BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

'අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය සාර්ථකයි' - උතුරු කොරියාව කියයි

T

The Leader Desk

November 1, 2024 • 12:15 PM

'අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය සාර්ථකයි' - උතුරු කොරියාව කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඝන ඉන්ධන මගින් බල ගැන්වෙන සිය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ඊයේ (31) අති සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව අද නිවේදනය කළේය. මිසයිලය හවසොඞ් - 19 (Hwasong-19) ලෙස නම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මින් පෙර, සිය කිසිදු මිසයිලයකට නොදෙවනිව, එය ඉහළ අහසට වැඩි දුරක් ගමන් කළ බව උතුරු කොරියාව පවසයි. 

දකුණු කොරියාව සහ ජපානය ඇතුළු ජාත්‍යන්තර නිරීක්ෂකයෝ එය තහවුරු කළහ. එය තීව්‍ර කෝණයකින් අභ්‍යවකාශය තෙක් ඇදී  ගොස්,  ජපානය සහ රුසියාව අතර මුහුදු කලාපයට පතිත වූ බව ඔවුහු පවසති. 

ඊයේ අත්හදා බලන ලද්දේ ලොව බලවත්ම උපාය මාර්ගික මිසයිලය බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කළේය. 

උතුරු කොරියාව විසින්  මෙතෙක් අත්හද බලන ලද අනෙකුත් කිසිදු මිසයිලයක් මෙන් නොව  හවසොඞ් - 19 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයට, ඇමෙරිකාවේ ඕනෑම ස්ථානයකට පහර දිය හැකි බව එරට මාධ්‍ය පවසයි. 

එය උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් (Kim Jong Un) ගේ න්‍යෂ්ටික ඒකාධිපතිත්වය මොනවට පැහැදිලි කර ඇතැයි උතුරු කොරියානු මාධ්‍ය පවසයි. 

(Reuters  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
North Korea says record test was new Hwasong-19 intercontinental ballistic missile


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...