BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

'පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය රට තුළ තහනම්'

T

The Leader Desk

November 4, 2024 • 11:21 AM

'පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය රට තුළ තහනම්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (03) ගාසා තීරයේ සිදු කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් 13ක් දෙනෙකුවත් ජීවිතක්ෂයට පත් විය. ඉන් අඩක් පමණ මරණ, උතුරු ගාසා තීරයෙන් වාර්තා වේ.
  • එමගින්, උතුරු ගාසා හි නාගරික කලාප දෙකක් සහ සිය අවතැන් ජනගහනය රඳවා ඇති කඳවුරක් ද මුළුමනින්ම විනාශ කොට, යුද මුක්ත කලාපයක් බිහි කිරීම ඊශ්‍රායලයේ අපේක්ෂාව බව ඔවුහු පෙන්වා දෙති.
  • එය ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායලය පවසන්නේ,  එහි වෙසෙන සිවිල්  ජනතාවට මුවා වී ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන හමාස් ත්‍රස්තයින් සොයා එම පහරදීම් සිදු කරන බවය.
  • 1967 දී   ගිවිසුම අත්සන් කෙරිණි.  එම සංවිධානය ඊශ්‍රායලය තුළ  සිදු කරන සියළු  සේවා සහ මෙහෙයුම් තහනම් කෙරෙන විශේෂ පනතක් පසු ගිය මස එරට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායලය විසින් ගුවනින් සහ භූමිය මත සිට එල්ල කරන ප්‍රහාර මෙන්ම, බලහත්කාරී අවතැන් කිරීම්, යුද්ධය නොව, වාර්ගික සංහාරයක් බව පලස්තීනය  පවසයි.

එමගින්, උතුරු ගාසා හි නාගරික කලාප දෙකක් සහ සිය අවතැන් ජනගහනය රඳවා ඇති කඳවුරක් ද මුළුමනින්ම විනාශ කොට, යුද මුක්ත කලාපයක් බිහි කිරීම ඊශ්‍රායලයේ අපේක්ෂාව බව ඔවුහු පෙන්වා දෙති. එය ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායලය පවසන්නේ,  එහි වෙසෙන සිවිල්  ජනතාවට මුවා වී ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන හමාස් ත්‍රස්තයින් සොයා එම පහරදීම් සිදු කරන බවය.

ඊයේ සන්ධ්‍යාවේ උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා (Beit Lahiya) හි පිහිටි කමල් අද්වාන්  (Kamal Adwan) රෝහල යළි, ඊශ්‍රායල යුද ටැංකි ප්‍රහාරයකට ලක් විය. ප්‍රතිකාර සඳහා එහි ඇතුළත් කර සිටි කුඩා දරුවකු ඉන් බරපතල තුවාළ  ලද බව රෝහල් බලධාරීහු පැවසූහ. 

 

ගාසා තීරයේ සහ ලෙබනනයේ සටන් විරාමයකට අඬ ගැසීම, බීරි අලින්ට වීණා වැයීමක්
මේ අතර, පලස්තීන සරණාගතයින්  සඳහා වන එක්සත්  ජාතීන්ගේ සංවිධානය හෙවත්, UNRWA සමග සිය ගිවිසුම අවලංගු කළ බව, ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය අද නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත දැනුම් දුන්නේය. 1967 දී   ගිවිසුම අත්සන් කෙරිණි. 

එම සංවිධානය ඊශ්‍රායලය තුළ  සිදු කරන සියළු  සේවා සහ මෙහෙයුම් තහනම් කෙරෙන විශේෂ පනතක් පසු ගිය මස එරට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ මිලියන ගණනක පලස්තීනුවන්ට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ අධ්‍යාපන සේවා සැපයීම එම සංවිධානය මගින් සිදු කෙරේ.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය, 1948, ඊශ්‍රායල රාජ්‍යය බිහි වීමත් සමගම  ස්ථාපිත  කෙරුණු අතර, ඊට සමගාමීව ඊශ්‍රායල-පලස්තීන ගැටුමට ද මුලපිරිණි. පලස්තීන ජනතාව සදාකාලික සරණාගත තත්ත්වයකට ඇද දමමින්, යුද්ධයට 'තල්ලු' කළේ, එම සංවිධානය බව ඊශ්‍රායලය චෝදනා කරයි.

පසුගිය වසරේ, ඔක්තෝබර් 07 දා, ඊශ්‍රායලය වෙත එල්ල කළ ම්ලේච්ඡ හමස් ප්‍රහාරයට පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් සාමාජිකයින් සම්බන්ධ බවට ද ඊශ්‍රායලය චෝදනා කරයි. 

එම සංවිධානය නිල වශයෙන් ඊශ්‍රායලය තුළ සහ ඊට අයත් භූමියේ තහනම් කිරීම, දැනටමත් උත්සන්නව ඇති එහි මානුෂීය අර්බුධය තව තවත් උග්‍ර අතට පත් කරනු ඇතැයි,   එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම, මිත්‍ර සන්ධාන රටවල් රැසක් විසින් ද ප්‍රකාශ කොට  තිබේ. එහෙත්, පලස්තීන භූමිය හෝ  අන් ප්‍රදේශවල එම සංවිධානයේ මෙහෙයුම් තහනමක් පිලිබඳ ඊශ්‍රායල දැනුම්දීමෙහි සඳහන්ව නැත.

 

ගාසා තත්වය බරපතලයි ! 
පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ හමාස් හිතවාදීන් සිටින බවට සහ ඔවුන් ඊශ්‍රායලට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ බවට, එක්සත් ජාතීගේ සංවිධානයට මුල සිටම සහ දිගින් දිගටම දැනුම් දීම් සිදු කළ ද, ඔවුන් මෙතෙක් එහි යතාර්ථය වටහා ඊට එරෙහි පියවර ගෙන නැතැයි, එරට එක්සත් ජාතීන්ගේ තානාපති ඩැනී ඩැනන් (Danny Danon) පවසයි.

කෙසේවෙතත්, ජාත්‍යන්තර නීතිය මගින්, බටහිර ඉවුර සහ ගාසා තීරය, ඊශ්‍රායලයෙන් පිටත පවතින භූමි පරිශ්‍රයක් බව තහවුරු කර තිබේ. එනමුත්, ඊශ්‍රායලයේ නව තීරණයත් සමග, යුද බිමේ සිට ක්‍රියාත්මක පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි සාමාජිකයින්ගේ ආරක්ෂාව මින් ඉදිරියට කෙසේ තහවුරු වන්නේදැයි යන්න, කිසිවකුත් මෙතෙක් අවධාරණය කර නොමැත.


(Reuters  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...