BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

හේග් අධිකරණයේ 'අන්තෝ ජටා බහි ජටා'

T

The Leader Desk

November 14, 2024 • 4:54 AM

හේග් අධිකරණයේ 'අන්තෝ ජටා බහි ජටා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර අධිකරණයේ අපක්ෂපාතීත්වය පිලිබඳ ඊශ්‍රායලය ප්‍රශ්න කර සිටී.
  •   ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) හෙවත් නෙදර්ලන්තයේ හේග් අධිකරණය, සිය ප්‍රධානියකුට එරෙහිව ලිංගික අපචාර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට සැරසෙන බව පසුගිය දා අනාවරණය විය.
  •   මානව සංහාර අපරාධ චෝදනා මත අග්‍රාමාත්‍ය නෙතන්යාහු, එවක ඔහුගේ ආරක්ෂක අමාත්‍යවරයා සහ හමාස් ප්‍රධානීන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉකුත් මැයි මස ඛාන් විසින් ජාත්‍යන්තර අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කෙරිණි.
  • ඔහු විසින් නම් කරන ලද හමාස් නායකයින් තිදෙනාම මේ වන විට ඝාතනය වී ඇතැයි විශ්වාස කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව වරෙන්තු නිකුත් කළ යුතුද, නැද්ද යන්න විනිශ්චය කිරීම පිණිස ජාත්‍යන්තර අධිකරණය විසින් නම් කරන ලද විනිසුරුවරියක සම්බන්ධයෙන් එම, නවතම ප්‍රශ්නගත අර්බුදය පැන නැගී තිබේ.

ගාසා තීරයේ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නෙතන්යාහු, එවකට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ තවත් හමාස් නායකයින් තිදෙනකු  අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන නඩු පැවරුම් නිලධාරී, කරීම් ඛාන් (Karim Khan) විසින්, පසුගිය මැයි මස එම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

අදාළ ඉල්ලීම ඉටු කිරීමට ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරු මඬුල්ලක අනුමැතිය අවශ්‍ය වේ. එහෙත්, ඊට එරෙහි ඊශ්‍රායල විරෝධතා හමුවේ, විනිසුරු තීරණය ප්‍රමාද විය. 

ඒ හමුවේ, වරෙන්තු නිකුත් කිරීම පිලිබඳ සමාලෝචනය කරන ත්‍රිපුද්ගල විනිශ්චය සභාවේ සාමාජික රොමේනියානු විනිසුරු ඉයුලියා මොටොක් (Iulia Motoc) සෞඛ්‍ය හේතූන් මත පසුගිය දා ඉන් ඉවත් වීමට ඉල්ලා සිටියාය. එම පුරප්පාඩුවට ස්ලෝවේනියා ජාතික විනිසුරුවරියක වන බෙටී හොහ්ලෙර් (Beti Hohler) පත් කෙරිණි.  

එහෙත් ඇය, පසුගිය දෙසැම්බරයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියක ලෙස පත්වීම් ලැබීමට පෙර, එහි ප්‍රධාන නඩු පැවරුම් නිලධාරී ඛාන් යටතේ  සේවය කළ තැනැත්තියක බව ඊශ්‍රායල නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව, රොයිටර්ස් පුවත් සේවය අද නිවේදනය කළේ.

 

GettyImages 2150424857 1024x710

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) හෙවත් නෙදර්ලන්තයේ හේග් අධිකරණය, සිය ප්‍රධානියකුට එරෙහිව ලිංගික අපචාර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට සැරසෙන බව පසුගිය දා අනාවරණය විය. එහි පාලක මණ්ඩලයේ ප්‍රධාන නඩු පැවරුම් නිලධාරී කරීම් ඛාන් (Karim Khan) ට එරෙහිව  ලිංගික අපචාර චෝදනා යටතේ එම පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

ඊශ්‍රායල හමුදා ඉවත් වන තෙක්, එකද ප්‍රාණ ඇපකරුවකු හෝ නිදහස් කරන්නේ නෑ" -  හමාස් සංවිධානය

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එරට හිටපු ආරක්ෂක අමාත්‍ය සහ හමාස් නායකයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන හේග් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන ලෙස, තමා විසින් ඉකුත් මැයි මස  කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරු මඬුල්ලක් විසින් සිදු කෙරෙන සමාලෝචනයක් අලලා, සිය කාර්යාලය විසින්ම සාවද්‍ය තොරතුරු මත, දින වකවානු සහ අත්සන් රහිත පෙත්සමක් මගින්, ඔහුට  එරෙහි චෝදනා එල්ල කර ඇතැයි, ඛාන් පසුගියදා ප්‍රකාශ කළේය. 

ඒ අනුව, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ, අග්‍රාමාත්‍ය නෙතන්යහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට තරම් හොහ්ලෙර් සතු අපක්ෂපාතීත්වය හෙළි කරන ලෙස, ඊශ්‍රායලය 'ගෞරවාන්විතව' ඉල්ලා සිටින්නේ යැයි, එරට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. 

ඇය නව ධුරයට පත්වීමට පෙර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන නඩු පැවරුම් නිලධාරී යටතේ සේවය කළ තැනැත්තියක වීම, විනිවිද භාවය පිලිබඳ යම් සාධාරණ සැකයකට තුඩු දෙන බවට අනෙකුත් අධිකරණ විනිසුරුවරුන් විසින් ද මත පල කර තිබේ.

 

GettyImages 2175952557 scaled e1731520408714

මානව සංහාර අපරාධ චෝදනා මත අග්‍රාමාත්‍ය නෙතන්යාහු, එවක ඔහුගේ ආරක්ෂක අමාත්‍යවරයා සහ හමාස් ප්‍රධානීන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉකුත් මැයි මස ඛාන් විසින් ජාත්‍යන්තර අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කෙරිණි. ඔහු විසින් නම් කරන ලද හමාස් නායකයින් තිදෙනාම මේ වන විට ඝාතනය වී ඇතැයි විශ්වාස කෙරේ.

උද්ගතව ඇති නවතම ගැටලුකාරී තත්ත්වය හමුවේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණ විනිසුරු මණ්ඩලය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම් පිලිබඳ තීරණය නිකුත් කිරීමේ නිශ්චිත දින වකවානු දින නියමියකින් තොරව කල් දමා ඇති මුත්, තවත් තෙමසක් ඇතුළත ඒ පිලිබඳ අවසන් තීරණ ලබා දීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Israel questions ICC judge's impartiality in Netanyahu arrest case

සබැඳි පුවත් :
හේග් අධිකරණයේ පාලක මණ්ඩල ප්‍රධානියාට ලිංගික අපචාර චෝදනා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හේග් අධිකරණයේ 'අන්තෝ ජටා බහි ජටා' | The Leader