ෆ්ලොරිඩාවේ සිය ආධාරකරුවන් හමුවේ ඔහු පැවසුවේ, තමන් ඇමෙරිකාව යළිත් සුවපත් කිරීමට සහය වන බව ය.
එහිදී ඔහු අවධාරණය කළේ, ඇමෙරිකානු දේශසීමා යළි තහවුරු කරන බව ය.
මෙය ඇමෙරිකාවේ "රන් යුගයක්" ලෙස ඔහු හැඳින්වීය.
"මෙය ඇමරිකානු ජනතාවගේ විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර, එය ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට අපට ඉඩ සලසයි," යනුවෙන් ඔහු සඳහන් කළේ ය.
"ඇමරිකාව අපට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබා දී තිබෙනවා," ඔහු පැවසීය.
එහිදී සිය බිරිඳ මෙලානියාට ස්තූති කරමින් ට්‍රම්ප් ඇයව හැඳින්වූයේ, ජනාධිපති ආර්යාව ලෙස ය.
පසුව, ට්‍රම්ප් ඔහුගේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවෙකු බවට පත්වූ X හිමිකරු සහ ලොව ධනවත් ම පුද්ගලයා වන එලොන් මස්ක් රිපබ්ලිකන් පක්ෂයේ "නව තරුවක්" ලෙස විස්තර කළේ ය.
'ජීවිතය බේරුණේ හේතුවකට'
මැතිවරණ ප්‍රචාරක රැලියකදී ඔහු ඝාතනය කිරීමට තැත් කිරීම ගැන ට්‍රම්ප් කෙටියෙන් සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, ඔහුගේ ජීවිතය "හේතුවක් වෙනුවෙන් බේරුණු" බව ය. එය ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය පුරා කියන ලද්දකි.
ට්‍රම්ප් පවසන්නේ, ඇමෙරිකාවේ ජනාධිපති ධූරය "ලෝකයේ වැදගත් ම රැකියාව" බව ය.
අවසන් ප්‍රතිඵලය තවමත් නැහැ
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ ද, මෙතෙක් අවසන් ප්‍රතිඵලයක් නිකුත් කර නැත.
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා අවම වශයෙන් ගත යුතු ආසන් සංඛ්‍යාව 270කි.
මේ වන විට ආසන 266ක බලය තහවුරු කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව සිටී.
ඇමෙරිකාවේ වයස්ගත ම ජනාධිපති
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග ඇමෙරිකාවේ වයස්ගත ම ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසගත විය.
1946 ජූනි 14 වන දා උපත ලැබූ ඔහු, මේ වන විට 78 වන වියේ පසු වෙයි.
දෙවන ධූර කාලය අවසන් වන විට ඔහුගේ වයස 83ක් වනු ඇත.
හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් 2020 වසරේ ධූරයට තේරී පත් වන විට 77 වන වියේ පසු විය.
(BBC සිංහල සේවය)
තමන් 'අතිවිශිෂ්ට ජයග්‍රහණයක්' ලැබූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කරයි
T
The Leader Desk
November 6, 2024 • 11:44 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඇමෙරිකාව තමන්ට 'අතිවිශිෂ්ට ජයග්‍රහණයක්' අත් කර දී ඇති බව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශයට පත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.
- එහිදී ඔහු අවධාරණය කළේ, ඇමෙරිකානු දේශසීමා යළි තහවුරු කරන බව ය.
- මෙය ඇමෙරිකාවේ "රන් යුගයක්" ලෙස ඔහු හැඳින්වීය.
- "මෙය ඇමරිකානු ජනතාවගේ විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර, එය ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට අපට ඉඩ සලසයි," යනුවෙන් ඔහු සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


