BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම තවදුරටත්

T

The Leader Desk

November 6, 2024 • 3:51 AM

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම තවදුරටත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම තවදුරටත් සිදුවෙමින් පවති.
  • කෙසේ නමුත් අමෙරිකාවේ වේලා කලාප කිහිපයක් ක්‍රියාත්මක බැවින් ඇතැම් ප්‍රාන්තවල ඡන්ද විමසීම අද පස්වරුව දක්වා සිදු කෙරෙනු ඇති.
  • විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තීරණාත්මක ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වූ යම් තර්ජන හේතුවෙන් එම මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට සිදු වූ බවයි.
  •   කෙසේ නමුත් එම තත්ත්වයන් පහව ගිය පසු ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා වුණු ඡන්ද මධ්‍යස්ථාන, අමතර වේලාවක් සඳහා විවෘතව තැබුණු බව විදෙස් වාර්තාවල සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

විදෙස් වාර්තා පැවසුවේ, අද (06) උදෑසන 6.00 වනවිට කෙන්ටකි, ඉන්ඩියානා, දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා, වර්මොන්ට්, වර්ජිනියා බටහිර වර්ජිනියා,සහ ඔහායෝ යන ප්‍රාන්තවල ඡන්ද විමසීම අවසන් වූ බවයි.

කෙසේ නමුත් අමෙරිකාවේ වේලා කලාප කිහිපයක් ක්‍රියාත්මක බැවින් ඇතැම් ප්‍රාන්තවල ඡන්ද විමසීම අද පස්වරුව දක්වා සිදු කෙරෙනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තීරණාත්මක ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වූ යම් තර්ජන හේතුවෙන් එම මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට සිදු වූ බවයි.

11xp relocatedvote articleLarge අමෙරිකාවේ වේලා කලාප කිහිපයක් ක්‍රියාත්මක බැවින් ඇතැම් ප්‍රාන්තවල ඡන්ද විමසීම අද පස්වරුව දක්වා සිදු කෙරෙනු ඇති.
 

කෙසේ නමුත් එම තත්ත්වයන් පහව ගිය පසු ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා වුණු ඡන්ද මධ්‍යස්ථාන, අමතර වේලාවක් සඳහා විවෘතව තැබුණු බව විදෙස් වාර්තාවල සඳහන් විය.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙකු වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ෆ්ලොරිඩා ප්‍රන්තයේදී සිය ඡන්දය පළ කළේ ය.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ඡන්ද දායකයෙකු වන ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් ඊයේ සඳහන් කළේ, ඇය තැපෑලෙන් සිය ඡන්දය භාවිත කළ බවයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින නාසා ආයතනයේ ගගනගාමීන්ද සිය ඡන්දය පළ කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

කරට කර සටහනක්... 

විදෙස් මාධ්‍ය වාර්තාකර ඇති පරිදි ඇමරිකාවේ ජනාධිපතිවරණයේ පළමු ජන්ද විමසීම මේ වන විට අවසන් වී ඇත.

ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෙවර ජනාධිපතිවරණයේදී තියුණු සටනක් පවතින බවය එම වාර්තාවලින් අනාවරණය වේ.

ඒ අනුව ඉන්දියානා සහ කෙන්ටකි ප්‍රන්තයේද වර්මොන්ට් ප්‍රන්තයේද මේ වන විට ජන්ද ප්‍රතිඵල නිකුත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
 
0x0කෙන්ටකි ප්‍රාන්තය ඡන්ද අටක්ද ඉන්දියානා ප්‍රාන්තය ජන්ද 11ක්ද ලබා ගෙන හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ. වර්මොන්ට් ප්‍රාන්තයේද ජන්ද 03ක් ලබා ගනිමින් ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

කෙන්ටකි ප්‍රාන්තය ඡන්ද අටක්ද ඉන්දියානා ප්‍රාන්තය ජන්ද 11ක්ද ලබා ගෙන හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ.

වර්මොන්ට් ප්‍රාන්තයේද ජන්ද 03ක් ලබා ගනිමින් ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන ප්‍රාන්ත මැතිවරණ සිතියමට අනුව යුද පිටියේ ප්‍රාන්ත ලෙස හඳුන්වා ඇත.

 විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ප්‍රාන්තයන්හි ඡන්ද ප්‍රතිඵල ඇමරිකානු ජනපතිවරණයේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි. කෙසේවෙතත් ජනාධිපති ධූරය දිනා ගැනීමට නම් අපේක්ෂකයෙකුට ඡන්ද 270ක් අවශ්‍ය වේ.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...