BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

ඊශ්‍රායල-ලෙබනන සටන් විරාමයක් පිලිබඳ බලාපොරොත්තු

T

The Leader Desk

October 31, 2024 • 7:31 AM

ඊශ්‍රායල-ලෙබනන සටන් විරාමයක් පිලිබඳ බලාපොරොත්තු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරි දින කිහිපය තුළ, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් ඇරඹෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෙබනන අග්‍රාමාත්‍ය නජිබ් මිකාටී ඊයේ (30) සඳහන් කළේය.
  •   ඇමෙරිකානු ජනපතිවරණයට පෙර, සටන්විරාමයකට පිවිසීම අසීරු වනු ඇතැයි තමා පෙර විශ්වාස කළ බව, ලෙබනන අග්‍රාමාත්‍යවරයා පැවසීය.
  • එහෙත්, මැද පෙරදිග සංචාරයේ නියුතු එක්සත් ජනපද දූත මණ්ඩල ප්‍රධානී අමොස් හොච්ස්ටීන් (Amos Hochstein) සමග පැවති සාකච්ඡාවෙන් පසු, සාධනීය අපේක්ෂාවෙන් පසුවන බව ඔහු සඳහන් කළේය.
  • එක්සත් ජනපද ජනපතිවරණය ලබන අඟහරුවාදා (05) පැවැත්වේ.  (Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
අකුරු ප්‍රමාණය (Font Size):

දෙරට අතර  දින 60ක සටන් විරාම අපේක්ෂාවක් පිලිබඳ යෝජිත කෙටුම්පතක් ඊශ්‍රායල මාධ්‍ය විසින්, අනාවරණය කිරීමත් සමග, ලෙබනන භාරකාර අග්‍රාමාත්‍යවරයා විසින් එම ප්‍රකාශය සිදු කර තිබේ. 

එය වොෂින්ටනයෙදී කෙටුම්පත් කරන ලද්දක් බවත්, තොරතුරු කලින් පිටවී ඇති බවත් වාර්තා වේ. යෝජිත සටන් විරාම කෙටුම්පතට අනුව, හැට දින සටන් විරාමයේ මුල් සතිය තුළ, ඊශ්‍රායල හමුදා, ලෙබනනයෙන් ඉවත් කර ගැනීමට නියමිතය.

 

ඇමෙරිකානු ජනපතිවරණයට පෙර, සටන්විරාමයකට පිවිසීම අසීරු වනු ඇතැයි තමා පෙර විශ්වාස කළ බව, ලෙබනන අග්‍රාමාත්‍යවරයා පැවසීය. එහෙත්, මැද පෙරදිග සංචාරයේ නියුතු එක්සත් ජනපද දූත මණ්ඩල ප්‍රධානී අමොස් හොච්ස්ටීන් (Amos Hochstein) සමග පැවති සාකච්ඡාවෙන් පසු, සාධනීය අපේක්ෂාවෙන් පසුවන බව ඔහු සඳහන් කළේය.

එක්සත් ජනපද ජනපතිවරණය ලබන අඟහරුවාදා (05) පැවැත්වේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...