BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

හිස්බුල්ලා නව නායකයා, නයිම් ඛසෙම් : 'ඕක තාවකාලික පත්කිරීමක්' - ඊශ්‍රායලය කියයි

T

The Leader Desk

October 31, 2024 • 4:54 AM

හිස්බුල්ලා නව නායකයා, නයිම් ඛසෙම් : 'ඕක තාවකාලික පත්කිරීමක්' - ඊශ්‍රායලය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නයිම් ඛසෙම් (Naim Qassem) සිය නව නායකයා බව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පවසයි. ඒ බව ඔක්. 29 දා නිවේදනය කෙරිණි.
  • දුරදිග පවතින එකක් නොවේ," යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් (Yoav Gallant) එක්ස් (X) පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේය.
  • ඊට සතියකට පමණ පසු, මීළඟ හිස්බුල්ලා නායකයා බවට පත්වෙතැයි අනුමාන කළ, එහි ජ්‍යෙෂ්ඨ සාමාජික හෂෙම් ෂෆියදීන්  (Hashem Safieddine) ද ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරු තුරුළට පිවිසියේය.
  • හිස්බුල්ලා සංවිධානය, ලෙබනනයේ සටන් විරාමයකට කැමැත්ත පළ කර ඇති බව ඔහු එහිදී, සඳහන්  කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙසේවුවද ඊශ්‍රායලය පවසන්නේ එය "තාවකාලික" බවයි.

 



හිස්බුල්ලා සංවිධානයේ හිටපු නායක, හසන් නස්රල්ලා, මීට මසකට පමණ පෙර, ඊශ්‍රායලය විසින් ඝාතනය කෙරිණි. "ඕක තාවකාලික පත්කිරීමක්. දුරදිග පවතින එකක් නොවේ," යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් (Yoav Gallant) එක්ස් (X) පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේය.

GbFe7UNWwAAZrtM

ඉරාන සහාය හිමි, හිස්බුලා සංවිධානයේ, ෂුරා (Shura) සභාව විසින්, 71 හැවිරිදි ඛසෙම් සිය මහ ලේකම් ලෙස පත් කරගත් බව ද මීට පෙර, ප්‍රකාශ විය. 

1991 දී එම සංවිධානයේ එවක මහ ලේකම්, අබ්බාස් අල්-මුසාවි (Abbas al-Musawi) විසින්, ඛසෙම් එහි, නියෝජ්‍ය ප්‍රධානී ධුරයට පත් කෙරිණි. ඊට පසු වසරේ, ඊශ්‍රායල හෙලිකොප්ටර ප්‍රහාරයකින් අල්-මුසාවි මරුමුවට පත්විය. 

පසුගිය කාලය පුරා, ඛසෙම්, හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශකයකු ලෙස ද කටයුතු කළේය. 

 

Demonstrators hold pictures of Hassan Nasrallah, late leader of the Lebanese group Hezbollah, during a protest vigil in the southern Lebanese city of Sidon on September 28, 2024. Lebanon announced three days of mourning for Hassan Nasrallah on September 28, after a huge Israeli air strike in Beirut's southern suburbs the previous day killed the Hezbollah leader. (Photo by Mahmoud ZAYYAT / AFP)
හිස්බුල්ලා සංවිධානයේ හිටපු නායක නස්රල්ලා, ඉකුත් සැප්තැම්බර 27 දා, බීරුත් අගනුවර දී, ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය කෙරිණි. ඊට සතියකට පමණ පසු, මීළඟ හිස්බුල්ලා නායකයා බවට පත්වෙතැයි අනුමාන කළ, එහි ජ්‍යෙෂ්ඨ සාමාජික හෂෙම් ෂෆියදීන්  (Hashem Safieddine) ද ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මරු තුරුළට පිවිසියේය.

නස්රල්ලා ඝාතනයෙන් පසු, නව නායක, ඛසෙම්, ජාත්‍යන්තර රූපවාහිනී මාධ්‍ය සාකච්ඡා තුනකට සහභාගී විය. හිස්බුල්ලා සංවිධානය, ලෙබනනයේ සටන් විරාමයකට කැමැත්ත පළ කර ඇති බව ඔහු එහිදී, සඳහන්  කළේය. ඔහු, හිටපු නායක නස්රල්ලා මෙන්, පොළඹවනසුළු,  දැඩි මතධාරී නායකයකු නොවන බව  ලෙබනන වාසීන්ගේ මතයයි.

 

නස්රල්ලා සහ ෂෆියදීන් ගත් මග ගියහොත්, හිස්බුල්ලා ත්‍රස්තවාදී ඉතිහාසයේ, කෙටිම ධුර කාලය හිමි නායකයා නයිම් ඛසෙම් බවට ඉතිහාස ගතවනු ඇතැයි, එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ සිය ආරාබි ගිණුම මත සඳහනක් තබමින් ඊශ්‍රායලය ප්‍රකාශ  කරයි. 

ලෙබනනය තුළ හිස්බුල්ලා සංවිධානය සන්නද්ධ වශයෙන් විනාශ කිරීම හැර, වෙනත් විකල්පයක් නැතැයි ඊශ්‍රායලය කියා සිටී. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...