BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

'හිස්බුල්ලා ත්‍රස්තවාදීන් පරාදයි' - ඊශ්‍රායල නව ආරක්ෂක ඇමති

T

The Leader Desk

November 11, 2024 • 9:04 AM

'හිස්බුල්ලා ත්‍රස්තවාදීන් පරාදයි' - ඊශ්‍රායල නව ආරක්ෂක ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පරාජය කර ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කාට්ස් (Israel Katz) ඊයේ (10) පැවසීය.
  • දැන් එළැඹ ඇත්තේ ජයග්‍රහණයේ ඵල නෙලා ගැනීම යැයි ඔහු කියයි.
  • ඊශ්‍රායලයට ඇති තරම් උගත් පාඩම් ඇති බැවින්, ලෙබනනයේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගැසීමට අවශ්‍ය නැතැයි ද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා ඝාතනය, එහි කූට ප්‍රාප්තිය බව ඔහු සඳහන් කළේය. දැන් එළැඹ ඇත්තේ ජයග්‍රහණයේ ඵල නෙලා ගැනීම යැයි ඔහු කියයි.

ඊශ්‍රායලයට ඇති තරම් උගත් පාඩම් ඇති බැවින්, ලෙබනනයේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගැසීමට අවශ්‍ය නැතැයි ද ඔහු පැවසීය. එහෙත්, ජාත්‍යන්තරය සමග මෙම අවස්ථාවෙන් දේශපාලනික වශයෙන් විපුල ඵල නෙලා ගැනීමට නම්, දැන් ලෙබනනයද, ලොව ඊශ්‍රායල මිත්‍ර සන්ධානය අතරට පිවිසිය යුතු බවද ඔහු පැවසීය. 

ඉකුත් 05 දා, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එරට ආරක්ෂක අමාත්‍ය, යෝව් ගැලන්ට් එම ධුරයෙන් ඉවත් කර ආරක්ෂක කටයුතු පිලිබඳ එතරම් 'දැනුම් තේරුම්' නැති විදේශ අමාත්‍ය, ඉශ්‍රයෙල් කාට්ස් නව ආරක්ෂක අමාත්‍ය ලෙස පත් කළේය. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Israel Defence Minister Katz says Israel has defeated Hezbollah


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...