BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

යුක්‍රේනයෙන් මොස්කව් අගනුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්

T

The Leader Desk

November 10, 2024 • 4:22 PM

යුක්‍රේනයෙන් මොස්කව් අගනුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද යුක්‍ර්නය රුසියාවේ මොස්කව් අගනුවර වෙත දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.
  • 2022 රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව වෙත එල්ල වූ දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාරය මෙය වේ.
  • මොස්කව් දෙසට පියාසර කරමින් තිබූ ඩ්‍රෝන යානා 32ක්  රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් වෙඩි තබා විනාශ කළ  බව මොස්කව් නගරාධිපති, සර්ජි සොබ්යනින් ( Sergei Sobyanin) පැවසීය.
  • ප්‍රහාරය සිදුවන අවස්ථාවේ, දොමොදෙදෝවෝ (Domodedovo), ෂෙරෙමෙත්යෙවෝ (Sheremetyevo) සහ සුකොවෝ (Zhukovo) යන ගුවන්තොටුපොළට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානා සියල්ල වෙනත් ආරක්‍ෂිත මාර්ග ඔස්සේ හරවා යැවූ බව රුසියාවේ ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අවම වශයෙන් ඒ සඳහා ඩ්‍රෝන යානා 32ක් වත් සහභාගී වූ බව වාර්තා වේ. 2022 රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව වෙත එල්ල වූ දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාරය මෙය වේ.

මොස්කව් දෙසට පියාසර කරමින් තිබූ ඩ්‍රෝන යානා 32ක්  රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් වෙඩි තබා විනාශ කළ  බව මොස්කව් නගරාධිපති, සර්ජි සොබ්යනින් ( Sergei Sobyanin) පැවසීය.

ප්‍රහාරයෙන් සැලකිය යුතු හානියක් සිදු වී නැතැයි වාර්තා වේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ, දොමොදෙදෝවෝ (Domodedovo), ෂෙරෙමෙත්යෙවෝ (Sheremetyevo) සහ සුකොවෝ (Zhukovo) යන ගුවන්තොටුපොළට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානා සියල්ල වෙනත් ආරක්‍ෂිත මාර්ග ඔස්සේ හරවා යැවූ බව රුසියාවේ ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය පවසයි.

මොස්කව් නුවරට ආසන්න ඉහළ අහසේ ඩ්‍රෝන යානා රැසක් ඔබ මොබ සැරිසරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ දුටු බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රී රුසියාව යුක්‍රේනයේ ඔඩෙසා  (Odesa) වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයල්කින් දෙදෙනකු තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරයෙන් ගොඩනැගිලි කිහිපයක්ද විනාශ විය.  

විනාශයට පත් ගොඩනැගිලි ඉදිරිපිට යුක්‍රේන ගිනි භටයින් යුහුසුළුව ක්‍රියාත්මක වන අන්දම දැක්වෙන රූප රාමු පෙළක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Ukraine attacks Moscow with 32 drones, biggest strike on the Russian capital


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුක්‍රේනයෙන් මොස්කව් අගනුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් | The Leader