BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

කිව් අගනුවරට රුසියානු මිසයිල ප්‍රහාරයක්

T

The Leader Desk

November 13, 2024 • 12:06 PM

කිව් අගනුවරට රුසියානු මිසයිල ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද උදෑසන රුසියාව, යුක්‍රේනයේ කිව් (Kyiv) අගනුවරට දරුණු මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
  •     මිසයිල ප්‍රහාරය, රුසියානු යුද ගුවන් යානා සහභාගිත්වයෙන් සහ බැලස්ටික් මිසයිල යොදා ගනිමින් සිදු කර ඇත.
  • එය ඩ්‍රෝන ප්‍රහාරයක් බව එම කාර්යාලය මුලින් නිවේදනය කර සිටියේය.
  •   ඉකුත් සති කිහිපය පුරාම කිව් අගනුවර, රුසියානු රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්වෙමින් පැවතියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිලිබඳ මෙතෙක් නිශ්චිත තක්සේරුවක් සිදු කර නැතත්, ඉන් පුද්ගලයින් සත් දෙනකු ජීවිතක්ෂයට පත්ව, රට පුරා බලශක්ති නිෂ්පාදනාගාර රැසක්ද විනාශව ඇතැයි වාර්තා වේ.    

මිසයිල ප්‍රහාරය, රුසියානු යුද ගුවන් යානා සහභාගිත්වයෙන් සහ බැලස්ටික් මිසයිල යොදා ගනිමින් සිදු කර ඇත. මීට පෙර, ඒ වෙත අවසන් මිසයිල ප්‍රහාරයක් එල්ල කෙරුනේ පසුගිය අගෝස්තු මසය.

" මේ මොහොතේ පුටින්, යුක්‍රේනයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් සිටී," යනුවෙන් එරට ජනපති කාර්යාල ප්‍රධානී ඇන්ඩ්‍රි යර්මැක් (Andriy Yermak) ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. එය ඩ්‍රෝන ප්‍රහාරයක් බව එම කාර්යාලය මුලින් නිවේදනය කර සිටියේය.

851577 0

 

ඉකුත් සති කිහිපය පුරාම කිව් අගනුවර, රුසියානු රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්වෙමින් පැවතියේය. අද උදෑසන මුළුල්ලෙහි ද එහි ඩ්‍රෝන යානයක් පියාසර කරමින් පැවති  බව නගරාධිපති විතාලි ක්ලිට්ස්ච්කෝ (Vitali Klitschko) ප්‍රකාශ කළේය. 

එරට බලශක්ති පද්ධතිය වෙත කොයි මොහොතේ හෝ රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කෙරෙතැයි පසුගිය කාලය පුරාම යුක්‍රේනය බියෙන් පසු විය. අද ප්‍රහාරයත් සමග, අධික විදුලි පරිභෝජනයක් සහිත රටක් වශයෙන්, ඉදිරි ශීත සෘතුවේදී ගැටළු රැසකට මුහුණ පෑමට එරටට සිදුවනු ඇත.

 

rus5645

නගරයට නිරන්තරව එල්ලවන රුසියානු රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාර හමුවේ, බොහෝ දින, නිදිවර්ජිතව ගත කිරීමට සිදුව ඇතැයි නගර වාසීහු පවසති. ඩ්‍රෝන ප්‍රහාර පිලිබඳ පූර්ව අනතුරු නලා හඬ නගරයේ රාත්‍රී අහස පුරා දෝංකාර දෙමින් ඇදී යන බවත්, ඉන් පසු, ඒ පිලිබඳ දිගින් දිගටම දුරකථන කෙටි පණිවුඩ ගලා එන බවත් ඔවුහු පවසති.

නගරයේ මිසයිල පිපුරුම් සිදුවෙමින් ඇති බවත්, ගුවන් ආරක්ෂක බලකා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙසත් නාගරික පරිපාලනය විසින් මහජනතාව වෙත දැනුම් දී තිබේ.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Blasts in Kyiv as Russia stages first missile attack since August, Ukraine says


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...