කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය.
කළු ජාතික කාන්තාවක කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට පත්වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි.
පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැති සටනේදී, බේඩ්නොච්ට අභියෝගයක් එල්ල වූයේ හිටපු සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු ද වන රොබර්ට් ජෙන්රික්ගෙනි.
කෙසේ නමුත් අවසානයේ කොන්සවර්ටිව් පක්ෂයේ සියයට 57 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ සහාය බේඩ්නොච්ට ලැබෙන බවය.
මීට පෙර කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා ලෙසත්, අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක්ය. පසුගිය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කොන්සවර්ටිව් පක්ෂය පරාජය වූ අතර, එම මැතිවරණය ජයග්‍රහණය කර, දැන් බලයේ සිටින්නේ කම්කරු පක්ෂයයි.
මැතිවරණ පරාජයෙන් පසු කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වය මෙසේ වෙනස් කෙරුණි. කෙමී බේඩ්නොච්ට පක්ෂ නායකත්වය හිමිවූයේ ඒ අනුවය.
(lankadeepa.lk)
බ්‍රිතාන්‍ය කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
T
The Leader Desk
November 2, 2024 • 4:05 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.
- කෙසේ නමුත් අවසානයේ කොන්සවර්ටිව් පක්ෂයේ සියයට 57 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ සහාය බේඩ්නොච්ට ලැබෙන බවය.
- මීට පෙර කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා ලෙසත්, අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


