මෙරට වේලාවෙන් අද පස්වරු 5ට පමණ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වනු ඇත.
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අද සිය අවසාන ප්‍රචාරණ කටයුතුවල නිරත වන බව විදෙස් වාර්තාවල සඳහන් විය.
ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් උපජනාධිපතිනී කමලා හැරිස් ඇගේ අවධානය යොමු කර ඇත්තේ, පෙන්සිල්වේනියා ප්‍රන්තයටයි.
රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නෝත් කැරෝලීනා, පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්තවල සිය ප්‍රචාරණ කටයුතුවල නිරත වනු ඇත.
මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධිකය.
අමෙරිකානු මැතිවරණ නීතියට අනුව සිය මනාපය කළින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වීම හේතුවෙන්, ඡන්ද දායකයින් මිලියන 78කට වැඩි පිරිසක් දැනටමත් සිය ඡන්දය පළ කර ඇතැයි එරට බලධාරීන් පැවසීය.
රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උපජනාධිපති කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලෙස කරට කර තරගයක නිරත වේ.
මීට අමතරව චේස් ඔලිවර්, ජිල් ස්ටයින් සහ කොර්නල් වෙස්ට් තෙවැනි පාර්ශ්ව සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජනධිපතිවරණයට එක්ව සිටියි.
"ස්වින්ග් ස්ටේට්ස්" ලෙස හැඳින්වෙන, අමෙරිකාවේ ප්‍රාන්ත 7ක බලය තහවුරු කරගැනීමට ප්‍රධාන අපේක්ෂකයින් පසුගිය මාස කිහිපයේ දැඩි සටනක නිරත වුණි.
"ස්වින්ග් ස්ටේට්ස්" ලෙස හැඳින්වෙන්නේ, ඇරිසෝනා, ජෝර්ජියාව, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියාව සහ විස්කොන්සින් ප්‍රාන්තයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ කමලා හැරිස්ගේ විදේශ ප්‍රතිපත්ති මොනවා ද?
මැදපෙරදිග සහ යුක්රේනයේ ඇවිළෙන යුද්ධවල සිට, චීනය වැනි බලවත් රටවල වර්ධනය වන බලපෑම දක්වා, මීළඟ එක්සත් ජනපද ජනාධිපතිවරයා බලයට පත්වන්නේ ගෝලීය වශයෙන් අභියෝගාත්මක අවස්ථාවක ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් ලෝකය තුළ ඇමෙරිකාවේ භූමිකාව කළමනාකරණය කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳව බෙහෙවින් වෙනස් අදහස් ඇත. විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ඔවුන්ගේ අදහස් සහ ඉදිරි වසරවලදී ඔවුන්ගේ සැලසුම් මොනවා ද යන්න පිලිබඳ BBC සිංහල සේවය විසින් කළ විග්‍රහයක් පහත වීඩියෝවේ.
අමෙරිකානු ජනාධිපතිවරණය අද - ට්‍රම්ප්ගේ සහ කමලාගේ විදේශ ප්‍රතිපත්ති මොනවා ද?
T
The Leader Desk
November 5, 2024 • 5:32 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම අද (05) සිදු වනු ඇත.
- ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අද සිය අවසාන ප්‍රචාරණ කටයුතුවල නිරත වන බව විදෙස් වාර්තාවල සඳහන් විය.
- ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් උපජනාධිපතිනී කමලා හැරිස් ඇගේ අවධානය යොමු කර ඇත්තේ, පෙන්සිල්වේනියා ප්‍රන්තයටයි.
- රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නෝත් කැරෝලීනා, පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්තවල සිය ප්‍රචාරණ කටයුතුවල නිරත වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


