BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ඔස්ට්‍රේලියාව ශිෂ්‍ය ණය කපා හරී

T

The Leader Desk

November 3, 2024 • 4:41 AM

ඔස්ට්‍රේලියාව ශිෂ්‍ය ණය කපා හරී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියානුවන් විසින් අධ්‍යයන කටයුතු පිණිස ලබා ඇති ශිෂ්‍ය ණය 20%කින් කපා හරින බව එරට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස් (Anthony Albanese) අද ප්‍රකාශ කළේය.
  • එරට ශිෂ්‍යයින් සිය තෘතීක අධ්‍යාපනය වෙනුවෙන් ලබා ඇති මූල්‍ය ණය මෙසේ කපා හැරීම් මගින්, ඉකුත් මැයි මස අය වැය පොරොන්දු මත, රාජ්‍ය අධ්‍යාපන පිරිවැය දැරීම් වෙනුවෙන් දායකත්වය තහවුරු කර ඇතැයි රජය පවසයි.
  • ශිෂ්‍ය ණය කපා හැරීමේ නවමු වැඩපිළිවෙළ, දැනටමත් විශාල අධ්‍යයන ණය ලබා සිටින ඔස්ට්‍ර්ලියානු සිසුන්ට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇතැයි, විශ්වාස කරන බවද, ඉදිරි වසරවල එම වැඩසටහන, තවත් ශිෂ්‍ය කොටස් වෙත යොමු කිරීමට අදහස් කරන බව ද, අග්‍රාමාත්‍යවරයා පැවසීය.
  • ණය කපා හැරීමේ වැඩසටහන මගින්, ඕස්ට්‍රේලියානු ඩොලර් 27,600 ලබා ඇති ශිෂ්‍යයකුගේ එම ණය මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් 5,520 කින් කපා හැරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, ඇමෙරිකානු ඩොලර් බිලියන 10.49 ක ශිෂ්‍ය ණය කපා හැරේ. එරට ශිෂ්‍යයින් සිය තෘතීක අධ්‍යාපනය වෙනුවෙන් ලබා ඇති මූල්‍ය ණය මෙසේ කපා හැරීම් මගින්, ඉකුත් මැයි මස අය වැය පොරොන්දු මත, රාජ්‍ය අධ්‍යාපන පිරිවැය දැරීම් වෙනුවෙන් දායකත්වය තහවුරු කර ඇතැයි රජය පවසයි.

 

මීට අමතරව, සිල්ලර ඖෂධ වෙළඳපොළ, අධික මිල නොවන පරිදි ඖෂධ නිෂ්පාදන ආයෝජන දිරිගැන්වීම සහ විශේෂ කුලී පදනම මත නිවාස හා ගොඩනැගිලි ලබා දීමේ වැඩසටහන්ද ක්‍රියාවට නැංවේ.

ශිෂ්‍ය ණය කපා හැරීමේ නවමු වැඩපිළිවෙළ, දැනටමත් විශාල අධ්‍යයන ණය ලබා සිටින ඔස්ට්‍ර්ලියානු සිසුන්ට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇතැයි, විශ්වාස කරන බවද, ඉදිරි වසරවල එම වැඩසටහන, තවත් ශිෂ්‍ය කොටස් වෙත යොමු කිරීමට අදහස් කරන බව ද, අග්‍රාමාත්‍යවරයා පැවසීය.

loan ausi stud

ණය කපා හැරීමේ වැඩසටහන මගින්, ඕස්ට්‍රේලියානු ඩොලර් 27,600 ලබා ඇති ශිෂ්‍යයකුගේ එම ණය මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් 5,520 කින් කපා හැරේ. ශිෂ්‍ය  ණය ලබා ඇති ඕස්ට්‍රේලියානුවන් විසින්, වාර්ෂිකව ආපසු ගෙවිය යුතු ණය වාරික මුදල් අඩු කිරීම කෙරෙහිද සැලසුම් සකස් කරමින් ඇති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාව තුළ ද මේ වන විට ජීවන වියදම සහ උධමනය ඉහළ යමින් පවතී. වත්මන, ඇමෙරිකානු ඩොලරයක වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් 1.5246 කි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...