BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

සුපිරි සුළි කුණාටුවක් හමුවේ තායිවානය වැසේ

T

The Leader Desk

October 31, 2024 • 5:33 AM

සුපිරි සුළි කුණාටුවක් හමුවේ තායිවානය වැසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද පැමිණි සුපිරි සුළි කුණාටුව හමුවේ තායිවානය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
  • ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇත.    30 වසරකට පසු, එරටට බලපා ඇති දරුණුතම සුළි කුණාටුව මෙය බව වාර්තා වේ.
  • තායිවානයට අද කොන්ග්-රේ (Kong-rey) සුපිරි සුළි කුණාටුව පතිත පතිත වීමට නියමිත බවට ඊයේ කාලගුණ අනාවැකි පළ කෙරිණි.
  • එරට ඉතා අල්ප ජනගහනයක් සහිත නැගෙනහිර වෙරළ තීරයට එහි දැඩි බලපෑම එල්ල වනු ඇතැයි කාලගුණ බලධාරීහු පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, එරට තුළ එක් දින නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සියලු වාණිජ මධ්‍යස්ථාන වසා දමා තිබේ. ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇත. 

 

30 වසරකට පසු, එරටට බලපා ඇති දරුණුතම සුළි කුණාටුව මෙය බව වාර්තා වේ. තායිවානයට අද කොන්ග්-රේ (Kong-rey) සුපිරි සුළි කුණාටුව පතිත පතිත වීමට නියමිත බවට ඊයේ කාලගුණ අනාවැකි පළ කෙරිණි. එරට ඉතා අල්ප ජනගහනයක් සහිත නැගෙනහිර වෙරළ තීරයට එහි දැඩි බලපෑම එල්ල වනු ඇතැයි කාලගුණ බලධාරීහු පැවසූහ. සුළි කුණාටුව පතිත වීමත් සමග, දිවයින පුරා දැඩි සුළං සහිත වර්ෂාපතනයක් හටගෙන තිබේ.

සුළඟේ ගැස්ම සමග එහි වේගය පැයට සැතපුම් 155 කි.  

 

1730290959776AFP 20241030 36L86EH v1 Preview TaiwanWeatherTyphoon
සුළි කුණාටුව, දකුණු තායිවානය ඔස්සේ, තායිවාන සමුද්‍ර සන්ධියෙන් චීනයට ළඟාවීමට නියමිතය.

සුළි කුණාටුවත් සමග, තායිවානයේ නැගෙනහිර කඳුකර පෙදෙස් වෙත මීටර 1.2ක වර්ෂාපතනයක් අපේක්ෂිතය. එරට කඳුකරයෙන් සහ වෙරළ තීරයෙන් හැකි තාක් ඉවත්වන ලෙස ප්‍රදේශවාසීන් වෙත දැනුම් දී තිබේ. එය 4 ශ්‍රේණියේ දරුණු සුළි කුණාටුවක් වශයෙන් නම් කර තිබේ.

(Reuters  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුපිරි සුළි කුණාටුවක් හමුවේ තායිවානය වැසේ | The Leader