ඛොහාර් (Abdul Qohar), දේශීය පරිභෝජනය පිණිස, අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක, සීනි මෙට්‍රික් ටොන් 105,000ක් ආනයනය පිණිස, හිටපු වෙළඳ අමාත්‍යවරයා අවසර දී තිබු බව හෙළි කළේය.

තවද, වෙළඳ අමාත්‍යංශ නිර්දේශ නොවිමසා, එම අවසරය  නිකුත් කර තිබූ  බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඉන් සිදුවූ පාඩුව, ඉන්දුනීසියානු රුපියා බිලියන 400ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 25.42ක් බව ද මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

එම අවසර ලබාදීම මගින් පෙරළා, හිටපු අමාත්‍යවරයා වෙත සීනි අනයනකරුගෙන් ලද ප්‍රතිලාභ හෝ කොමිස් පිලිබඳ මෙතෙක් අනාවරණය වී නැත.

"මම සියල්ල දෙවියන්ට භාර කරමි," යි, අත්අඩංගුවට පත් අමාත්‍යවරයා, විලංගු ලූ දෑත් එසවීමට තැත් කරමින් පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි.

zdrqw3rලෙම්බොඞ්, හිටපු  ජනපති ජෝකෝ විඩෝඩෝ සමග
 එරට ආයෝජන බැංකුකරුවකුද වූ ලෙම්බොඞ්, 2015 - 2016 කාලය තුළ, ඉන්දුනීසියාවේ වෙළඳ අමාත්‍ය ධුරය හෙබවීය. ඔහු, එවක  ජනපති ජෝකෝ විඩෝඩෝ (Joko  Widodo) ගේ සමීප ආධාරකරුවෙකි.

ජනාධිපතිවරයා ජාත්‍යන්තරය අමතා සිදුකළ කතා බොහොමයක්, ඔහු විසින් රචනා කෙරිණි.

2019, සිය දේශපාලන ධුරවලින් සමුගත් ඔහු, විඩෝඩෝ රජය පිලිබඳ  ප්‍රබල විරුද්ධ මතධාරියකු බවට පත්විය.

පසුගිය පෙබරවාරියේ, එරට ජනපති මැතිවරණ වේදිකාවේ, වත්මන් ජනපති ප්‍රබෝවෝ සුබියන්තෝ ( Prabowo Subianto) ගේ ප්‍රතිවාදී අපේක්ෂක, අනීස් බස්වෙදාන් (Anies Baswedan) ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ලද්දේද ලෙම්බොඞ් විසිනි.

ඔහු අත්අඩංගුවට ගැනීම කිසිසේත්, දේශපාලන හේතු මත සිදු නොවූවක් බව, එරට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

2015, ඉන්දුනීසියාවේ සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.49ක් වූ අතර පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 2.12ක් පමණක් විය.

(Reuters  ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සීනි වංචාවකට ඉන්දුනීසියාවේ හිටපු වෙළඳ ඇමතියෙක් හිරේ | The Leader