BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

උතුරු කොරියාව සහ රුසියාව අතර ආරක්ෂක ගිවිසුමකින් හමුදා හුවමාරුවට දොර ඇරේ

T

The Leader Desk

November 13, 2024 • 8:50 AM

 උතුරු කොරියාව සහ රුසියාව අතර ආරක්ෂක ගිවිසුමකින් හමුදා හුවමාරුවට දොර ඇරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු කොරියාව සහ රුසියාව අතර පසුගිය මස අත්සන් තැබුණු අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමක්, උතුරු කොරියාව පසුගිය දා අනුමත කළේය.
  • දෙරට අතර  වර්ධනය වන ද්වීපාර්ශ්වීය ආරක්ෂක මිතුදම, ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති මොහොතක, මෙම නව පියවර ක්‍රියාවට නංවා තිබේ.
  • රුසියා - යුක්‍රේන යුද්ධයේදී, උතුරු කොරියාව විසින් රුසියාවේ සහායට සිය හමුදා භට පිරිස් දහස් ගණනින් යවා ඇතැයි දැන්, සාක්ෂි සහිතව අනාවරණය වී තිබේ.
  • පසුගිය ජුනි මස අත්සන් කළ ගිවිසුම ක්‍රියාවට නැංවීම පිණිස, උතුරු  කොරියානු නායක කිම් ජොන්ග් උන්, සඳුදා (11) සිය අත්සනින් නියෝග  නිකුත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ  අනුව, දෙපාර්ශ්වයෙන් ඕනෑම රටකට එල්ල වන සතුරු ප්‍රහාරයකදී අනෙක් රට උපකාර පිණිස ඉදිරිපත් වේ.

දෙරට අතර  වර්ධනය වන ද්වීපාර්ශ්වීය ආරක්ෂක මිතුදම, ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති මොහොතක, මෙම නව පියවර ක්‍රියාවට නංවා තිබේ. රුසියා - යුක්‍රේන යුද්ධයේදී, උතුරු කොරියාව විසින් රුසියාවේ සහායට සිය හමුදා භට පිරිස් දහස් ගණනින් යවා ඇතැයි දැන්, සාක්ෂි සහිතව අනාවරණය වී තිබේ.

 

wirestory 059d73e4c3492c19b555476b2fb45ca9 16x9උතුරු කොරියාව සහ රුසියාව අතර පසුගිය මස අත්සන් තැබුණු අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමක්, උතුරු කොරියාව පසුගිය දා අනුමත කළේය.

පසුගිය ජුනි මස අත්සන් කළ ගිවිසුම ක්‍රියාවට නැංවීම පිණිස, උතුරු  කොරියානු නායක කිම් ජොන්ග් උන්, සඳුදා (11) සිය අත්සනින් නියෝග  නිකුත් කළේය.

රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් ද එම ගිවිසුම නීතියක් සේ ක්‍රියාවට නැංවීම පිණිස අත්සන් තබා  තිබේ.  ඒ අනුව, දෙපසින් එක් රටක් යුද්ධයක හෝ  සතුරු ආක්‍රමණයක පැටලී ඇති මොහොතක, අනෙකා  විසින්, සිය උපරිම සම්පත්  මිත්‍ර දේශය වෙත වහා සහාය පිණිස පිටත් කර යැවිය යුතුය.

N korean army 241029මේ වන විට, 10,000 කට අධික උතුරු කොරියානු හමුදා භට පිරිසක් රුසියාවේ රැඳී  සිටින බව දකුණු කොරියාව, එක්සත් ජනපදය සහ යුක්‍රේනය විසින් තහවුරු කර තිබේ.

මේ වන විට, 10,000 කට අධික උතුරු කොරියානු හමුදා භට පිරිසක් රුසියාවේ රැඳී  සිටින බව දකුණු කොරියාව, එක්සත් ජනපදය සහ යුක්‍රේනය විසින් තහවුරු කර තිබේ.

 



(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

North Korea ratifies mutual defence treaty with Russia

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...