BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ෆිලිපීනයට දරුණු සුළි කුණාටුවක් - රට පෙර සූදානමේ

T

The Leader Desk

November 5, 2024 • 12:18 PM

ෆිලිපීනයට දරුණු සුළි කුණාටුවක් - රට පෙර සූදානමේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆිලිපීනය, ළඟ එන යින්ක්සිඞ් (Yinxing) සුළි කුණාටුවට පෙර සූදානම් අරඹයි.
  • පැයට සැතපුම් 75 ක වේගයකින්, සුළං අක්ෂය, එරට අවුරෝරා (Aurora) ප්‍රාන්තයේ නැගෙනහිර බලෙර් (Baler) නගරයට සැතපුම් 367ක් දුරින් පවතින බව  වාර්තාවේ.
  • සුළං මාවත පිහිටි හුදෙකලා ජනාවාස වෙතින් වහා ඉවත්වන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
  • පූර්ව දැනුම්දීම් නොතකා හැරියහොත්, කුණාටුව පවතින අවස්ථාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් අසීරු වනු ඇතැයි, අමාත්‍යංශ නිලධාරීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

අවශ්‍ය තරම් ආහාර පාන තොග රැස් කරගන්නා ලෙසත්, කුණාටු ගමන් මග ජනාවාසවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසත් නිවේදන නිකුත් කර තිබේ. 

සහන මෙහෙයුම් පිණිස එරට හමුදාව සීරුවෙන් තබා ඇතැයි, රජය පවසයි. මෙම සතිය තුළ, සුළි  කුණාටුව ඊශානදිග ෆිලිපීනයට පතිත වීමට නියමිතය.

පැයට සැතපුම් 75 ක වේගයකින්, සුළං අක්ෂය, එරට අවුරෝරා (Aurora) ප්‍රාන්තයේ නැගෙනහිර බලෙර් (Baler) නගරයට සැතපුම් 367ක් දුරින් පවතින බව  වාර්තාවේ. සුළං මාවත පිහිටි හුදෙකලා ජනාවාස වෙතින් වහා ඉවත්වන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ. පූර්ව දැනුම්දීම් නොතකා හැරියහොත්, කුණාටුව පවතින අවස්ථාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් අසීරු වනු ඇතැයි, අමාත්‍යංශ නිලධාරීහු පවසති.

අමාත්‍යංශය යටතේ ඇති රේඛීය ආයතන රැසක් පූර්ව සහ පසු විපත් කළමනාකරණය පිණිස මෙන්ම, අදාළ සියලු සේවා සැපයුම් පිණිස  පෙර සූදානමින් පසුවේ.

කුණාටුවත් සමග ඇද වැටෙන ධාරාණිපාත වර්ෂාවෙන් සිදුවිය හැකි ගංවතුර විපත් අවම කිරීම උදෙසා, විශාල ජල වේලි කිහිපයක ජලය මුදාහැරීමට පියවර ගෙන තිබේ. කුණාටුව බ්‍රහස්පතින්දා (07) සන්ධ්‍යාවේ හෝ සිකුරාදා (08) උදෑසන, උතුරු ෆිලිපීනයේ කගැයන් (Cagayan) ප්‍රාන්තයට දරුණු වැසි සමගින් පතිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එරට මිලියන 24කට අධික ජනතාවක් කුණාටුවේ සෘජු බලපෑමට නතු වෙතැයි ගණන් බලා තිබේ.

පසුගියදා එරටට බලපෑ තවත් එවැනි සුළි කුණාටු දෙකකින් 151 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙක් අතුරුදන්වූහ. 

(Reuters  ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෆිලිපීනයට දරුණු සුළි කුණාටුවක් - රට පෙර සූදානමේ | The Leader