BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ලෙබනනයට දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර - හිස්බුල්ලා වෙතින් ඊශ්‍රායලට ඩ්‍රෝන ප්‍රහාරයක්

T

The Leader Desk

November 13, 2024 • 4:47 AM

ලෙබනනයට දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර - හිස්බුල්ලා වෙතින් ඊශ්‍රායලට ඩ්‍රෝන ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය විසින් ඊයේ (12) ලෙබනනයට යළිත් වරක් දරුණු ගුවන් ප්‍රහාර එල්ල කළේය. ලෙබනනයේ බීරුත් අගනුවර දකුණු තදාසන්න පෙදෙස් වෙත එම ප්‍රහාර එල්ල කර තිබේ.
  • හිස්බුල්ලා පාලන ප්‍රදේශයකට එල්ල කළ එම ප්‍රහාරවලින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
  • ඊයේ මධ්‍යාහ්නය එළැඹෙත්ම, දකුණු බීරුත් වෙත, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර 'දුසිම් ගණනින්' එල්ල වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි .
  •   සමාජ මාධ්‍ය ඔස්සේ සිවිල් ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව එල්ල කළ එම ප්‍රහාර වලින්, දහියේ ප්‍රදේශයේ හිස්බුල්ලා අවි සහ මිසයිල ගබඩා විනාශ කළ බව, ඊශ්‍රායල හමුදා පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

මෑතකදී ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ත්‍රස්තවාදීන් ඉලක්ක කොට එල්ල කරන ලද දරුණුතම මධ්‍යාහ්න ප්‍රහාරය මෙය වේ. හිස්බුල්ලා පාලන ප්‍රදේශයකට එල්ල කළ එම ප්‍රහාරවලින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඊයේ මධ්‍යාහ්නය එළැඹෙත්ම, දකුණු බීරුත් වෙත, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර 'දුසිම් ගණනින්' එල්ල වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

 

සමාජ මාධ්‍ය ඔස්සේ සිවිල් ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව එල්ල කළ එම ප්‍රහාර වලින්, දහියේ ප්‍රදේශයේ හිස්බුල්ලා අවි සහ මිසයිල ගබඩා විනාශ කළ බව, ඊශ්‍රායල හමුදා පවසති. ප්‍රහාර සිදු කිරීමේදී සිවිල් වැසියන්ට වන හානි අවම කිරීමට පියවර ගෙන ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති. 

හිස්බුල්ලා ත්‍රස්තවාදීන් විසින් සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම හේතුවෙන් එම කාර්යය අති දුෂ්කර වී ඇතැයි එම හමුදා කියා සිටිති. හිස්බුල්ලා සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ අතර, ඊශ්‍රායලයේ නහරියා නගරයට එල්ල වූ ප්‍රහාරයකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සාමාන්‍ය ජනතාව පදිංචි ගොඩනැගිල්ලක් වෙත එම ප්‍රහාර එල්ල වී තිබේ. නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඊශ්‍රායල හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පසුව ප්‍රකාශ කළේය.

850344 0


ලෙබනන දේශය  මධ්‍යයේ පිහිටි මවුන්ට් ලෙබනන් ප්‍රාන්තය වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එහි ජෝවුන් ජනාවාසයට එල්ල වූ තවත් තවත් එවැනි ප්‍රහාරයකින් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

එරට දකුණුදිග ටෆහ්ටා වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් පස් දෙනෙක් මරුමුවට පත් වූ අතර නබාතියේ සිදු කළ භූමි ප්‍රහාර වලින් දෙදෙනකු මරණයට පත් විය. වෙරළබද ටයර් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් තවත් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Israeli strikes pound Lebanon, Hezbollah strikes back


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෙබනනයට දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර - හිස්බුල්ලා වෙතින් ඊශ්‍රායලට ඩ්‍රෝන ප්‍රහාරයක් | The Leader