BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් පහ කෙරේ

T

The Leader Desk

November 6, 2024 • 5:37 AM

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් පහ කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එරට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් (Yoav Gallant) ඊයේ (05) එම ධුරයෙන් පහ කළේය.
  • ඊයේ, ඇමෙරිකානු ජනපතිවරණ දා, හදිසියේම නෙතන්යාහු සිය ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් පහ කළේය.  හිටපු ආරක්ෂක අමාත්‍යවරයා රජයේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණයට පටහැනිව ක්‍රියා  කිරීම හේතුවෙන් එම තීරණය ගත්  බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
  • රාජ්‍යයේ ආරක්ෂාව, සියළු කල්හි තම ලෙයෙහි පවතින්නක් බව, ඊට ප්‍රතිචාර වශයෙන් හිටපු ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් කියා සිටී.  හමාස් සහ හිස්බුල්ලා ත්‍රස්තයින් විනාශ කොට, අත්අඩංගුවේ පසුවන ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නා බව නව ආරක්ෂක අමාත්‍ය කාට්ස් ප්‍රකාශ කරයි.
  • ඊශ්‍රායලය වෙත සිදු කළ ඉරාන මිසයිල ප්‍රහාරය පිලිබඳ විවේචනාත්මක නොවීම හේතුවෙන්, ඔහු විදේශ අමාත්‍ය ධුරයේ සිටි පසුගිය මස, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) හට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍යය සමග විශ්වාසය පළුදු වීම මත එය සිදු කර තිබේ. 

එරට නව ආරක්ෂක අමාත්‍යවරයා, ඉශ්‍රයෙල් කාට්ස් (Israel Katz) ය. කාට්ස් මීට පෙර දැරූ විදේශ අමාත්‍ය ධුරයට ගිඩන් සාර් (Gideon Saar) පත් කර තිබේ.

රටේ ඉරණම තීරණාත්මක අවධියක පවතින මොහොතක, රාජ්‍ය ආරක්ෂාව පරදුවට තබා දේශපාලන තීරණ ගැනීම පිළිබඳව නෙතන්යාහුට විරෝධය එල්ල වී තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා එම ධුරයෙන් නෙරපා හැරීමත් සමග වීදි බට විරෝධතාකරුවෝ, අධිවේගී මාර්ග අවහිරකරමින්, මාර්ගය මත ගිනි  දැල්වූහ.

000 36L39HL

 

ගැලන්ට් සහ නෙතන්යාහු දෙදෙනාම දක්ෂිණාංශික පාක්ෂිකයෝ වෙති. වසරකට අධික කාලයක් පවතින පලස්තීන හමාස් සන්නද්ධ කැරළිකරුවන්ට එරෙහි ගාසා තීරයේ ගැටුම සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර සිට දෙදෙනා අතර පරස්පර විරෝධතා මතු විය. ඊයේ, ඇමෙරිකානු ජනපතිවරණ දා, හදිසියේම නෙතන්යාහු සිය ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් පහ කළේය. 

හිටපු ආරක්ෂක අමාත්‍යවරයා රජයේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණයට පටහැනිව ක්‍රියා  කිරීම හේතුවෙන් එම තීරණය ගත්  බව අග්‍රාමාත්‍යවරයා පවසයි. රාජ්‍යයේ ආරක්ෂාව, සියළු කල්හි තම ලෙයෙහි පවතින්නක් බව, ඊට ප්‍රතිචාර වශයෙන් හිටපු ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් කියා සිටී. 

හමාස් සහ හිස්බුල්ලා ත්‍රස්තයින් විනාශ කොට, අත්අඩංගුවේ පසුවන ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නා බව නව ආරක්ෂක අමාත්‍ය කාට්ස් ප්‍රකාශ කරයි.

WhatsApp Image 2024 11 03 at 16.24.22 e1730648779372

ඊශ්‍රායලය වෙත සිදු කළ ඉරාන මිසයිල ප්‍රහාරය පිලිබඳ විවේචනාත්මක නොවීම හේතුවෙන්, ඔහු විදේශ අමාත්‍ය ධුරයේ සිටි පසුගිය මස, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) හට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කළේය. එමෙන්ම, ඉකුත් සැප්තැම්බරයේ, ඇමෙරිකාව සහ ප්‍රංශය එක්ව රැගෙන ආ ලෙබනනයේ දින 21 ක සටන් විරාම යෝජනාව ද කාට්ස් ප්‍රතික්ෂේප කළේය.

ap24311084013645

 

හමාස් සහ හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ ජයග්‍රහණය පිලිබඳ සැකයක් තබාගෙන ආරක්ෂක අමාත්‍ය ධුරයේ රැඳී සිටිය නොහැකි බවත්, අග්‍රාමාත්‍යවරයා විසින් ගැලන්ට් එම ධුරයෙන් නෙරපා හැරීමට ගත් තීරණය ඉතා කාලෝචිත එකක් බවත්, නෙතන්යාහු රජයේ අමාත්‍ය අයිටමර් බෙන්-ගිවර් (Itamar Ben-Gvir) පැවසීය. 

ගාසා තීරයේ බෙයිට් ලහියා (Beit Lahiya), දෙර් අල්බලා (Deir Al-Balah), අල්සවයිදා (Al-Zawayda) සහ තවත් නගර වෙත ඊයේ එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්, විසි දෙනකුම මියගොස් ඇත්තේ, බෙයිට් ලහියා වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලිනි.

සියලු ප්‍රහාර, අවතැන් කඳවුරු ඉලක්ක කර සිදු කර තිබේ.

(Reuters  ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...