BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

ඉන්දුනීසියානු ශ්‍රේෂ්ඨාධිකරණය, පාම් වගාවට එරෙහි අභියාචනාවක් ඉවත දමයි

T

The Leader Desk

November 2, 2024 • 6:58 AM

ඉන්දුනීසියානු ශ්‍රේෂ්ඨාධිකරණය, පාම් වගාවට එරෙහි අභියාචනාවක් ඉවත දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දුනීසියානු ශ්‍රේෂ්ඨාධිකරණය, පාම් වගාවට එරෙහි අභියාචනාවක් පෙරේදා (31) ප්‍රතික්ෂේප කළේය.
  • එමගින්, සිය  පාරම්පරික ගම් බිම් සහ සම්ප්‍රදායික උරුමයන් විනාශ වන බව ඔවුහු ප්‍රකාශ කරති.
  • එරට අපනයන කර්මාන්තයේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 30 කි.
  • ඉන්දුනීසියාවේ අව්යු (Awyu) ආදිවාසී ජන සමූහයේ වොරෝ (Woro) ජන කොටසට අයත් අක්කර 88,960ක් පාම් වගාව පිණිස, ඉන්දු ආසියානා ලෙස්ටාරී (PT Indo Asiana Lestari ) නම් සමාගමකට ලබා දීමට රජය පියවර ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට වැසි වනාන්තරයක අක්කර දහස් ගණනක් පාම් වගාවට නිදහස් කිරීමට එරෙහිව, ඉන්දුනීසියානු ආදිවාසීන් විසින් එම නඩුව පවරා තිබිණි. එමගින්, සිය  පාරම්පරික ගම් බිම් සහ සම්ප්‍රදායික උරුමයන් විනාශ වන බව ඔවුහු ප්‍රකාශ කරති.

ඉන්දුනීසියාව ලොව විශාලතම පාම් තෙල් අපනයනකරුවාය. එරට අපනයන කර්මාන්තයේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 30 කි.

ඉන්දුනීසියාව ලොව විශාලතම පාම් තෙල් අපනයනකරුවාය.
ඉන්දුනීසියාවේ අව්යු (Awyu) ආදිවාසී ජන සමූහයේ වොරෝ (Woro) ජන කොටසට අයත් අක්කර 88,960ක් පාම් වගාව පිණිස, ඉන්දු ආසියානා ලෙස්ටාරී (PT Indo Asiana Lestari ) නම් සමාගමකට ලබා දීමට රජය පියවර ගත්තේය.

නීතිය පසිඳලන ඉහළම තැනින් දුන් මෙම තීන්දුවෙන් තමා ඇතුළු ජන පිරිස දැඩි කම්පනයට පත්ව ඇතැයි, රජයේ තීරණයට එරෙහිව නීතිය ඉදිරියේ සටනට පණ  පෙවූ ආදිවාසී සමූහයේ සාමාජික හෙන්ද්රිකස් (Hendrikus) පවසයි. සිය සටනට, රජයෙන්ද කිසිදු සහායයක් නොලැබුණු බව ඔහු ප්‍රකාශ කළේය.

b59bae006383b28656bf26ad9992b2b9නීතිය පසිඳලන ඉහළම තැනින් දුන් මෙම තීන්දුවෙන් තමා ඇතුළු ජන පිරිස දැඩි කම්පනයට පත්ව ඇතැයි, රජයේ තීරණයට එරෙහිව නීතිය ඉදිරියේ සටනට පණ  පෙවූ ආදිවාසී සමූහයේ සාමාජික හෙන්ද්රිකස් (Hendrikus) පවසයි

 

ඉන්දුනීසියාවේ, නීතිය පසිඳලන ඉහළම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයයි.


ආදීවාසීන්ගේ අභියාචනය කල් ඉකුත්වූ ගිය එකක් බව බහුතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළහ. එසා සුවිසල් අභ්‍යන්තර පාරිසරික පද්ධතියක් පාම් වගාවට මුදා හැරීමේ රජයේ තීරණය, එරට පරිසර නීති උල්ලංඝනය කරන්නක් යැයි, එහිදී එක විනිසුරුවරයෙක් පමණක් පැවසීය.

 

supreme cortඉන්දුනීසියාවේ, නීතිය පසිඳලන ඉහළම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයයි.

අදාළ සමාගම මෙතෙක් නඩු තීන්දුව පිලිබඳ කිසිවක් ප්‍රකාශ කර නැත.

භූමිය මිලදී ගැනීමට පෙර, එහි ආදිවාසී කණ්ඩායමක් 12ක් සමග, නීත්‍යානුකූලව ගිවිසුම් අත්සන් කළ බව ඔවුහු මීට පෙර ප්‍රකාශ කළහ.  


(Reuters  ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)


මූලාශ්‍ර:
Indonesia's top court rejects Indigenous community's appeal in palm oil case

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දුනීසියානු ශ්‍රේෂ්ඨාධිකරණය, පාම් වගාවට එරෙහි අභියාචනාවක් ඉවත දමයි | The Leader