අද නිවේදනය කළේය.
අග්‍රාමත්‍ය මොස්තෆා මැඩ්බෞලි (Mostafa Madbouly) එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව, එරටට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වන ණය වාරිකය යටතේ, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ණය සහනයක් අපේක්ෂා කෙරේ.
උද්ධමනය සහ ඩොලර් සංචිත සිඳීයාමෙන් ආර්ථික අර්බුදයට පත් ඊජීප්තුව වෙනුවෙන්, 2022 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මාස 46 ක ණය වැඩසටහනක් දියත් කෙරිණි. මේ වසරේ, එය ඩොලර් බිලියන 8ක් තෙක් වර්ධනය කර තිබේ.
එළඹෙන සතියේ එම සාකච්ඡා අතර ඊජීප්තු ආර්ථිකය හරිතවත් කිරීමේ එරට යෝජනා සලකා බැලීමට ද නියමිතය. සංහිඳියා සහ තිරසර පහසුකම් යටතේ, ඊජිප්තුව විසින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අදාළ ණය පහසුකම් ඉල්ලා තිබේ.
කලාපීය රටවල් වත්මන මුහුණ පා ඇති අභියෝග හමුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ඊජිප්තු ණය වැඩසටහන ප්‍රතිව්‍යුහ ගත කිරීමේ අවශ්‍යතා පැනනැගී ඇතැයි, ඊජිප්තු ජනපති අබ්දෙල් ෆාටා අල්-සිසි ( Abdel Fattah al-Sisi ) පසුගියදා කියා සිටියේය. ඒ සඳහා ඊජිප්තුවේ දායකත්වය, ඉලක්ක සහ අපේක්ෂිත කාලවකවානු නැවත සලකා බැලීමක් අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊජිප්තු ණය වැඩසටහනේ තෙවන සමාලෝචනය ඉකුත් ජුලි මස සිදු කෙරිණි. එරට උද්ධමන පීඩනය, ඉතා අල්ප ලෙස හීන වී ඇතැයි එහිදී අනාවරණය විය. සිඳී ගිය විදෙස් සංචිත යළි සුරක්ෂිත කර ඇතැයි ද තහවුරු විය.
අදාළ ණය වැඩසටහන යටතේ, ඊජිප්තුව, විශාල යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් පිලිබඳ මූල්‍ය ඉලක්ක සපුරා ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.
එහෙත්, එරට රාජ්‍ය සමාගම් විමධ්‍යගතකරණය තවදුරටත් කඩිනම් කළ යුතුව ඇතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහිදී උදක්ම ප්‍රකාශ කළේය. එම සියළු ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර වශයෙන්, අසාධාරණ තරගකාරීත්වයට නතු නොවන අයුරින් සිදු කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
ඊජිප්තුව, අප්‍රිකාවේ, ඊශානදිග තුඩුවේ පිහිටි රාජ්‍යයක්වේ. එය අප්‍රිකානු මහද්වීපයට පිවිසීමේ අතිශය වැදගත් දොරටුවකි. එරට සූවස් ඇල මාර්ගය ඔස්සේ, මධ්‍යධරණී සාගරය, රතු මුහුද සහ ඉන්දියන් සාගරය හා සම්බන්ධ වේ.
සෞදි අරාබියේ පැවති චීන-අරාබි සමුළුවේ සමාරම්භක උළෙලේ දී, ඊජිප්තු ජනපති අබ්දෙල් ෆාටා අල්-සිසි, චීන ජනපති ෂී ජින්පින් හමුවී
ඊජිප්තුව, 'චීනයේ තීරයක් සහ මාවතක්', දැවැන්ත ජාත්‍යන්තර සමාජ, ආර්ථික වැඩසටහනේද, ප්‍රබල කොටස්කරුවෙකි. එම වඩසටහන ඔස්සේ, එරට මිලියන 100 කට අධික ජනගහනය, චීන පාරිභෝගික වෙළඳපොල වෙත සමීප කෙරේ. චීනයේ 'තීරයක් සහ මාවතක්' වැඩසටහනට සෘජුව සම්බන්ධිත ඊජිප්තුවේ මහාපරිමාණ ව්‍යපෘති රැසක් වෙත චීන ආයෝජන දියත් කර තිබේ.
ඊජිප්තු, සූවස් ආර්ථික සහ වෙළඳ සහයෝගිතා කලාපය 2008 දී බිහි විය. එහි භූගෝලීය පිහිටීම සහ සේවා සැපයුම් පහසුව හේතුවෙන්, එය කලාපීය 'තීරයක් සහ මාවතක්' වැඩසටහනේ ප්‍රධාන ආර්ථික ආයෝජන ව්‍යාපෘතියක් සේ සැලකේ. එම ආර්ථික හා වෙළඳ කලාපය චීන නිෂ්පාදන සඳහා කේන්ද්‍රස්ථානයකි.
ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් යටතේ, චීන සමාගම් 102ක් පමණ එහි ක්‍රියාත්මක ය. එමගින්, නව රැකියා අවස්ථා 30,000 කට අධික සංඛ්‍යාවක් බිහි කර ඇති අතර, ඩොලර් බිලියන 2.5 ක වෙළඳ ගනුදෙනු සිදු කර තිබේ.
ඊජිප්තුව සහ චීනය අතර සමුද්‍රීය මෙන්ම ද්වීපාර්ශ්වීය ආරක්ෂක සබඳතාද තර කර තිබේ. දෙරට අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ පුහුණු වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මකය.
ඒසා සුවිසල් ආර්ථික ක්‍රියාවලියකට චීනය හා සෘජුව සම්බන්ධ රටක් ලෙස ඊජිප්තුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් උගුලේ නොවැටී, සිය ආර්ථික සංවර්ධනය යථාවත් සහ තිරසර ලෙස කළමනාකරණය කරගත යුතු බව මැදහත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
එරට සියළු ආර්ථික ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර වශයෙන්, අසාධාරණ තරගකාරීත්වයට නතු නොවන අයුරින් සිදු කළ යුතු බවට වන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ සම්බන්ධයෙන් වඩා සුපැහැදිලි නිර්වචනයක් ඊජිප්තු පාර්ශ්වයෙන් ද පැවතිය යුත්තේ එහෙයිනි.
දැනට පවතින ද්වීපාර්ශ්වීය, ආර්ථික සහ වාණිජ සහයෝගයට පිටුපා සිදු කළහැකි සමාජ, ආර්ථික සංවර්ධනයක් ඊජිප්තුවට නැත්තේය.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
ඊජිප්තුව - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මීළඟ සමාලෝචනය ඇරඹේ
T
The Leader Desk
November 3, 2024 • 4:49 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊජිප්තු ණය වැඩසටහෙන් මීළඟ සමාලෝචනය ලබන අඟහරුවාදා (05) අරඹන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)
- ඒ අනුව, එරටට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වන ණය වාරිකය යටතේ, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ණය සහනයක් අපේක්ෂා කෙරේ.
- උද්ධමනය සහ ඩොලර් සංචිත සිඳීයාමෙන් ආර්ථික අර්බුදයට පත් ඊජීප්තුව වෙනුවෙන්, 2022 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මාස 46 ක ණය වැඩසටහනක් දියත් කෙරිණි.
- මේ වසරේ, එය ඩොලර් බිලියන 8ක් තෙක් වර්ධනය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


