BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

නැටෝ සාමාජිකයින්ට පහර දීමේ රුසියානු තැතක් එළියට

T

The Leader Desk

November 5, 2024 • 4:22 PM

නැටෝ සාමාජිකයින්ට පහර දීමේ රුසියානු තැතක් එළියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෝලන්තය ගිනි අවි උණ්ඩ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට සැරසේ.
  • 2022 වසරේ, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග පෝලන්තය, එරට ආර්ථික පරිමාවට සාපේක්ෂව  වැඩිම ආරක්ෂක පිරිවැය දැරූ  නැටෝ (NATO) සාමාජිකයා බවට පත්විය.
  • 2025 වසරේ පෝලන්ත  අය වැයෙන්, ඒ සඳහා එරට  දළ දේශීය නිෂ්පාදිතයෙන්  4.7%ක් වෙන් කොට තිබේ.
  • යුක්‍රේන යුද්ධයෙන්  අනතුරුව, සිය හමුදා ශක්තිය ප්‍රවර්ධනය කර, ඉදිරි පස් වසරක  හෝ අට වසරක කාලය  තුළ, රුසියාව නැටෝ සාමාජික රටවලට පහර දීමට සැලසුම් කර ඇතැයි එම සංවිධානය එහි  සාමාජික රටවලට දැනුම් දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 750 ක ආයෝජනයක් පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කර තිබේ. ඉදිරි රුසියානු ප්‍රහාරයකදී, ප්‍රතිප්‍රහාර පිණිස, අමතර සංචිත පවත්වාගැනීම  එහි අරමුණයි.

2022 වසරේ, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග පෝලන්තය, එරට ආර්ථික පරිමාවට සාපේක්ෂව  වැඩිම ආරක්ෂක පිරිවැය දැරූ  නැටෝ (NATO) සාමාජිකයා බවට පත්විය. 2025 වසරේ පෝලන්ත  අය වැයෙන්, ඒ සඳහා එරට  දළ දේශීය නිෂ්පාදිතයෙන්  4.7%ක් වෙන් කොට තිබේ.

ඒ අනුව, පෝලන්ත හමුදාවල භාවිතය පිණිස එම උණ්ඩ නිෂ්පාදනය සම්බන්ධ  සියලු ක්‍රියාකාරකම් වෙනුවෙන් අදාළ පනත් කෙටුම්පතින් මූල්‍ය ප්‍රතිපාදන  වෙන් කෙරේ.

යුක්‍රේන යුද්ධයෙන්  අනතුරුව, සිය හමුදා ශක්තිය ප්‍රවර්ධනය කර, ඉදිරි පස් වසරක  හෝ අට වසරක කාලය  තුළ, රුසියාව නැටෝ සාමාජික රටවලට පහර දීමට සැලසුම් කර ඇතැයි එම සංවිධානය එහි  සාමාජික රටවලට දැනුම් දී තිබේ.  

එහෙත්, එම බටහිර මාධ්‍ය ප්‍රකාශ සාවද්‍ය බව රුසියාව කියා සිටී. මේ වන විට, නැටෝ සාමාජික රටවලට පහර දීමේ සූදානමක් නැතැයි, රුසියාව පවසයි.

පෝලන්තයේ නව ආරක්ෂක වැඩපිළිවෙළ  යටතේ මිලි මීටර 155 උණ්ඩ නිෂ්පාදනය ප්‍රවර්ධනයට වැඩි ඉඩක් ලබා දී තිබේ.

 

(සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...