එහි පාලක මණ්ඩලයේ ප්‍රධාන නඩු පැවරුම් නිලධාරී කරීම් ඛාන් (Karim Khan) ට එරෙහි ලිංගික අපචාර චෝදනා යටතේ එම පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
නෙදර්ලන්තයේ, හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය, හේග් අධිකරණය නමින් ද හැඳින්වේ. එහි සාමාජික රටවල් අතර මෑතකදී සංසරණය වූ පෙත්සමකින්, ඛාන් ට එරෙහි ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඉල්ලා ඇති අතර, එම පරීක්ෂණ නිම වනතෙක් ඔහුට සිය ධුරයෙන් ඉවත් වන ලෙසද බල කර සිටී.
කිසිදු අත්සනක් හෝ දින රහිතව නිකුත් කර ඇති එම ලිපිය, හේග් අධිකරණ කාර්ය මණ්ඩලය විසින්ම බෙදා හැර ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
පසු ගිය මස එහි පාලක මණ්ඩලය වෙත ද වාර්තා වූ එම චෝදනා, ඛාන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ පිලිබඳ අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන ලෙස ඔහු විසින් විශේෂ ඉල්ලීමක් ද සිදු කර ඇත. එහෙත්, ඉකුත් බ්‍රහස්පතින්දා (7) රැස් වූ එහි සාමාජික රටවල ඉහළ පෙළ හමුවකදී, ඒ පිලිබඳ බාහිර පරීක්ෂණයක් ඉල්ලා ඇතැයි රොයිටර්ස් පැවසීය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එරට ආරක්ෂක ප්‍රධානී සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගෙන හේග් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන ලෙස, ඛාන් විසින් ඉකුත් මැයි කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරු මඬුල්ලක් විසින් මේ දිනවල සමාලෝචනයක් සිදු කෙරෙමින් පවතී. එම ඉල්ලීම අලලා, සිය කාර්යාලය විසින් ම වැරදි තොරතුරු මත, තමාට එරෙහි චෝදනා එල්ල කර ඇතැයි, ඛාන් කියා සිටී.
ඛාන් ට එරෙහි චෝදනා එල්ල වූ මුල් කාලයේම, හේග් අධිකරණයේ ඒ පිලිබඳ ස්වාධීන සහ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතුව තිබූ බවට ද පෙත්සම මගින් කරුණු දක්වා තිබේ.
හේග් අධිකරණයේ ස්වාධීන මණ්ඩලයේ මීළඟ ප්‍රධානියා ඛාන්ගේ කාර්යාලයේ හිටපු සාමාජිකයකු බැවින්, සහ චෝදනාවට අදාළ ලියකියවිලි දැනටමත් පිටවී ඇති බැවින්, ප්‍රශ්නගත චෝදනාවේ වින්දිතයාට සාධාරණ අභ්‍යන්තර පරීක්ෂණයක් පිලිබඳ විශ්වාසයක් නැතැයි, තතු දත් ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කරයි.
අධිකරණය හෝ එහි ස්වාධීන මණ්ඩලය මෙතෙක්, ඒ පිලිබඳ කිසිත් ප්‍රකාශ කොට නැත.
චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර අවසන් වනතෙක්, නියෝජ්‍ය ප්‍රධානී වෙත රාජකාරී පවරා, ඛාන්ට සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්වන ලෙස, පෙත්සමින් බල කර තිබේ. එ
හෙත්, අධිකරණයේ පාලක මණ්ඩලය ඛාන් වෙතින් එවැනි ඉල්ලීමක් සිදු කර ඇද්දැයි, මෙතෙක් අනාවරණය වී නොමැත.
තනි පුද්ගල වශයෙන් එල්ල කෙරෙන ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා, මනුෂ්‍යත්වයට එරෙහි වෙනත් අපරාධ චෝදනා මෙන්ම, ජන සංහාර චෝදනා සහ සාමාජික රටවලට එරෙහි අපරාධ පසිඳලීම පිණිස වන තිරසර අධිකරණයක් ලෙස හේග් අධිකරණය පිහිටුවා තිබේ. එහි පාලක මණ්ඩලයේ වාර්ෂික රැස්වීම ලබන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතය.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Exclusive: ICC to investigate alleged misconduct by war crimes prosecutor, sources say
හේග් අධිකරණයේ පාලක මණ්ඩල ප්‍රධානියාට ලිංගික අපචාර චෝදනා
T
The Leader Desk
November 9, 2024 • 4:34 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) සිය ප්‍රධානියකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීමට සැරසේ.
- එහි සාමාජික රටවල් අතර මෑතකදී සංසරණය වූ පෙත්සමකින්, ඛාන් ට එරෙහි ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඉල්ලා ඇති අතර, එම පරීක්ෂණ නිම වනතෙක් ඔහුට සිය ධුරයෙන් ඉවත් වන ලෙසද බල කර සිටී.
- කිසිදු අත්සනක් හෝ දින රහිතව නිකුත් කර ඇති එම ලිපිය, හේග් අධිකරණ කාර්ය මණ්ඩලය විසින්ම බෙදා හැර ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
- ඒ පිලිබඳ අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන ලෙස ඔහු විසින් විශේෂ ඉල්ලීමක් ද සිදු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


