BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

'අඩු තරමේ ගාසා තීරයේ රෝහල්වත් බේරා දෙන්න' - පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

T

The Leader Desk

November 1, 2024 • 6:14 AM

'අඩු තරමේ ගාසා තීරයේ රෝහල්වත් බේරා දෙන්න' - පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (31) ගාසා තීරය පුරා සිදු කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පලස්තීනුවෝ 46 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
  • රෝහල, හමාස් සංවිධානයේ හමුදා ක්‍රියාන්විත පිණිස භාවිතා වන බවට ඊශ්‍රායල හමුදා චෝදනා කරති.
  •       කමල් අද්වාන් රෝහල, ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට පාරාදීසයක්ව ඇති බව ඊශ්‍රායල හමුදා පවසති.
  •     ඊයේ සන්ධ්‍යාවේ, මධ්‍යම ගාසාවේ නුසෙරත් (Nuseirat) කඳවුර වෙත එල්ල කෙරුණු ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව 16 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්, දරුණුම ප්‍රහාර එල්ල වූයේ උතුරු ගාසා තීරයේ, බෙයිට් ලහියා (Beit Lahiya) හි පිහිටි, කමල් අද්වාන් (Kamal Adwan) රෝහල වෙතය. ප්‍රහාරවලින් එහි ඖෂධ ගබඩාව මුළුමනින්ම ගිනිගෙන විනාශ වූ අතර රෝහල් මෙහෙයුම් ද ඇණහිටිණි. රෝහල, හමාස් සංවිධානයේ හමුදා ක්‍රියාන්විත පිණිස භාවිතා වන බවට ඊශ්‍රායල හමුදා චෝදනා කරති.      

කමල් අද්වාන් රෝහල, ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට පාරාදීසයක්ව ඇති බව ඊශ්‍රායල හමුදා පවසති. පලස්තීන සෞඛ්‍ය බලධාරීහු  එම චෝදනා ප්‍රතික්ෂේප කරති.

 

 

ඊයේ සන්ධ්‍යාවේ, මධ්‍යම ගාසාවේ නුසෙරත් (Nuseirat) කඳවුර වෙත එල්ල කෙරුණු ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව 16 කි. මියගිය පිරිස අතර පරිපූරක වෛද්‍ය වෘත්තිකයකු සහ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙක් ද වෙති.

වත්මන, ඊශ්‍රායල හමුදා සිය දැඩි අවධානය යළි උතුරු ගාසා තීරය වෙත වෙත යොමු කර තිබේ. එහි, හමාස් බලය බිඳ දැමූ බව ඉකුත් ජනවාරි මස ප්‍රකාශ කළද,  ත්‍රස්තවාදීන් නැවත ඒකරාශී වීමේ සම්භාවිතාවක් පවතින බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරති. ඒ අනුව, උතුරේ, ජබාලියා, බෙයිට් ලහියා සහ බෙයිට් හනෞන් වැනි ප්‍රදේශ නිරන්තර ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලට නතු වෙමින් පවතී. 

 

4540497 1829771523
කමල් අද්වාන් රෝහල වෙත පසුගිය සතියේ සිටම ප්‍රහාර එල්ල වෙමින් තිබේ. 

එහි සිදුකළ සෝදිසි වලින්, ත්‍රස්තවාදීන් 100ක් පමණ අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල හමුදා පවසති. රෝහල අවට තවමත්, ඊශ්‍රායල හමුදා යුද ටැංකි රඳවා ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ගාසා තීරයේ සියළු රෝහල්, ඊශ්‍රායල කෲර හමුදා ප්‍රහාර සහ හදිසි ආක්‍රමණවලින් බේරා දෙන ලෙස පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටී.

(Reuters  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
 
මූලාශ්‍ර:
At least 46 Palestinians killed in Israeli strikes, hospital hit, says Gaza ministry


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අඩු තරමේ ගාසා තීරයේ රෝහල්වත් බේරා දෙන්න' - පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ජාත්‍යන්තරයෙන් ඉල්ලයි | The Leader