BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ඊශ්‍රායල අගමැති හිස්බුල්ලා පේජර පිපිරවීමේ වගකීම පිළිගනී

T

The Leader Desk

November 12, 2024 • 12:56 PM

ඊශ්‍රායල අගමැති හිස්බුල්ලා පේජර පිපිරවීමේ වගකීම පිළිගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සතු සන්නිවේදන පේජර තොගයක් පසුගිය සැප්තැම්බර් මස දුරස්ථව පුපුරා යාමට සැලැස්වීමේ ලොව නවතම සයිබර් ප්‍රහාරය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනුමත කළේ යැයි, එම කාර්යාලයේ නිල ප්‍රකාශක ඔමේර් දෝස්ත්‍රී (Omer Dostri) විසින් ප්‍රකාශ කර තිබේ.
  •   පසුගිය සැප්තැම්බර් 17 දා, ලෙබනනයේ බීරුත් අගනුවරදී, හිස්බුල්ලා සංවිධානය සන්තකයේ තිබූ සන්නිවේදන පේජර දහස් ගණනක් හදිසියේ පුපුරා ගියේය.
  •   ප්‍රහාරයට පසු දින ඔවුන් සතු ගමන් කථන උපකරණ තොගයක් ද ක්‍රියාත්මක වීමේදී පුපුරා ගියේය.
  • එම ප්‍රහාර දෙකින් ම හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ 39 දෙනකු මරුමුවට පත්ව, 3,400 ක් බරපතල තුවාළ ලැබූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායල හමුදා, මීට පෙර ඒ පිලිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වැළකී සිටියහ.

 

පසුගිය සැප්තැම්බර් 17 දා, ලෙබනනයේ බීරුත් අගනුවරදී, හිස්බුල්ලා සංවිධානය සන්තකයේ තිබූ සන්නිවේදන පේජර දහස් ගණනක් හදිසියේ පුපුරා ගියේය. ලැබෙන ඇමතුමක් පිලිබඳ 'බීප්' නාදය නිකුත්වීමත් සමග එම පේජර සියල්ල පිපිරීමට ලක් විය. එම සංවිධානය සිය ඉතිහාසයේ ලද ප්‍රබලම ආරක්ෂක පරිහානිය එයයි.

 

ප්‍රහාරයට පසු දින ඔවුන් සතු ගමන් කථන උපකරණ තොගයක් ද ක්‍රියාත්මක වීමේදී පුපුරා ගියේය. එම ප්‍රහාර දෙකින් ම හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ 39 දෙනකු මරුමුවට පත්ව, 3,400 ක් බරපතල තුවාළ ලැබූහ. ඒ සියළු දෙනාගේ ඇස්, අතැඟිලි සහ උදරය අශ්‍රිතව බරපතල තුවාළ සිදු වී තිබිණි. 

ප්‍රහාරයේ වගකීම තමා පිළිගන්නා බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසුගිය දා කැබිනට් රැස්වීමකදී පැවසී යැයි එරට මාධ්‍ය විසින් දැන්, ප්‍රකාශ කොට තිබේ.

 

හොඳයි, අපි සලකා බලන්නම්' - ඊශ්‍රායලය කියයි

ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානීන් සහ ඇතැම් දේශපාලකයින් සිය සැලැස්මට විරෝධය පෑ මුත්, එම විරෝධතා නොසලකා, ඔහු එම මෙහෙයුම දියත් කිරීම අනුමත කළේ යැයි නෙතන්යාහු එහිදී ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Netanyahu approved pager attacks against Hezbollah, spokesman says


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායල අගමැති හිස්බුල්ලා පේජර පිපිරවීමේ වගකීම පිළිගනී | The Leader