BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

උතුරු කොරියාවෙන් කෙටි දුර මිසයිල හතක්

T

The Leader Desk

November 5, 2024 • 11:07 AM

උතුරු කොරියාවෙන් කෙටි දුර මිසයිල හතක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොවක් බලා සිටින ඇමෙරිකානු ජනපතිවරණය අදයි. එය ආරම්භ වීමට ඔන්න මෙන්න තිබියදී අද උදෑසන, උතුරු කොරියාව, එරට නැගෙනහිර වෙරළේ සිට කෙටි දුර මිසයිල හතක් අහසට මුදා හළ බව ජපානය පවසයි.
  • ඒ පිලිබඳ සිය අප්‍රසාදය පළ කිරීම පිණිස මෙම මිසයිල මුදා හැරීම සිදු කර ඇතැයි ජපානය කියයි.
  •   අද මුදා හළ උතුරු කොරියානු කෙටි දුර මිසයිල, කිලෝ මීටර 400ක් ආවරණය කෙරෙන පරිදි, කිලෝ මීටර 100ක් පමණ ඉහළ අහසට ඇදී ගොස්, සාගරයේ, ජපාන විශේෂිත ආර්ථික කලාපයෙන් ඔබ්බට ඇද වැටුණු බව,  ජපන් ආරක්ෂක අමාත්‍ය ගෙන් නකතානි (Gen Nakatani) පැවසීය.
  • එය, ඇමෙරිකාවට බවත්, අද කෙටි දුර මිසයිල දකුණු කොරියාවට බවත්, සියොල් නුවර, උතුරු කොරියානු අධ්‍යයන පිලිබඳ විශ්වවිද්‍යාලයේ සභාපති යැන්ග් මූජින් (Yang Moo-jin) ප්‍රකාශ කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජනපදය, ජපානය සහ දකුණු කොරියාව මේවන විට පවත්වන ඒකාබද්ධ හමුදා අභ්‍යාසය ප්යොන්ග්යැන්ග් රජයේ දැඩි විවේචනයට ලක් වී තිබේ. ඒ පිලිබඳ සිය අප්‍රසාදය පළ කිරීම පිණිස මෙම මිසයිල මුදා හැරීම සිදු කර ඇතැයි ජපානය කියයි.

 

අද මුදා හළ උතුරු කොරියානු කෙටි දුර මිසයිල, කිලෝ මීටර 400ක් ආවරණය කෙරෙන පරිදි, කිලෝ මීටර 100ක් පමණ ඉහළ අහසට ඇදී ගොස්, සාගරයේ, ජපාන විශේෂිත ආර්ථික කලාපයෙන් ඔබ්බට ඇද වැටුණු බව,  ජපන් ආරක්ෂක අමාත්‍ය ගෙන් නකතානි (Gen Nakatani) පැවසීය.

උතුරු කොරියාවේ, උතුරු හ්වඞ්හී ( Hwanghae) ප්‍රාන්තයේ සරිවොන් (Sariwon) සිට එරට වේලාවෙන් අද උදෑසන 7.30 ට පමණ (2230 GMT), එම මිසයිල දියත් කෙරුණු බව දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී පවසයි. 

උතුරු කොරියාව පසුගිය සතියේ ඝන ඉන්ධන අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් ද අත්හදා බැලීය. එය, ඇමෙරිකාවට බවත්, අද කෙටි දුර මිසයිල දකුණු කොරියාවට බවත්, සියොල් නුවර, උතුරු කොරියානු අධ්‍යයන පිලිබඳ විශ්වවිද්‍යාලයේ සභාපති යැන්ග් මූජින් (Yang Moo-jin) ප්‍රකාශ කරයි.

56a5fb1a8fb073ad42785cbebfd321da824d65de

උතුරු කොරියාවේ මෙම ක්‍රියාකාරකම්, සෘජුවම, දකුණු කොරියා, ඇමෙරිකානු සහ ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස වලට එරෙහිව, ඇමෙරිකානු ජනපතිවරණයට පෙර සිදු කරන ලද්දක් බව ඔහු කියා සිටී. තවද, එය, උතුරු කොරියානු හමුදා, රුසියානු යුද පෙරමුණට පිටත් කර හැරීම පිලිබඳ ගෝලීය අවධානය වෙනතක හැරවීමේ උපක්‍රමයක් වියහැකි යැයි ද, ඔහු පවසයි.

රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් (Vladimir Putin) සහ උතුරු කොරියානු විදේශ අමාත්‍ය චෝ සෝන් හුයි (Choe Son Hui) අතර ඊයේ සිදු කෙරුණු හදිසි හමුවෙන් පසු, අද මෙම කෙටි දුර මිසයිල දියත් කිරීමද විශේෂ සිදුවීමකි. 

(Reuters  ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...