එරට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් වන බව පෙර දින දකුණු කොරියානු පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. එය ලබන නොවැම්බර් මස, ඇමෙරිකානු ජනපතිවරණයට සාපේක්ෂව සිදුකෙරෙනු ඇති බවට සැක කෙරිණි.
එහෙත්, එම අනාවරණයෙන් දිනකට පසුව, මෙම අත්හදා බැලීම සිදු කිරීමට උතුරු කොරියාව පියවර ගත්තේය.
එරට ප්යොන්ග්‍යංග් (Pyongyang) අගනුවරට අසන්න ස්ථානයක සිට, උතුරු කොරියානු වේලාවෙන් ඊයේ පෙ.ව.7.10 (ජාත්‍යන්තර වේලාවෙන් 2210) ට ඉතා තියුණු කෝණයකින් එය දියත් කර තිබේ. ජාත්‍යන්තර වේලාවෙන් පැය 2337 ට එය මුහුදට පතිත වූ බව ජපානය සඳහන් කළේය.
එය ඉතා උස් කෝණයකින් දියත් කළ, දිගු දුර බැලස්ටික් මිසයිලයක් බව සඳහන්ය.
ජපානයේ උතුරු හොකයිඩෝ කලාපයෙන් එපිට ඔකුෂිරි (Okushiri ) දිවයිනට කිලෝ මීටර 300ක් පමණ ඔබ්බෙන්, මිසයිලය මුහුදට පතිත වීමට නියමිත බව මීට පෙර ජපන් රජය නිවේදනය කළේය. රුසියානු වෙරළ තීරය වෙත ඇදී යන එම සමුද්‍ර පරිශ්‍රය, විශේෂිත ආර්ථික කලාපයක් සේ සැලකේ.
ජපන් ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි ( Nakatani ), උතුරු කොරියාවේ එම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. එය, ජපානයට පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද විශාල අවදානමක් එල්ල කර ඇතැයි ඔහු පැවසීය. උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් පිලිබඳ ඉතිහාසයේ, දිගුම මිසයිල ගුවන් කාලය මෙය බවද ඔහු සඳහන් කළේය.
උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීමෙන් හානියක් නැතැයි ජපන් අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා පසුව පැවසීය.
උතුරු කොරියාව මීට පෙර, අවසන් වරට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලන ලද්දේ, පසුගිය දෙසැම්බරයේදීය.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
උතුරු කොරියාව දිගුදුර මිසයිලයක් මුදාහරී
T
The Leader Desk
October 31, 2024 • 5:18 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- උතුරු කොරියාව ඊයේ (30), දිගු දුර මිසයිලයක් අතහදා බැලීය. එරට, නැගෙනහිර වෙරළ තීරයෙන් එය සයුර වෙත මුදා හැරිණි.
- එය ලබන නොවැම්බර් මස, ඇමෙරිකානු ජනපතිවරණයට සාපේක්ෂව සිදුකෙරෙනු ඇති බවට සැක කෙරිණි.
- එරට ප්යොන්ග්‍යංග් (Pyongyang) අගනුවරට අසන්න ස්ථානයක සිට, උතුරු කොරියානු වේලාවෙන් ඊයේ පෙ.ව.7.10 (ජාත්‍යන්තර වේලාවෙන් 2210) ට ඉතා තියුණු කෝණයකින් එය දියත් කර තිබේ.
- එය ඉතා උස් කෝණයකින් දියත් කළ, දිගු දුර බැලස්ටික් මිසයිලයක් බව සඳහන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


