BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ඉන්දුනීසියානු නව ජනපතිගේ පළමු නිල සංචාරය චීනයට

T

The Leader Desk

November 10, 2024 • 8:33 AM

ඉන්දුනීසියානු නව ජනපතිගේ පළමු නිල සංචාරය චීනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනය සහ ඉන්දුනීසියාව අතර නව වෙළඳ සබඳතා තර කෙරේ. ඒ අනුව, ලිතියම්, නව බලශක්ති මෝටර් රථ, හරිත බලශක්ති සහ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය පිණිස සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව දෙරට විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.
  • පසුගිය මස, ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහුගේ පළමු විදේශ සංචාරය මෙයයි.
  • චීන ජනපති, ෂී ජින්පින්ග් සහ එරට සංචාරයක නියුතු ඉන්දුනීසියානු ජනපති, ප්‍රබෝවෝ සුබියන්තෝ අතර හමුවකින් අනතුරුව එම නිවේදනය නිකුත් කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

චීන ජනපති, ෂී ජින්පින්ග් සහ එරට සංචාරයක නියුතු ඉන්දුනීසියානු ජනපති, ප්‍රබෝවෝ සුබියන්තෝ අතර හමුවකින් අනතුරුව එම නිවේදනය නිකුත් කෙරිණි.

 

සුබියන්තෝ, අද සිට චීනයේ විශේෂ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරත වේ. පසුගිය මස, ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහුගේ පළමු විදේශ සංචාරය මෙයයි. නව ජනපතිවරයාගේ පළමු සංචාරය සඳහා චීනය තෝරා ගැනීම මගින්, දෙරට අතර උපාය මාර්ගික ද්වීපාර්ශ්වීය වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දුනීසියාව අපේක්ෂා කරයි.

th7

 

චීනය සහ ඉන්දුනීසියාව ශක්තිමත් ද්වීපාර්ශ්වීය සබඳතා ඔස්සේ ගෝලීය සංවර්ධනයේ නව මානයන් සොයා ඉදිරියට ඇදෙන බවත්, නව බලශක්ති ප්‍රභවයන්ගෙන් පණ ගැන්වෙන මෝටර් රථ, ලිතියම් බැටරි, සූර්ය බලය සහ ආලෝක ප්‍රභව ආශ්‍රිත බලශක්ති නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ගෝලීය ඩිජිටල් ආර්ථික සහ හරිත සංවර්ධන ක්ෂේත්‍රයන් බලගැන්වීමට අපේක්ෂා කරන  බවත්, එම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. දෙරට අතර පතල් කර්මාන්තය වැඩි දියුණු කිරීම කෙරෙහිද රාජ්‍ය නායක අවධානය යොමුව තිබේ.

කොවිඩ් - 19 පූර්ව වසංගත කාලීන ඉලක්ක ඉක්මවා යන පරිදි චීනය සහ ඉන්දුනීසියාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරේ, ඒ යටතේ, දෙරට අතර පුරවැසි බහු-ප්‍රවේශ දිගු කාලීන වීසා නිකුත් කිරීම, වැඩි සෘජු ගුවන් සේවා සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීම සහ වැඩි ඉල්ලුමකින් යුත් සංචාරක ආකර්ෂණයක් සහිත ගමනාන්ත වෙත නව ගුවන් සේවා ප්‍රවර්ධනය ද සිදු කෙරේ.

ඉන්දුනීසියානු ජනපතිගේ චීන සංචාරයේදී, නිවාස වැඩසටහන් සහ ඉන්දුනීසියාවෙන්, චීනයට පොල් අපනයනය සම්බන්ධ ගිවිසුම් ඇතුළු සහයෝගිතා-වෙළඳ ගිවිසුම් රැසකට ද අත්සන් තැබේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
China, Indonesia enhance ties with key deals on lithium, green energy, tourism


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දුනීසියානු නව ජනපතිගේ පළමු නිල සංචාරය චීනයට | The Leader