කොරියානු අර්ධද්වීපය තුළ යුද වාතාවරණයක් වර්ධනය කිරීම සම්බන්ධයෙන්, උතුරු කොරියාව විසින් එක්සත් ජනපදයට සහ දකුණු කොරියාවට ද දෝෂාරෝපණය කළේය.
සිය හමුදා ශක්තිය තර කිරීම මගින් සතුරු තර්ජනයට එරෙහි ආරක්ෂාව තහවුරු කරන බවත්, කලාපය තුළ ආරක්ෂාව සමතුලිත ලෙස පවත්වාගැනීම එහි අපේක්ෂාව බවත්, උතුරු කොරියානු විදේශ අමාත්‍යංශය ඊයේ (01), එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පැවසීය.
එක්සත් ජනපදය සහ දකුණු කොරියාව මේ වන විට, විවිධ යුද කුමන්ත්‍රණ 20කට පමණ එක් වී ඇතැයි ද, ඊට න්‍යෂ්ටික ප්‍රහාරයකින් මිස පිළිතුරු දීමේ අන් මගක් නැතැයි ද, එහි ප්‍රකාශ විය.
පසුගියදා උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට පියවර ගත්තේය. එය අති සාර්ථක වූ බව ප්යොන්ග්යන්ග් අගනුවර ඊයේ වාර්තා කළේය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා එය දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළ අතර, උතුරු කොරියානු නායකයාගේ ප්‍රබල සොයුරිය, කිම් යෝ ජොන්ග් (Kim Yo Jong), ඊයේ ඊට සිය විරෝධය පල කළාය. අවි පරික්ෂාව ආත්මාරක්ෂාව උදෙසා සිදු කරන්නක් බව ඇය පැවසීය.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
සබැඳි ලිපි :
'අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය සාර්ථකයි' - උතුරු කොරියාව කියයි
උතුරු කොරියාව දිගුදුර මිසයිලයක් මුදාහරී
'අවි පරික්ෂාව ආත්මාරක්ෂාව පිණිසයි' - උතුරු කොරියා නායකගේ සොයුරිය කියයි
T
The Leader Desk
November 2, 2024 • 8:52 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සිය ආත්මාරක්ෂාව තහවුරු කරගැන්ම හැර වෙනත් විකල්පයක් නැතැයි, උතුරු කොරියාව පවසයි.
- සිය හමුදා ශක්තිය තර කිරීම මගින් සතුරු තර්ජනයට එරෙහි ආරක්ෂාව තහවුරු කරන බවත්, කලාපය තුළ ආරක්ෂාව සමතුලිත ලෙස පවත්වාගැනීම එහි අපේක්ෂාව බවත්, උතුරු කොරියානු විදේශ අමාත්‍යංශය ඊයේ (01), එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පැවසීය.
- එක්සත් ජනපදය සහ දකුණු කොරියාව මේ වන විට, විවිධ යුද කුමන්ත්‍රණ 20කට පමණ එක් වී ඇතැයි ද, ඊට න්‍යෂ්ටික ප්‍රහාරයකින් මිස පිළිතුරු දීමේ අන් මගක් නැතැයි ද, එහි ප්‍රකාශ විය.
- එය අති සාර්ථක වූ බව ප්යොන්ග්යන්ග් අගනුවර ඊයේ වාර්තා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


