BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

භූතානය මනස් සුවතා නගරයක් ඉදි කිරීමට සැරසේ

T

The Leader Desk

November 12, 2024 • 11:09 AM

භූතානය මනස් සුවතා නගරයක් ඉදි කිරීමට සැරසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දළ ජාතික සතුටු දර්ශකය පිළිබඳ සංකල්පය ලොවට හඳුන්වාදුන්, හිමාලයීය බෞද්ධ රාජ්‍යයක් වන භූතානය, 'මනස් සුවතා' නගරයක් ඉදිකිරීමට සැරසේ.
  • එය, ගෙලෙෆු මනස් සුවතා නගරය (Gelephu Mindfulness City - GMC) ලෙස නම් කර තිබේ.
  •   වෙනම සාමාජික නීති සහ ව්‍යවස්ථාපිත නෛතික පද්ධතියකින් සමන්විත එය, එරට, දකුණු ආසියාව සහ අග්ණිදිග ආසියාව සමග යා කෙරන විශේෂිත ආර්ථික කොරිඩෝවක් ලෙස ඉදි කෙරේ.
  • භාවනානුයෝගීව රැඳී සිටීම සහ මානසික ඉහිල් බව පතා නගරයේ පුළුල් හරිත අවකාශ නිර්මාණය කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම අධිෂ්ඨාන පූර්ව ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිණිස අරමුදල් රැස් කිරීම ඊයේ (11) ඇරඹිණි.

එය, ගෙලෙෆු මනස් සුවතා නගරය (Gelephu Mindfulness City - GMC) ලෙස නම් කර තිබේ.  

වෙනම සාමාජික නීති සහ ව්‍යවස්ථාපිත නෛතික පද්ධතියකින් සමන්විත එය, එරට, දකුණු ආසියාව සහ අග්ණිදිග ආසියාව සමග යා කෙරන විශේෂිත ආර්ථික කොරිඩෝවක් ලෙස ඉදි කෙරේ.    

 

කාබන් විමෝචන හර කිරීමේ අරමුණින් නව නගරය තුළ පා ගමන් සහ පා පැදි භාවිතය ප්‍රචලිත කෙරේ.
කාබන් විමෝචන හර කිරීමේ අරමුණින් නව නගරය තුළ පා ගමන් සහ පා පැදි භාවිතය ප්‍රචලිත කෙරේ.

භාවනානුයෝගීව රැඳී සිටීම සහ මානසික ඉහිල් බව පතා නගරයේ පුළුල් හරිත අවකාශ නිර්මාණය කිරීමට නියමිතය.  


තවද, එමගින් මනස් සුවතාවය අරමුණු කොට ගත් අධ්‍යාපනික, සාමාජික, මෙන්ම, සෞඛ්‍යාරක්ෂක වැඩසටහන් සඳහා වැඩි ඉඩක් වෙන් කෙරේ.  

සුවතා මධ්‍යස්ථාන සහ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය ද එහි වෙනත් අරමුණු අතර වේ.

 taktshang goemba temple cliff mo 850x595


වර්ග කිලෝ මීටර 2500 ක ට අධික භූමියක, ඉන්දියානු දේශ සීමාවට යාබද ව ඉදි කිරීමට සැලසුම් කර ඇති මෙම නගරයෙහි මූල්‍ය ව්‍යාපාර, සංචාරක කර්මාන්තය, හරිත බලශක්තිය, තාක්ෂණය, ශරීර සුවතා හා සෞඛ්‍යාරක්ෂක, කෘෂිකාර්මික, ගුවන් සේවා, සේවා සැපයුම්, අධ්‍යාපන සහ අධ්‍යාත්මික ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජන අවස්ථා ද නිර්මාණය කර තිබේ.

නව නගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් සහ අනෙකුත් මූලික යටිතල පහසුකම් ඉදි කිරීම වෙනුවෙන්, අනේවාසික භුතාන වැසියන්ගෙන් මූල්‍යාධාර පතා ඊයේ, එරට විශේෂ රාජ්‍ය වැඩසටහනක් ද ආරම්භ විය.

භූතාන ස්වෛරී සංවර්ධන ආයතනය මගින් ආරම්භ කර ඇති එම වැඩසටහන මගින්, විදෙස් රටවල සේවයේ නියුතු භූතාන වැසියන්ට විශේෂ අනේවාසික ස්ථාවර ගිණුම් වැඩසටහනක් ඔස්සේ ඊට දායක වීමේ අවස්ථා උදාකර තිබේ. එය යහපත් මූල්‍ය ආයෝජනයකට මග පාදනවා පමණක් නොව, වඩා යහපත්, සහ සිත් පහන් කෙරෙන රටක් ලෙස මව්බිම සංවර්ධනයට දායකත්වය ලබාදීම පිණිස, එරට පුරවැසියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බව වැඩසටහන භාර ගෙලේෆු ආයෝජන සහ සංවර්ධන සංස්ථාවේ (Gelephu Investment and Development Corporation) ප්‍රධාන විධායක නිලධාරී උජ්වාල් දහල් (Ujjwal Dahal) පවසයි.

 

unnamed 17
මෙම නව නගර නිර්මාණයට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මූල්‍ය වත්කම් සොයා යාම සඳහා, දස වසරක 'ජාතිය ගොඩනැගීමේ බැඳුම්කාරයක්' නිකුත් කෙරෙන බව, එහි නිල වෙබ් අඩවියේ සඳහන් වේ. එහෙත්, තනි පුද්ගල වශයෙන් එම බැඳුම්කර නිකුත් නොකෙරෙන බව රජය පවසයි.

ලක්ෂ අටකට ආසන්න ජනගහනයක් සහිත භූතානය පසුගිය කොවිඩ් - 19 වසංගතයෙන් ඉමහත් පීඩාවට පත්විය. ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක එරට ආර්ථිකය  විදේශාධාර, ජල විදුලි උත්පාදනය සහ සංචාරක කර්මාන්තය මත බෙහෙවින් රඳා පවතී.

2022 භූතානයේ තරුණ විරැකියාව 30%ක් විය. ඒ හේතුවෙන් බොහෝ තරුණ පිරිස් රැකියා සොයා විදෙස් ගත වූහ. ඉන් වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.

 

passangers2022 භූතානයේ තරුණ විරැකියාව 30%ක් විය. ඒ හේතුවෙන් බොහෝ තරුණ පිරිස් රැකියා සොයා විදෙස් ගත වූහ.
භූතානයේ නව මනස් සුවතා නගරය වසර 21කින් ඉදිකර නිම කිරීමට අපේක්ෂිතය. එහි මාර්ග, පාලම්, ගුවන් තොටුපොළ, නිවාස, පාසල්, රෝහල් සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන පුද්ගලික අංශයේ ආයෝජනය යටතේ ඉදි කෙරේ.  

නගරය ඉදි කර අවසන් කිරීමෙන් පසු, පළමු වසර 7-10 තුළ, එහි 150,000 ක පිරිසක්  පදිංචි කිරීමට නියමිතය.  

495ba75297ac2cb50121c5dd7b8a7ed4 From abc net au

නගරය මුළුමනින්ම, එරට රජු ඛේසාර් නම්ග්යල් වන්ග්චුක් ගේ සංකල්පයක් යටතේ  බෞද්ධ අධ්‍යාත්මික උරුමයට අනුව ඉදි කෙරේ. එය භූතානයේ බෞද්ධ උරුමය සහ සංස්කෘතිය පදනම්ව, ලොව ප්‍රථම කාබන් විනිර්මුක්ත නගරය ලෙස ඉදි කිරීමට නියමිතය.

එරට ප්‍රධාන වෙළඳ පාර්ශ්වකරුවා වන ඉන්දියාව මෙම ව්‍යාපෘතියට පූර්ණ සහයෝගය දක්වයි. ඒ අනුව, ඉන්දියානු ප්‍රවාහන මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතිය, භූතානයේ නව නගරය තෙක් පුළුල් කෙරේ.

ව්‍යාපෘතිය අංග සම්පූර්ණ ලෙස ඉදි කර නිම කිරීමෙන් පසු, එය කලාපයේ ජාත්‍යන්තර ආයෝජනයෙන් යුත්  තරගකාරී නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Buddhist Bhutan to build 'mindfulness city' to woo investment, create jobs

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...