BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

යුදෙව් විරෝධීහු ඇම්ස්ටර්ඩෑම් නුවර යකා නටති - ඊශ්‍රායල ජාතිකයින් රැසකට පහර දෙති

T

The Leader Desk

November 9, 2024 • 6:33 AM

යුදෙව් විරෝධීහු ඇම්ස්ටර්ඩෑම් නුවර යකා නටති - ඊශ්‍රායල ජාතිකයින් රැසකට පහර දෙති  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අගනුවර පාපන්දු තරගයක් අතරතුර ඊශ්‍රායල ජාතික මකාබි ටෙල් අවිව් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් සහ යුදෙව් විරෝධී පිරිස්
  • එම ගැටුම්වලදී මකාබි ටෙල් අවිව් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් සොයා යුදෙව් විරෝධීන් නගරය  පුරා ගැටුම් සිදු කළ බව එහි නගරාධිපති ෆෙම්කේ හැල්සෙමා (Femke Halsema) පවසයි.
  • සිද්ධියෙන්, තුවාළ ලත් ඊශ්‍රායල ක්‍රීඩා ලෝලීන් පස් දෙනකුවත් රෝහල් ප්‍රතිකාර වෙත යොමු කර ඇත.
  •   ඇම්ස්ටර්ඩෑම් නුවර සති අන්තයේ සියලු මහජන විරෝධතා තහනම් කර ඇති අතර පොලිසිය වෙත, දුටු තැන නවතා පරීක්ෂා කිරීමේ බලය පවරා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අතර ඊයේ (08) රාත්‍රී දරුණු ගැටුම් හට ගත්තේය.  

ඇම්ස්ටර්ඩෑම් නගරයේ දින තුනක කාලයක් පිණිස සියළු මහජන විරෝධතා තහනම් කර තිබේ.

එම ගැටුම්වලදී මකාබි ටෙල් අවිව් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් සොයා යුදෙව් විරෝධීන් නගරය  පුරා ගැටුම් සිදු කළ බව එහි නගරාධිපති ෆෙම්කේ හැල්සෙමා (Femke Halsema) පවසයි.

 

QYMDNTFHRNJM5K7LGI737HDJ5I

පොලිසිය මැදිහත් වී වහා ක්‍රීඩා ලෝලීන් ආරක්ෂිතව ඔවුන් ලැගුම් ගෙන සිටි හොටල වෙත රැගෙන යාමට පියවර ගත්තේය. සිද්ධියෙන්, තුවාළ ලත් ඊශ්‍රායල ක්‍රීඩා ලෝලීන් පස් දෙනකුවත් රෝහල් ප්‍රතිකාර වෙත යොමු කර ඇත.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රහාර ආරම්භ කළ දා සිට නෙදර්ලන්තයේ වරින් වර යුදෙව් විරෝධී ගැටුම් හටගත්තේය. එරට යුදෙව් පාසල් සහ සංවිධාන වෙත දිගින් දිගටම තර්ජන එල්ලේ වෙමින් පවතී.

 අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඊශ්‍රායල වැසියන් යළි එරටට රැගෙන එම පිණිස විශේෂ ගුවන් යානා නෙදර්ලන්තය බලා වහා පිටත් කර හැරීමට පියවර ගත්තේය. එරට විදේශ අමාත්‍ය ගිඩන් සාර් (Gideon Saar) ද දෙරට අතර හදිසි සාකච්ඡා සඳහා නෙදර්ලන්තය බලා පිටත් විය.

 

B5ETKKXFDZKX5GMJB7JKFBF74M

ඇම්ස්ටර්ඩෑම් නුවර සති අන්තයේ සියලු මහජන විරෝධතා තහනම් කර ඇති අතර පොලිසිය වෙත, දුටු තැන නවතා පරීක්ෂා කිරීමේ බලය පවරා තිබේ.

ජනපති ජෝ බයිඩන් ද ඊශ්‍රායල ක්‍රීඩා ලෝලීන් වෙත එල්ල කළ ප්‍රහාරය 'නින්දිත' ලෙස හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය.  එය, යුදෙව්වන් අතීතයේ මුහුණ පෑ   අඳුරු සිදුවීම්වල දෝංකාරය බඳු යැයි එහි සඳහන් ය.


එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් ද එම සිදුවීමෙන් මහත් කම්පනයට පත් වූ බව එහි නිල ප්‍රකාශකයකු පැවසීය.  

43JLDSKYRBPUPHMNQSOLZARAFQ

ගැටුම් වලට මුල් වූ නෙදර්ලන්තයේ, පහර දී පලා යන යුදෙව් විරෝධී සමාජ කල්ලිවල පිරිස්, ආරක්ෂකයින් 200කට අධික පිරිසක් මග හැර එම මැර ක්‍රියා සිදු කළහ.  

1938 නොවැම්බර් 9-10 දෙදින පුරා නෙදර්ලන්තයේ සිදු කළ නාසි විරෝධී ජන සංහාරය සිහි කිරීම පිණිස අද ඇම්ස්ටර්ඩෑම් නගරයේ යුදෙව් ස්මාරකයක් අසල විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වේ. ඒ වෙත පොලිස් ආරක්ෂාව තර කර ඇතැයි  වාර්තා වේ.


ඇම්ස්ටර්ඩෑම් මධ්‍යම දුම්රිය ස්ථානය අසල පහර දෙමින් සහ පලා යමින් සිටින පුද්ගලයින් ඇතුළත් වීඩියෝවක් සමාජ මධ්‍යයේ සංසරණය වෙමින් පවතී.  

අරාබි විරෝධී සටන් පාඨ කියමින්, ඊශ්‍රායල  හමුදා ජයග්‍රහණය පිණිස ජයඝෝෂා නගමින් ඇතැම් පිරිස් විරෝධතාවයේ නියැලෙන අයුරු දැක්වෙන එවැනි තවත් වීඩියෝවක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

 

D5JKJD4CH5NP7C67QIUCHFFZZE

අග්‍රාමාත්‍ය නෙතන්යාහු වෙත දුරකථන ඇමතුමක් ඔස්සේ කතා කළ නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය ඩික් ස්කූෆ් (Dick Schoof) පහරදීම්වලට සම්බන්ධ සියලු යුදෙව් විරෝධීන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බව පැවසීය.  

ඊශ්‍රායල ජනපති ඉසැක් හර්සොග් ( Isaac Herzog) සහ නෙදර්ලන්ත රජු විලියම් ඇලෙක්සැන්ඩර් (Willem-Alexander) අතරද දුරකථන කතා බහ සිදු විය. මෙම සිධියෙන් තමන් අතිශය කම්පාවට පත්ව ඇතැයි රජු විසින් ඊශ්‍රායල ජනපතිවරයා වෙත ප්‍රකාශ කර තිබේ.

 

6 facts about the dutch royals to impress your friends with 24 04 2020attachment නෙදර්ලන්ත රජු විලියම් ඇලෙක්සැන්ඩර්

දෙවන ලෝක යුද සමයේ නාසි බලකොටුවක්ව පැවති නෙදර්ලන්තයේ සිටි යුදෙව්වන් ආරක්ෂා කිරීමට අසමත් වූවාට සමාන සිදුවීමක් ප්‍රති නිර්මාණය වීමට ඉඩහැර බලා සිටීම කණගාටුවට කරුණක් බව රජු වෙත දන්වා සිටි ඊශ්‍රායල ජනපති, එය, ඉකුත් වසරේ ඔක්තෝබර 7 දා ඊශ්‍රායලයේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරය සිහි කැඳවීමක් බව බව ද ප්‍රකාශ කළේය.

"පසුගිය වසරේ ඔක්තෝබර් 7 දා සිට සිහිනෙනුදු අප යළි දැකීමට නොපැතූ සිදුවීමක කම්පනය දනවන වීඩියෝ දර්ශන පෙළක් නැවත අප හමුවේ දර්ශනය වීම අතිශය කණගාටුවට කරුණක්. මෙය ඇම්ස්ටර්ඩෑම් නගර මධ්‍යයේ සිදු වූ වත්මන් ඊශ්‍රායල සංහාරයක්," යනුවෙන් ඔහු සිය එක්ස් ගිණුමේ (X) සඳහන් කර ඇත.


නෙදර්ලන්ත භූමිය මත මෙවැනි ගැටුමක් සිදුවීමට ඉඩ හැරීම පිලිබඳ ලැජ්ජාවට පත් වන බව එරට රජයේ විශාලතම පක්ෂයේ මුස්ලිම් විරෝධී දේශපාලනඥයකු වන විල්ඩර්ස් (Wilders) ද  සිය එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර  ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි. සාපරාධකාරී මුසල්මානුවන් වාහා එරටින්  පිටුවහල් කළ යුතු බව එහි සඳහන් වේ.

 



තරගාවලිය සඳහා මකාබි ටෙල් අවිව් පාපන්දු ක්‍රීඩා ලෝලීන් 3000කට අධික සංඛ්‍යාවක් පසුගිය දින කිහිපය තුළ ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණි තැන් සිට නව ගැටුම් ආරම්භ වූ බව පොලිසිය පවසයි.

යුදෙව් විරෝධී සටන් පාඨ කියමින් ඊශ්‍රායල ජාතිකයින් වෙත ප්‍රචණ්ඩත්වය මුදා හැරීමෙන් අනතුරුව, ප්‍රහාරකයින් සිය භීෂණ ක්‍රියා ඇතුළත් වීඩියෝ දර්ශන, සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට කටයුතු කර ඇතැයි  නෙදර්ලන්තයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය  කියයි.

නගරයේ ජන විරෝධතා තහනම් කර තිබූ ක්‍රීඩාංගණයක් වෙත බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කළ පලස්තීන හිතවාදීන් 62 දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.  ඉන් 10 දෙනකු ඊයේ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසු විය.

 

J2HY3ZQ5KBPHDHHPY4NOLXRZXA

ඊශ්‍රායලය විසින්  විසින් ගාසා තීරයේ සිදු කෙරෙන සමූල ඝාතන නතර කිරීමට ජාත්‍යන්තරය උනන්දු නොවන පසු බිමක මෙවන් හදිසි ගැටුම්  නිර්මාණය වීම අරුමයක් නොවේ යැයි, ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියකු වන සැමී අබු සුහ්රි (Sami Abu Zuhri ) පැවසීය.

මානව හිමිකම් පිලිබඳ අවධානය යොමු කොට, ඒ වෙත ගරු කරමින් දැන්වත්, ගාසා තීරයේ සිදු කෙරෙන ජන සංහාරය නතර කළ කර කලාපීය මෙන්ම, ගෝලීය ආරක්ෂාව සහ සාමය වහා තහවුරු කළ යුතු බවට මෙමගින් අවධාරණය කෙරෙන බව ඔහු රොයිටර්ස් පුවත් වෙත පැවසීය.


ගාසා යුද්ධය හේතුවෙන්, වත්මන, යුරෝපයේ, ඇමෙරිකාවේ සහ වෙනත් රටවල යුදෙව් සහ අරාබි ජාතිකයින් අතර ගැටුම් හටගෙන ඇති අතර, දෙපිරිසටම  අයත් ජන කොටස් ඉන් පීඩාවට පත්ව සිටිති.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Amsterdam bans protests after 'antisemitic squads' attack Israeli soccer fans

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...